නොකියා ආවා අපි පොර වුනා
කලර් ඩිස්ප්ලේ සිංදු එහෙම
තියෙන එවුන් තව පොර වුනා
පාට පාට ඒවා ආවා
හැමපාටම අපිත් ගත්ත
පාට එනව පාට යනව
පොරක් වෙනව පදිරි වෙනව
ඔන්න ආවා ස්මාට් ෆෝන්
සැම්සුන් හරි ලොකුයි කිව්ව
ලොකුම එව්ව අපිත් ගත්ත
කෙල්ලො පදිරි වෙන්න ගත්ත
ස්මාට් ෆෝන් අතට ආවා
හෑන්ඩ්ස් ෆ්රී එක කනට ආවා
බස් වල අපි පොරක් තමා
බම්බා ගිහින් ගෙදර එද්දී
කෑලි දෙකක්වත් ගසා
ඈත රටෙන් ඇපල් ෆෝන්
ෆෝ, ෆයිව්, සික්ස් කොළඹ ආවා
තකහනියක් නයක් අරන්
අයි ෆෝන් සික්ස් අතට ගත්ත
කෑලි එහෙම නෝර්මල් දැන්
අක්කි, ඇන්ට, නංගි ෂුවර්
බ්‍රෑන්ඩඩ් කලිසමකුයි
තාත්තාගෙන් නයක් අරන්
වොච් එකකුත් අතට දැම්ම
ඇපල් එකත් පුකනෙ දෙන්නේ
සෙවන් කියල එකක් හදල
ගොඩ දාගත් කෑලි අවුල්
දැන් ගනින්කො ආයේ නයක්
දේවල් නං එනව යනව
පොර හීනය ඒ දේවල්
එක්ක ඔහේ ගහං යනව
අපිට අපිව නැති වෙලා
අපිට ලොවෙත් ඕනෙම නැති
අපිට ලොවෙත් අදාල නැති
හීන ගොඩක් හීන වෙලා
මාර්කට් එක පෙන්නනවා
අපිත් ඒවා අරගන්නව
එයත් අරන් මෙයත් අරන්
ඉතිං මමත් ගන්න එපැයි
ගත්ත ගමන් හරිම ලොකුයි
ඒත් තාවකාලිකයි
පොරක් වෙන්න මාර්කට් එක නැතිව අපිට බැරිමද බං!
No comments:
Post a Comment