Wednesday, 25 November 2020

I always loved you

fellow human

——————
why you try to fuck me
when I am being so innocent
you know what is innocence?
that is caring
that is respecting
so that is accepting
I do hear what you do not speak
I know things you talk behind me
I know how you judge me
because I listen to your heart
it says everything about you
I can hear
it is full of fear
I know what you meant
how you move your eyes
your lips and
the way you talk
your gesture
and your texture
I always knew it
I know you wanna kiss me
or marry me? sleep with me?
or you wanna kill me?
how much you hate me?
jealousy or what?
you love my fingers?
oh you love my eyes?
just tell me
just tell me
tell me
you never knew
how much I cried
because of you
because I was smiling
laughing with tears
letting you to bully me
have fun on me
maybe I never killed you
though I always wanted
because I always loved you
————————————-
post birthday
~ arjumann

Tuesday, 10 November 2020

thoughts on edge

 thoughts on edge

___________________

the reasons
why you are not suiciding
must be the very reasons
you must live for
with that energy,

either you can create yourself
or destruct yourself
for now,
I chose to be the creation

~ arjumann

Friday, 30 October 2020

Justice!

 justice is not simply judging

————————————— •
wrong by right
right by wrong
there is nothing called
wrong or right
it is so much relative!
the ultimate justice
is for the truth
truth can be found
only within yourself
truth is universality
if you are guilty on truth
you are punished
if you are not guilty on truth
you are lived
listen to your heart
you are naturally moral!
~ arjumann

Tuesday, 27 October 2020

If you say ‘I accept you’ as you are

 it’s coming over sky

let’s hold for a while
oh my love
this time is our time
the storm was at night
oh my life
I feel there is God
in you and me now
so
my life could be miracles
If you say ‘I accept you’ as you are
oh my life.
~ arjumann

Sunday, 25 October 2020

Mail from Heaven

 deepest end

_________________________
thank you for your mail
everything is fine here
everything is clear
like crystal water
when things are clear
the deep end is perfectly visible
I am just looking at the deepest end
It is so beautiful
so, I am being peaceful!
_________________________
everything is changing
slowly
sometimes
very rapidly
like the atoms
like the universe
like our bodies
this whole nature
I am just moving with it
I let it happens!
___________________________
never control the change
enemies become friends
friends become enemies
heroes become jokers
jokers become heroes
dictators become slaves
slaves become dictators
beauty becomes ugly
ugly becomes beauty
old becomes young
young becomes old
let it changes!
______________________________________________
truth is like a ball, attached to the deep end, when it is released, it is coming to the surface
I am happily looking at the ball
truth is like a stone, no matter how you throw up, it is coming to the earth, because of the gravity
I am happily looking at the stone
acceptance makes you healthy
ignorance makes you unhealthy
temptation kills you sweetly
self-control creates you greatly
if my students
decide to fight
with their fellow humans
to achieve “peace”
killing each other
in a blood pool
with full of hatred
with full of ignorance
he may probably win the war
but surely fails his life
so I never teach my students
“this is the only truth”
because I love them
I teach them
“truth can be found only within yourself”
not because I am master
not because I insist you
not because I am great
“truth can be found within yourself”
you always knew what was true
if someone dies because of you
you may suffer your whole life
with full of regrets
if someone lives because of you
you may enjoy your whole life
with full of happiness
_____________________________________
I accept anyone who bites me hard
because I know they are in pain
because they are trapped
I never go away from them
I wait
I wait
I wait
again I wait
until they accept me
to heal them!
——————
fear kills you
faith builds you
love fills you
lust thrives you
being old is “physical incapability”
being young is “physical capability”
if you are trapped in your mind
you are fail to touch your physical reality
If you are trapped in your physical reality
you are having a very bad time on your death bed
—————————————————————
I send you more love (Hugs, Kisses, Cuddle, Smile, Acceptance, Listening, Romance) with this mail. Give all those love to your wife. Accept herself, love herself, listen to her, wait for her, care herself, kiss herself like you used to do when you are a child.
Never let your child get killed
_________________________________________________
never leave music
you may ruin yourself
you have a call from God
wait for it
when it is ringing
answer it!
————————-
God is the creation
Evil is the destruction
create a better future
make yourself embraced
instead
worry about the past
make yourself embarrassed
I may not write to you for a very long time
and I will never talk these things verbally
front of each other
until you choose to listen
I am waiting for you to listen
your choice is free
you can choose the bad
you can choose the good
you know what is good
and you know what is bad
you are the God
you are the Evil
————————— •
choice is yours!
Lotsa Love ✉️
~ arjumann

Saturday, 20 June 2020

death and life


නුඹගේ නාමය සදා නොමියෙනු පිණිස
නුඹේ දොර ජනෙල් වල අගුල් ඇරපල්ලා
හැඩ හුලග, වැහි අකුණු, මදපවන
ඔන්න ඔහේ එන්න දීපං
ඔහේ හමා එනු ඇත
ඔහේ හමා යනු ඇත
එන්න දීපල්ල
පරණ දෑ ගහගෙන යන හැටි
අලුත් දෑ අලුතෙන් එන හැටි
බලා ඉදපල්ලා
සන්සුන්ව
තනියෙන්
මන්දිර අම්බලම් වනු ඇත
සදා නොපවතින
යන එන, ගරාවැටෙන, ආයෙත් හදාගන්න
තාවකාලිකත්වයේ සැනසිල්ල
සැබැවින්ම විදගන්න
නන්නාදුනන උන්ට
නුඹව තේරුං කරවන්න වෙහෙසක් කුමටද
නුඹේ අම්බලම සියල්ල පවසනු ඇත
වසා ගත් මන්දිර
උස තාප්ප
කරන්ට් වැටවල් නුඹට නොකියූ දෑ
කුඩු පට්ටං වුන
එහෙන් මෙහෙන් අමුණ ගත්ත
චප්ප චෝරු අම්බලම්
දේවල් තේරුං කරවනු ඇත
ඒ අවබෝධයෙන්
දවසක සතුටෙන්
සැනසිල්ලෙන්
පාලු අහසේ
තනියෙන් මියැදෙන්න
නුඹ ඇරියොතින් ජනෙල් වල හිර වෙච්ච අගුල්
පිටත වායුව, හිස් මන්දිරයට, ඉබේටම ගලා එනු ඇත
වැඩි තැන සිට අඩු තැනට සියල්ල ගලාගෙන යනු ඇත
ඉතුරු වූ දෑ, නුඹය
ගිය දෑ, නුඹ නොවේය
තවදුරටත් වෙන් කල නොහැකි
විනාශ කල නොහැකි
ඒකීය නුඹ
අම්බලමකි
අම්බලමෙන් නුඹ නික්මුනද
එය සදා පවතිනු ඇත.
සදාකල් සදානොමියෙන
ආත්ම නුඹ දිහා බලා
සුසුම් හෙළනු ඇත
මරණයෙන් එහා පැත්තෙ සිට
නුඹගේ නාමය සදා නොමියෙනු පිණිස
නුඹේ දොර ජනෙල් වල අගුල් ඇරපල්ලා

~ අර්ජුමාන්
තුනයි පනස් පහ ඒඑම්, විස්ස හය විස්ස

Monday, 30 March 2020

අපායේ හිනාවීම (ඕමානයේ (27.01.2016)

මා මේ ලිපිය ලියන්නේ ඕමානය නැමැති මැද පෙරදිගට අයත් වූ අපේ රටට වඩා සල්ලි තියෙන රටක ප්රධාන නගරයෙන් කිලෝමීටර 500ක් පමණ එපිටට වූ මසීරා නම් වූ දූපතක පාරක් අයිනට වූ කාමරයක සිටය. දැන් වේලාව සවස 5 පසු වී විනාඩි 20ක් පමණ වන අතර 5ට හරියටම වැඩ නිම වී කාමරයට ආ පසු ෆෝන් එක චාජ් වන තුරු කරන්නට මෙලෝ දෙයක් නැති හෙයින් මෙම ලිපිය ලියන්නට සිතුනි. මෙම ලිපියෙන් මෙලෝ යකෙක්ට තේරුමක් නැත. මෙම ලිපිය යම් කිසි දවසක මටම සිනහවක් ගෙන එන මතකයන් ගොන්නක් අවදි කරන්නක් පමණක් බව මම දනිමි.
මාගේ උපාධිය නිම කර පළවෙනි රැකියාව ලෙස ඕමානය නම් අරාබියේ රටක සේවය කිරීමට ලැබීම මහා වාසනාවක් බව මාගේ පවුලේ උදවිය හා මාගේ අනෙකුත් ආදරණීයන් සිතනා ලෙසම මම ද සිතන්නෙමි. එය සැබෑවකි. නමුත් එය මා සිතූ පරිදි මාර සැපක් නොවේ. මා මීට පෙර රැකියාවන් කර තිබුනද ඒ හැම එකක්ම මාස 6කට වඩා එක දිගට සේවය කිරීමට නොහැකි වූයේ මගේ දුර්වලතා නිසාද රැකියා ස්ථානයේ දුර්වලතා නිසාද මේ සිස්ටම් එකේ දුර්වලතා නිසාද වග හරිහැටි කීමට අපහසුය. කෙසේ හෝ එකම රැකියා ස්ථානයකවත් මා හරියට සේවය කරේ නැත. මට කොයි වෙලේත් සිතුනේ මේ මිනිස්සු විසින් මිනිස්සුන්වම හෙම්බත් කිරීමට, හුදෙක් කුඩා පිරිසකට ආතල් විදීමට මේ හදා ගත්ත සිස්ටම් එක වැරදිය සහ එයට මම ගැලපෙන්නේ නැති බවයි. ඕමානයට ඒමට ප්රධානම හේතුව වුයේ මාගේ පවුල වැටී ඇති ණය ගොහොරෙන් මාගේ තාත්තාව අම්මාව නංගීව සහ එකී පොදු ණය ගොහුරු වල පැටලී ඇති මාගේම ආදරණීයන්ව කුමන අයුරකින් හෝ කෙසේ හෝ ගොඩ දැමීමයි. ඕමානය දුටු විගසම මා හට මාරයි කියා හැගීමක් ඇති වූයේ නැත. මොකද ඕමාන් යනු, දූපතක ඉන්නා අහිංසක අප ටීවි එකෙන් දැකල තියෙන පිටරට නොවේ. කෙසේ හෝ මොන අකමැති දේ මට ලැබුනද මම කෙසේ හෝ ආපු ඉලක්කයට යන බව කොයිවෙලේත් මතුරන්න පටන් ගත්තෙමි. අලුත් රැකියා ස්ථානයට ගොස් සතියකින් නාන කාමරයට ගොස් ඉකි ගසා අඩන්නට වූයේ මෙලෝ රහක් නැති ඉන්දියන් බොස් මට කිවූ අවලාද කථා හේතුවෙනි. කෙසේ හෝ දවසින් දවස ගෙවී යද්දී දවසින් දවස අමුතුම අත්දැකීම් ජීවිතේට එකතු වන බව තේරුම් ගත් මා කොහොමහරි ගේම ගොඩ දාන බව අධිෂ්ඨාන කර ගත්තේ එකී අරමුණු ගැන සිතමින්ය. එම රැකියා ස්ථානය පාඩු ලබමින් දුවන, මෙලෝ රහක් නැති පරිපාලනයක් ඇති, හුදෙක් ලොක්කා නැතහොත් ධනපතියා ලාභය සූරා කන, පට්ටම චාටර් කොම්පැණියක් බව පසුව දැනගත් මා හොදටම කල කිරුනි. නමුත් කෙසේ හෝ ශක්තිමත් වී නැවත ලංකාව බලා යෑමේ අධිෂ්ඨානය හෑම මොහොතකම හිතේ වැඩ කරේ මාර පොසිටිව් මන්තරයක් මෙනි. මෙම ලිපිය ලියන්නට හිතුනේ ඕමාන් ජීවිතයේ අමුතුම අත්දැකීමක් ගැන විස්තර කරන්නයි. 2015 දෙසැම්බර් 31 දාද රෑ 8 වනතුරු වැඩ කිරීමට සිදු වූ මට ලොක්කා හදිසියේම දැනුම් දුන්නේ ජනවාරි පලවෙනිදා සිට මසීරා දූපතේ තාවකාලිකව වැඩ කිරීමට සිදු වන බවයි. පලවෙනිදා පාන්දර මසීරා බලා පිටත් වූයේ සති 2කටය. මේ යන්නේ 4 වන සතියය. මෙය මා හට ජීවිතේ ඇත්තටම ලැබුනු පට්ටම දුෂ්කර කාලයකි. නමුත් කෙසේ හෝ මා පන නල ගැට ගසා හිනාවී සතුටින් සිටීමට තරම් මම ධනාත්මක වී ඇති අන්දම ගැන මටම පුදුමය. මට දැන් ඕනම කට්ටක් කෑමේ හැකියාව ලැබී ඇති බව පසක් වන්නේ මේ අත්දැකීම් විදිනා අතරතුරදීය. මසීරාහි එක දවසක් මා මෙසේ සාරාංශ කරන්නම්.
දවස ආරම්භ වන්නේ පාන්දර 5.35ට වදිනා එලාම් එකෙනි. 5.35ට මා කවදාවත් ගැස්සී ඇහැරෙන්නේ නැත. දැන් එලාම් එක වදිනා බව ගොඩාක් දුරට හීනෙන් මෙන් තේරෙන අතර 5.35ට වදිනා එලාම් එක නවතා 5.45ට මම ඇදෙන් නැගිටින්නේ මෙම දවස කෙසේ හෝ ධනාත්මකව ගත කර ගැනීමට අදිටන් කර ගැනීමෙනි. එයට මා සමග ඇති කුඩා කොන්තය ද අතට ගෙන හිතෙන් කරන කුඩා යාච්ඤාවද එකතු වේ. වෙනදා මෙන් ඈලි මෑලි ඇරීමෙන් ගන්නා ආතල් එකද, තුරුල් කොට්ටයද, අම්මාගේ තේකද අම්මාගේ බැනිල්ලද මුකුත්ම නැත. කෙලින්ම යන්නේ වැසිකිළියටය. එය එකෙන්ම වැසිකිළියකි. කොමෝඩ් එකක් නැත. නමුත් ගද නැත. මා උපරිමයෙන් එය සුද්ද කර ඉතාම පිරිසිදුවට සුවදව පවත්වාගන්නේ උදේ පාන්දර මගේ තියුණු නහය ඉතාම හොදින් වැඩ කරන නිසාය. ගද නිසා මුලු දවසම මූසල කරගැනීමට මා අකමැතිය. විනාඩි 5ක් පමණ අදාල කාර්යය කර ගැනීමෙන් පසුව මූණ කට සෝදා දත් මැද කාමරයට එන විට ගොඩාක් දුරට පාන්දර 5.55 වී ඇත. විනාඩි 5න් ලෑස්ති වන්නේ ඩෙනිමක් සහ ටී ෂර්ට් එකක් සමග සපත්තු දෙකද දාගැනීමෙනි. 6 පසුවනවාත් සමගම ලොරිය පැමිණේ. ලොරිය පදවන්නේ රාජේශ් නම් වූ මෙලෝ රහක් නැති ආදරයක් ලොවෙත් නැති කොහෙත්ම ගරු සරු ඇතිව මිනිහෙකුට කථා නොකරන සතෙක් වැනි මනුස්සයෙකි. ලොරියට ගොස් නගින විට ඉස්සරා කොහොමත් 3 දෙනෙකු ඇත. මාද ඇතුලුව ඔක්කෝම 4 දෙනෙකි. මා දොර අයිනේ හූනෙක් මෙන් තැලී සිටින්නේ මා කෙට්ටු නිසාද විය හැක. එක ලේබර් කෙනෙකුට පිටුපසට යෑමට කීමට කොහෙත්ම මට බැරි කමක් නැති අතර මා කිවූ පමණින් පිටු පසට යෑමට ද ඔවුන් මට ගරු කරති. නමුත් ඉස්සරා වාඩි වී යාම එක්තරා සැපක් වන හෙයින් එම සැප මම උදුරා ගැනීම මට අවුලක් සේ දැනෙන නිසා ෂේප් එකේ අයිනට වී සිටීමට හිත හදා ගන්නමෙි. ලේබර්ස්ලා සියල්ලම පිටුපසට නැගීමෙන් පසු රාජේෂ් ගමන ආරම්භ කරයි. රාජේෂ්ට මම ගුඩ් මෝර්නින් කිව්වද රාජේෂ් උත්තර දෙන්නේ මෝර්නින් කියා පමණකි. එයද අහක බලාගෙනය. හිනාවක් ලොවෙත් නැත. පාන්දර 6ට ඉර නැගීමට ආසන්න වූ සීතල වටපිටාවක් ඇත. ඒ වටපිටාවේ රාජේෂ් ලොරිය පදවනුයේ එයාගේ කුඩා ෆෝන් එකෙන් පරණ හිංදි සිංදුවක් ද දාගැනීමෙනි. උදේ පාන්දර සිංදුවක් ඇසීමත් අවුලක් නැත. හෝන් එක ගසන්නේ අමුණා ගත් වයරයක් යකඩ කැබැල්ලකට තැබීමෙනි. රාජේෂ් සිතන්නේ මුලු ඔමානයම ඔහුගේ කියාය. දකින දකින හැම ඔමානි කාරයාටම හෝන් එක ගැසීම එයා පුරුද්දක් කරගෙන සිටියි.
මුලින්ම යන්නේ "වාදි සයිට්" නම් වූ එක්තරා නිවසක් සෑදීමේ සයිට් එකකටය. එතන නැවැත්වූ පසු මම ද බැස ලේබර්ස්ලව ඇලොකේට් කර ඔවුන්ට වැඩ බෙදා දී පහුවදා නිම වූ වැඩ ටික බලා මැටීරියල්ස් තිබෙනවාද යන වග බලා අද වැඩ වල ටාගට් එකක් දී ලොරියට නැවත එන විට රාජේෂ් හෝන් ගැසීමට පටන් ගෙනය. රාජේෂ් මට තරහ මූණක් පෙන්නන්නේ මා ගොඩාක් වෙලා ගත්තා යැයි කීමටය. ඊට පසු යන්නේ “ස්ලොටර් හවුස්” නම් වු වැඩ නැවතී පාඩු ලබා ඇති සයිට් එකකටය. මේ සියලුම ගමන් යන්නේ මහ පාරෙන් නොවෙයි. ගල් මුල් ඇති කාන්තාර අස්සෙන් ඇති හොර පාරවල් වලින්ය. මේ රටේ ලොරි පැදවීමට අවසර ඇත්තේ ඔමානි ජාතිකයන්ට පමණි. ලොරි වල මුදල අඩුය. කොම්පැණියට ලොරියක් අඩුවට අරගෙන රාජේෂ් ට අඩු පඩියක් දී හොර පාරවල් වලින්, පොලීසියට හොරෙන් වැඩේ කර ගැනීම ඔමානිකාරයෙකුට වැඩි පඩියක් දී තියාගැනීමට වඩා වාසිය. පොලිසීයේද ලොක්කාගේ මිතුරන් ඇති නිසා ලොකු අවුලක් නැත. හොර පාරවල් වල යන විට මුලු ලොරියම එහෙට මෙහෙට බෝට්ටුවක් මෙන් පැද්දේ, පාර හරහා ඔටුවෝ බැටලුවෝ මාරු වේ, ඒ අස්සෙන් වැලි අස්සේ රෝද එරීම වැනි දේද විටින් විට සිදුවේ.
දෙවැනි සයිට් එකට ලගාවන විට ගොඩාක් දුරට 6.20ට වේලාව ලං වී ඇති හෙයින් ඉර ඈතින් ලස්සනට පායනු ඇත. ඈතින් මුහුදට එලියත් වැටී නැගගෙන එන ඉර දිහා මම බලා ඉදින්නේ ගොඩාක් සුන්දර දේවල් හිතට ගලා එන අතරතුරය. ඒ මනෝ පාර සමහර විට එක පාර කුඩු පට්ටං වී යන්නේ ලොරිය ගලක් උඩින් යෑමෙන් සහ ඒත් සමගම රාජේෂ් හිංදියෙන් කියන කුණුහරප වැලත් සමගය. කෙසේ හෝ ඒ මුලු ගමන පුරාම මා බලා සිටින්නේ දේවල් තුනක් දිහාය, ලාවට පේන හද, හැමදාමත් පායන ඒ දීප්තිමත් තාරකාව සහ නැගගෙන එන හිරු ය. සයිට් එකට ලගා වන විට මුලු ඇගම හොදටම පැද්දී හෙල්ලී ඇත. ඒ සයිට් එකේද කලින් එකී වැඩ ටිකම කර ඊළග සයිට් එකට පිටත් වන්නේ දෙවැනි සයිට් එකේ ප්රශ්ණ කිසිවක් නොතිබුනොත් පමණි. මැටීරියල්ස් ඕන වුවහොත් ලොක්කාගේ පුතෙක් වන (හොර ෂොට් එකක් විය හැකියි) මාසින්ට කෝල් කිරීමට සිදුවේ. මා හට කොම්පැණියෙන් දී ඇති ෆෝන් එකේ අවුට්ගොයින් නැත. මොකද ඉතා අඩු ලිමිට් එකක් ඇති හෙයිනි. ලොකු ලිමිට් එකක් දීමට තරම් වත්කමක් කොම්පැනියට නැති අතර මේ ෆෝන් ලයින් එකද ලැබුනේ මාස 3ක පමණ ලොකු බිලක් ගෙවා දැමීමෙනි. මැටීරියල්ස් නෑ වගේ ප්රශ්ණයකට මාසින්ට කෝල් කිරීමට රාජේෂ්ගේ උපකාරය ගැනීමට මට සිදු වීම මාරම අවුලකි. පොතේ හැටියට මම ඉංජිනියර් , රාජේශ් යනු ඩ්‍රයිවර් වුවද ඔහු හැසිරෙන්නේ ජීඑම් වැනි තනතුරක වගේය. කෙසේ හෝ මාසින්ට කෝල් කර මොනාද ඕන මැටීරියල්ස් සහ අනෙකුත් ප්‍රශ්ණ කතා කර රාජේශ්ට ෆෝන් එක දෙන විට ඔහුට හොදටම තද වී ඇත. හේතුව හරියට තෙරෙන්නේ නැත. මේ සියලුම රාජකාරී කිරීමට සිදුවන්නේ අරාබි සහ හිංදි යන භාෂා වලින්ය. මම කෙසේ හෝ ගැට ගසා ගැනීම මට එක්තරා අහිංසක සතුටකි.
මෙතනින් පසු පිටත් වන්නේ අවසාන සයිට් එකටයි. ඒක තියෙන්නේ මගේ රූම් එකටයි පාලුවට ගිය ඔෆිස් එකටයි කිට්ටුවෙන් වීම හිතට සැනසිල්ලකි. ඒ සයිට් එකට ගොස් මාව දමා රාජේශ් අතුරුදහන් වෙයි. එයාට තව තව වැඩ ගොඩාක් බලධාරීන් භාර දී ඇත. මා බැලිය යුතු ප්රධානම සයිට් එක මේ අවසාන සයිට් එකයි. මේක එක්තරා තට්ටු දෙකක බිල්ඩිමකි. මිනිසුන් 20ක් පමණ වැඩ කරති. මම සියලුම වැඩ ප්ලෑන් කර මිනිස්සුන්ව බෙදා ඔවුන්ගේ සියලුම ප්රශ්න විසදා මැටීරියල්ස් ඇරේන්ජ් කොට දවසේ වැඩ පටන් ගත යුතුය. සියලුම සැලසුම් මාසින් හෝ ලොක්කා ඇවිත් උන්ට හිතුමනාපේ මෙලෝ තේරුමක් නැතිව වෙනස් කිරීමට ඉඩ ඇති වුවද මගේ දවසේ ප්ලෑන් එක හැමදාම උදේ පටන් ගැනීමට මම කටයුතු සූදානම් කරමි. සියලුම සයිට්ස් වල වැඩ කටයුතු ෂේප් එකේ සිදුවේනම් මට ප්රශ්ණයක් නැත. මම පැය දෙකක් පමණ සයිට් එකේ ගත කරන්නේ ප්රශ්ණ විසදමින්, ෆෝන් එකෙන් ෆේස්බුක් යමින් සහ චැට් කිරීමෙනි. මට මාර ලොක්කෙක් වීම පෞද්ගලිකව මාරම අමාරු දෙයකි. එසේම ලොක්කෙක් යටතේ වැඩ කිරීමද පට්ටම අමාරු දෙයකි. එවන් පිස්සුවක් තියාගෙන මේ තත්වයෙන් ගොඩ ඒම මටම ලොකු ආඩම්බරයකි. මට තවත් කෙනෙකුට අණ දීම හරිම අමාරු කාරණයකි. අණ දීම වෙනුවට අපි ඒක කරමු යන භාෂාවෙන් හැම මොහොතකම කථා කරයි. ලේබර්ස්ල මා හට මහ ලොකු අත්දැකීම් ගොඩක් නැති බව දන්නා අතර මගේ වෙනස් වූ ගතිගුණ වලට ඔවුන් කැමැත්තක් දක්වන බව මට දැනේ. ඔවුන් සමග සිනා වී කථා කර ඔවුන් හා සමානව හැසිරීම ඔවුන්ට මාර ගැම්මක් දෙන බවද මට දැනේ. ඒත් එවැනි ගතිගුණ වලින් පිරිච්ච මට සමහර වැඩ කරගැනීමට නොහැකි අපහසුතාද ඒ සමානව සැළකීමේ සුහදශීලිාවය නිසාම මතුවේ.
උදේ 9ට උදේ ආහාරය ගැනීමට මම රූම් එකට යන අතර ලේබර්ස්ල සයිට් එකේම උදේ ආහාරය ගනියි. උදේට කන්නට ඇත්තේ චපාතිය. මම පිගාන අරගෙන යන්නේ කාමරය පිටුපස ඇති ලේබර් කෑම්ප් එකේ කුස්සියටය. ලේබර් කෑම්ප් එකට ඇතුලු වන විටම හැමදාම එන හෙයින් ගේට්ටුවෙන් පිටතදී ගන්නා හුස්ම අතඅරින්නේ කුස්සියේදීය. කුස්සියේදී මට හමුවන චරිත දෙකක් ඇත. එක්කෙනෙක් ශේකර් අන්නා, අනිත් කෙනා උමේෂ් රාම් ය. ඔතනින් මම පොඩ්ඩක් හරි කථා කරන්නේ ශේකර් අන්නා සමගය. ගුඩ් මෝර්නින් එකත් සමග මට දන්නා තරමින් එයාට තේරෙන තරමින් පොඩි වචන හුවමාරුවක් කරගන්නා මම පරිප්පු නැත්තං කඩල හොද්ද පිගානට බෙදා ගනියි. චපාති 2ක් නැත්තං 3ක් උදේට හොදටම ඇතිය. චපාති කඩා පිගානට දමා හොද්ද සමග කලවම් කර කා පිගාන හෝදා එය කාඹරෙන් තබා කාඹරෙන් එළියට එ්මට මට උපරිම විනාඩි 20ක් වගේ කාලයක් ගත වේ. එයින් පසු කෙලින්ම මම යන්නේ ඔෆිස් එකටය. ඒ යන අතරතුර මුල් හරියේ එලු බෙටි ගදක් එන අතර ඉතිරි හරියේ කුණු කරෝල ගදක් එයි. ඔෆිස් එකට යන අතරතුර හුස්ම ගන්නේ ඉතාම අඩුවෙනි. ඔෆිස් එකේ සිටින්නේ මම විතරක් වීම හිතට මාර සහනයකි. ඒසී එක ඔන් කර ලයිට් දමා මේසේ උඩ වාඩි වී ෆෝන් එක අතට ගෙන චැට් කිරීමට ලාංකාවේ මිනිසුන් ඇත්දෝ බලා ‍‍ෆේස්බුක් එකද ෂේප් එකේ බලා කාලය නාස්ති කොට වැඩ කරන මිනිස්සුන්ගෙ ටයිම් ශීට්ස් හැදීම, දවසේ ප්ලෑන් එක ලිවීම, කම්ප්ලීටඩ් වැඩ ටික ලිවීම වැනි මම ම හදාගත්ත රාජකාරි කීපයක් කිරීමට පටන් ගනියි. ඔය ඉන්නා අතර එක එක ඔමානි කොල්ලො කුරුට්ටො එලියේ මුහුුදු හුලග වැඩි නිසා සුරුට්ටුව, පයිප්පය පත්තු කරගැනීමට ඔෆිස් ඇතුලට එයි. ඒ අතර එක එක ඔමානි කාරයෝ ඇවිත් ණය ගෙවන්න කියල කෑ ගහල යයි. තවත් උන් වැදගත් විදියට ඇවිත් ගෙවිය යුතු නය ගැන ස්ටේට්මන්ට් දීල යයි. ඔය ඔක්කෝම මල විකාර ඉවර වී මගේ රාජකාරි ද 12.30 වගේ ලං වන විට මම නිම කරන අතර 12.45ට පමණ දවල් ආහාරය සදහා කාමරයට යන්නේ දවසින් භාගයක් ඉවර වූ අහිංසක සතුටක්ද සමගය.
දවල්ට කාමරයට යන්නේ ලොකු නිදහසකින් ය. ඇදේ මද වේලාවක් හාන්සි වී සිට පිගාන අරගෙන කුස්සියට යන්නේ දවල් ආහාරයටය. දවල් ට කන්නට ඇත්තේ බත් සමග එක එලවලු හොද්දකි නැතහොත් හිංදි නමෙන් නම් සබ්ජීය. ඇත්තම කිව්වොත් එසේ බත් කෑමට නොහැකිය. රහ ඇත, නමුත් එලවලු සමග පමණක් බත් කෑමට හරිම අමාරුය. මම කුස්සියේ බිත්තරයක් තිබ්බොත් එය බැද ගන්නා අතර මුකුත්ම නැති වුවහොත් ලූණු කෑල්ලක් සමග බත් ටික බඩට දා ගැනීම නැතහොත් බඩ පුරෝගැනීම සදහා ගිල දැමීමට පුරුදු වී ඇත. කෙසේ හෝ බඩ පුරෝගෙන පැයක් එකා මාරක් පොඩි නින්දක් ලබා නැවතත් ඔෆිස් එකට හෝ සයිට් එකට යයි. දවසින් වැඩි හරියක් ඒ වන විට ඉවර වී තිබීම හිතට සතුටකි. මොන මගුල වුවත් 5ට වැඩ නිම වීම ද සතුටකි. කෙසේ හෝ දවසේ වැඩ ඉවර වන්නේ අවසාන සයිට් එකේදීය. මා 4.30ට පමණ සයිට් එකට ගොස් එකිනෙකා කරපු වැඩ කොටස මැන ලියා ගැනීම ලේබර්ස්ලට ටිකක් අමුතු දෙයකි. කෙසේ හෝ ඔවුන්ද ඒ වැඩේට කැමතිය. ඒ අතර සමහර අයට වැඩි පුර මීටර් ගානක් දාන්න යැයි ද, ඇග පත රිදෙනවා යැයිද, පඩි වැඩි කරන්න වැනි නොයෙකුත් ප්රශ්ණ දවස අවසානයේ අසන්නට ලැබීම දැන් සාමාන්‍ය දෙයක් වී ඇත. කෙසේ හෝ දවස නිම වී කාමරයට ඇවිදන් එන්න‍ේ එක්තරා සතුකින්ය. කාමරයට එන විට ගොඩක් හෙම්බත් වී ඇත. මගේ සපත්තු දෙක මහ ලොකු සුවපහසු සපත්තු දෙකක් නොවේ. ඒ නිසා දවසම ඇවිදින විට දවස අවසානයේ කකුල් දෙක රිදීම පුදුමයක් නොව්. සපත්තු ගලවා කාමරයට පැමිනෙන මා හට දැනෙන්නේ මාර සහනයකි. අත් දෙක, මූණ සහ ඇග පත දූවිලි පිරී ඇති මා හට මුලින්ම ඕන වන්නේ හොදට නා ගැනීමය. අමාරුම අභියෝගය වන්නේ ද එයයි. ඔමානයේ සියලුම නිවසක පාහේ වෝට හීටර් එකක් සවි කර ඇත්තේ සීත කාලයට වතුර අතිශය සීතල නිසාය. නමුත් මගේ වැසිකිලියේ වෝට හීටර් එකක් නැත. මකුණු දැල් බැදුනු වයර් දෙකක් පමණක් ඇත. ඉතින් මට ලොකුම අභියෝගය වන්නේ ඒ පට්ට සීතල වතුරෙන් නා ගැනීමයි. නා ගැනීම දවස් දෙකකට සැරයක් කර ඇග සේදීමට මා පුරුදු විය. පළමුවන වතුර කෝප්පය ඇගට දා ගැනීම පිහියෙන් ඇන ගන්නා වැනි ක්‍රියාවකි. කෙසේ හෝ උපරිම වේගයෙන් සීත වතුර දාගෙන හොදින් පිරිසිදු වී යට ඇදුම් ද හෝදා වැසිකිලියද හොදින් සෝදා පිරිසිදු නර හැකි විගස එලියට එයි. වතුර පාවිච්චි කරන විට වතුර ඉතාම අරපිරිමැස්මෙන් පාවිච්චි කිරීමට ද මම වග බලා ගත යුතුය. මොකද ටැංකියේ වතුර ඉවර වුවහොත් දැනුම් දීමට සිදුවන්නේද රාජේෂ්ටය. එය අමාරු කාර්යයකි. රාජේෂ් අන්තිම පාර ටැංකියට වතුර පිරෙව්වේද ඔහුගේ වකුගඩුව ගලෝල දෙනවා වැනි මාර උදව්වක් කරනා ලෙසය. හොදට පිරිසිදු වී කාමරයට පැමි‍ෙණන මට අමුතුම ෆ්රෙෂ් ගතියක් සහ ලොකු සැනසිල්ලක් දැනේ. ෆෝන් එකෙන් චැට් කිරීමටද හරි හැටි සිග්නල් කාමරය ඇතුලට නැත. ෆෝන් එක චාජ් වන තුරු කරන්නට දෙයක් නැත. ඒ කාලය තුල හැමදාම මම කරන්නේ ඇදට වී කල්පනා කරන එකයි. මට ගොඩාක් ඈතට යන්නටද මාත් එක්ක කතා කර කර සිටීමටද හිතත් එක්ක ගනුදෙනු කරමින් සිටීමට ද එක්තරා ආසාවක් ඇති හෙයින් ඒ කාලය මට මාර වටිනා කාලයක් සේ දැනේ. මා සමග ලැප්ටොප් එක තිබුනද එයින් ලොකු පලක් නැත. මොකද මේ ලෝකේ ඇති දරුණුම වයිරස් එක ඒක ඇතුලට ගොස් මගේ සියලුම ෆයිල්ස් මොනාදෝ කරල ඒක විනාස වී ඇත. නමුත් වාසනාවට මෙන් ඒකේ තිබු ෆිල්ම්ස් වලින් ෆිල්ම්ස් 6ක් බේරි ඇත. ඒ ෆිල්ම්ස් 6 හැමදාම බලා මට එපා වී ඇත. නමුත් වෙන කරන්නට දෙයක් නැති හෙයින් ඒ ෆිල්ම්ස් හයෙන් අමාරුවෙන් හරි බලන්නේ කාලය ගෙවා ගැනීමටය. පට්ට බඩගින්නකින් පෙලෙන මා 7.30 වන තුරු ඉවසා සිටින්නේ ඊට පෙර කෑවොත් ආයෙත් මහ රෑ බඩගින්නක් එන නිසාය. 7.30ට පිගාන අරගෙන කුස්සියට යයි. රෑටත් කන්නට ඇත්තේ චපාතිය. බත් තිබුනද මම තෝර ගන්නේ චපාතිය. ගොඩාක් දුරට බිත්තර හොද්දක් හෝ බැදපු මාලු කෑල්ලක් තිබීම හිතට මාර සතුටකි. රෑට මම චපාති 5ක් පමණ කයි. හොදටම කන්නේ රෑටය. රෑට කෑමෙන් පසු වතුර එකක් බෝතලයට පුරෝ ගැනීමට ටිකක් දුර ඇවිදගෙන යාම ට සිදුවන්නේ මහ පාරේ ඇති පොදු වෝටර් කූලර් එකටය. කෑම කා වතුර බී බඩ පුරෝ ගත් මගේ දවස 8, 8.30 වන විට නිම වේ. එයින් පසු ඇදට එන මා ෆෝන් එ‍කේ සිංදුවක් එහෙම අසා 9.30ට පමණ නින්දට යන්නේ කුඩා යාච්ඤාවද සමගය. එක දවසක් එසේ නිම විය.
මේ කටුක අත්දැකීම හොද පැත්තේන බලා මා ශක්තිමත් වීමට තරම් මම හැමවිටම ධනාත්මක වීම පුද්ගලිකව මගේ එක්තරා ජයග්‍ර​හනයක් ලෙස මට හිතේ. අපායේ වුනත් සතුටින් සිටීමට පුරුදු වීමෙන් ඕනම කරදරයකදී දුකකදී ශක්තිමත්ව සිටීමට පුරුදු වීමෙන් ජීවීතය ජයග්‍ර​හනය කර ගත හැකි බව මේ අත් දැකීම් වලින් මට වැටහුනු කාරණයකි. සතුට, ස්වර්ගය ඇත්තේ වෙන කොහෙවත් නොව මා ළගමය යන කාරණයද අවසානයේ තේරුං යෑමෙන් මෙම ලිපිය මෙසේ නිම විය.
- සිතිජ
ඕමානයේ (27.01.2016)

කොරෝනා ඩයරියෙන් තව පිටුවක් - 30 මාර්තු, 2020

ඩයරියෙන් තව පිටුවක්

රෑ දොළයි තිස් අටයි, කොරෝන මරණ එකයි, ෆෑන් එක, එක දාලා, ජෑම් එක ටයිට් කරල, හිතන්න ගත්ත, බ්‍රේකින් බෑඩ් සිරීස් එක අපි හැමෝගෙම ජීවිත වලට එබිල අපේ එළියට පේන සුදු ජීවිත වල හැංගිල තියෙන කලු තිරයක් ඇරල දානවද, ස්කයිල, වෝල්ට්, පින්ක්මන්, ශ්‍රේඩ උනත් කැරිම චරිතයක් විදියට ටික ටික බිල්ඩප් වෙනව, ඒ හැම චරිතයක්ම නිකං ආරූඪ වෙනව වගේ, කොහොමත් මුලු සීරීස් එකම ලොකු ඇඩික්ශන් එකක් කිව්වොත් සාධාරණයි, බෑඩ් ගයි, ගුඩ් ගයි, මට හිතෙන්නෙ ඔය දෙපැත්ත, සහ මැද මාවත කන්සෙප්ට් එක, මැද මාවතක් නෑ, කන්ෆම්ඩ්, එක්කො ගුඩ්, නැත්තං බෑඩ්, එක්කො බ්ලැක් ඕ වයිට්, දෙපැත්තෙන් යන ටනල්ස් දෙකක් වගේ, වෙලාවකට බ්ලැක් ටනල් එකේ යනව, වෙලාවකට වයිට් එකේ යනව, මොකෙන් ගියත් එන්ඩ් එක මරණය, ප්ලස් ඇන්ඩ් මයිනස්, ඒ ටනල්ස් දෙක බැට්‍රියක අග්‍ර දෙකක් කියල හිතුවොත්, අග්‍ර දෙකම ආරෝපිතයි, දෙපැත්තටම චාජස් දෙකක් තියෙනව, ඒ චාජස් එකිනෙකට ප්‍රතිවිරුද්ධයි, ඒක නිසා ඒකෙන් ඇති වෙනව පොටෙන්ශල් එකක්, ඒ පොටෙන්ශල් එක නිසා, මේ අග්‍ර දෙක යා වුනොත්, අග්‍ර දෙක අතර කරන්ට් එකක් ජෙනරේට් වෙනව, කරන්ට් එකක් කියන්නෙ මොකද්ද, ඊට කලින් බැට්‍රියක් කියන්නෙ මොන වගේ අයිටම් එකක්ද, බේසිකලි කෙමිකල් මැටිරීයල්ස් ටිකක්, කිසියම් ක්‍රමයකින් මේ කෙමිකල්ස් ටික සැකසුවොත්, එක පැත්තකට ඉලෙක්ට්‍රෝන වැඩියෙන් පවතින්න, ඉන්නකො, ඉලෙක්ට්‍රෝන බැස්සෙ කොහොමද සීන් එකට, කෙමිකමල් මැටිරීයල්ස් කිව්වෙ අන්තිම විග්‍රහයෙදි, පරමාණු නෙ, ඉතිං පරමාණු කියන්නෙ, ආයෙත්, පොඩි බැට්‍රියක් වගේ, ප්ලස් ඇන්ඩ් මයිනස් චාජස් දෙකක්, න්‍යෂ්ටියක් තියෙනව, ඒකෙ තියෙනව ප්ලස් චාජ් එක, න්‍යෂ්ටියෙන් පිට තියෙනව මයිනස් චාජ් එක, කොහොමත් චාජස් දෙක පවතින්නත් ඒ දෙන්න අතර, යම්කිසි ඩිස්ටන්ස් එකක් තියෙන්නම ඕන, එක ළග ඉන්න බෑනෙ දෙන්නට, කොහොමහරි මේ එළියෙන් ඉන්න මයිනස් හාදයො ටික අල්ලල එක පැත්තකින් තිබ්බොත්, ඒ පැත්ත බැට්‍රියෙ මයිනස් අග්‍රය වෙනව, ප්ලස් අග්‍රයෙ න්‍යශ්ටි ටික ඉතුරු වෙනව, එහෙනං මේ න්‍යශ්ටියෙ ඇතුලෙද, පරමාණුවෙ ශක්තිය ගබඩා වෙලා තිබ්බෙ, ඒත් මෙයාගෙ මයිනස් යාලුව නැතුව එතන ශක්තියක් පවතිනවද, දැට්ස් දි හෝල් පොයින්‍ට්.

අපි බැට්‍රියක අග්‍ර දෙක යා කරොත් වයර් එකකින්, යා කරල ලොකු ගමනක් ගිහිල්ල ආවොත්, බඩු බැහැල, බැට්‍රියක් බහිනව කියන්නෙ, මයිනස් සයිඩ් එකේ තිබ්බ ඔක්කොම ඉලෙක්ට්‍රෝන ටික, වයර් එක හරහා, ගිහිල්ල සෙට් වෙනව අදාල න්‍යෂ්ටි ටිකට, ආ කරන්ට් එකක් කියන්නෙ එතකොට, මේ ඉලෙක්ට්‍රෝන ගමන් කිරීමට, දැන් බැට්‍රිය නිකංම නිකං ස්කන්ධයක්, මේසයක් පුටුවක් වගේ, මේක ආයෙ සකසන්න පුලුවන් නං, ඉලෙක්ට්‍රෝන ඈත් කරල, මේක ආයෙ බැට්‍රියක්, කෙමිකල් බැට්‍රි එකක ගැබ් වුන ශක්තිය, නැත්තං ඒ මැරීටියල්ස් වල, පරමාණු වල ගැබ් වුන ශක්තිය, මාරු වෙනව වෙන ෆෝම් එකකට, ආකාරයට, ලයිට්, සවුන්ඩ්, මොකක් හරි, ඒ කියන්නෙ බැස්ස බැට්‍රියෙ ස්කන්ධයට ශක්තියක් නැද්ද, විද්‍යුත් ශක්තියක් නෑ, වෙන එනජි ෆෝම් එකක් තියෙනවද, ඕනම නිකංම නිකං ස්කන්ධයකට, එනජි ෆෝම් එකක් තියෙනවද, ඒක නිකං, ඔය නිකංම නිකං කලු ගලක් තියෙනව කියල හිතමුකො, ඒකෙන් මෙලෝම වැඩක් නෑ, කවුරුහරි මල පැනල, ඒ කලු ගල අරන්, තව එකෙක්ට ගැහුවොත්, ඌ එතනම මැරෙනව, එතන මොකද්ද වුනේ, කුරුලු පිහාට්ටක් අරන්, අනේ සූටි පැටිය කියල ගැහුවට ඌ මැරෙන්නෑනෙ, ස්කන්ධය මැටස් අලොට්, ස්කන්ධයට චලනයක් දුන්නොත්, ඒ ස්කන්ධයට එනව ශක්තියක්, කලු ගල උස්සල ගහපු එකාගෙ මස්ල්ස් වල ගැබ් වුන ශක්තිය, කලුගල හරහා, වෙන ෆෝම් එකකට මාරු කරා, ස්කන්ධයට චලනයක්, එක ඩිරෙක්ශන් එකකට ප්‍රවේගයක්, ප්‍රවේගය වැඩි වෙන්න වැඩි වෙන්න, ඇක්සලරේශන් එකක් දුන්නොත්, අනිවාර්යයෙන්ම එතන එනජි ලෙවල්ස් වල වෙනසක් සිද්ධ වෙනව.

වෙලාව එකයි හතලිස් දෙකයි, නින්ද ඈත තනිවෙලා, ඈත මුහුදෙ, ආකසෙන් එහා පැත්තෙ, තනිවෙලා, එන්නෑ පැත්ත පලාතෙ, හොද නරක දෙපැත්තක් නං, මැද මාවතේ ඉන්න කියන්නෙ ඇයි ඔය, අපි සාමාන්‍යෙන් කියන්නෙ බැලන්ස් කරගෙන යන්න කියල, මේ ප්ලස් මයිනස් එක්ස්ට්‍රීම්ස් දෙක මැද තියෙන්නෙ, ඇත්තටම හිස් අවකාශයක්, ෆීල්ඩ් එකක්, මේ එක්ස්ට්‍රීම්ස් දෙක යා වෙන්න මාධ්‍යක් හම්බුන ගමන්, ඉලෙක්ට්‍රෝන වැඩි තැන ඉදන් අඩු තැනට පනිනව, මාධ්‍ය හරහා කරන්ට් එකක් ඇති වෙනව, මැද මාවත කියන්නෙ, සීරො පොයින්ට් එකද, ශුන්‍යතාවයද, හොදත් නැති නරකත් නැති වුන්ට පතෝල වගේ කියලත් කියනව, මිරිස් වගේ එකක් හිතුවොත්, මිරිස් කෑවම විකාරයක් වෙනවනෙ, කෑ ගහගෙන, දාඩිය දාගෙන, හූ තියාගෙන, හෙන එනජි එකක් අපෙන් පිට වෙනව, ඒ එනජි එකෙන් තව එකෙක්ව මරන්නත් පුලුවන්, ඒ කියන්නෙ මේ මැද මාවතේ හිටියොත්, කරන්ට් එකක් වදින් නැද්ද, කරන්ට් එකක් නෑ කියන්නෙ, බැට්‍රිය බහින් නැද්ද, බැට්‍රිය බස්සන් නැතුව බැට්‍රි කන්නද, බැට්‍රියෙන් ලයිට් එකක් හරි පත්තු කරගෙන අනිත් උන්ටත් එළියක් වෙලා බැට්‍රිය බැහැල ගියත් මොකද, මොනාදෝයි මේ දොඩවන්නෙ, සයන්ස් නං සයන්ස් කතා කරපං, ෆිලෝසොෆි නං ඒක කතා කරපං, හතර වටේ ඔක්කොම පටලගෙන වත්ත වටේ දුවන්න එපා, දැන් බැස්ටිය බැහැගෙන වගේ යන්නෙ, ඔක්කොම පැටලෙනව, මහන්සියි, පෝන් පැත්තට යනවද, වෙලාව, අප්පට, තුනයි නමයයි, බෑ බෑ දැන් ඇති මනස්ගාත, සෙරනේඩ් අහල හිත නිවාගන්න වෙනව, යූටියුබ්, සෙරනේඩ් ශූබට් චෙලෝ, නුවන් අයියව මතක් වෙනව, පළවෙනි වීඩියො එකද දෙවනි එකද, ආ හරි පළවෙනි එක, ප්ලේ!

https://www.youtube.com/watch?v=_AC6EtFmbdo

ඊළග පිටුවට...

- අර්ජුමාන්

'වන්වේ ටු යෙමෙන්'

"පොඩ්ඩක් හම්බෙන්න යන්න කලින්"
"ආ.. මිස්ට ජෝජ්, ශුව ශුව අල් කම්"
උදේ නමය පහු වෙලා, ඔෆිස් එකම පට්ට කලබලයක්, සුද්දො සෙට් එකක් සීඕගෙ කැබින් එකේ, හෙන සද්දෙට කථාවක්, කථාවකට වඩා ඒක ආගිවුමන්ට් එකක්, ශෙට්ටිගෙ මූණත් පුක් වෙලා, ඌ ඉන්ඩියන් වුනාට පකිස්තාන් ලුක් එකක් තියෙන්නෙ, පොර ටක්ගාල රතු වෙනව, ටී රූම් එකෙත් ලොකූ යුද්ධයක්, තේ හදනව, හල්ව කපනව, රාම්කාරයා අද ෆුල් බිසී වෙලා, හොද වැඩේ ඕකට, යූපීඑස් වල ටීක් ටීක් සද්ද, ෆොටොකොපි මැශින්, ටෙලිෆෝන්, ෆයිල්, වයර්, මවුස් ගොඩක් මැද, පරක්කු වුන මම, හිටගෙන, අකවුන්ට්ටන් හම්බෙන්න, ඌ උගෙ අම්ම එක්ක ඉවර වෙන්නැති කෝල් එකක.
"සොරි බ්‍රදර්, හියර්ස් යුවර් චෙක්, ඉට්ස් රෙඩි, බට්, ලිස්න්, තින්ග්ස් ආ ගොයිං ටුබී හාඩ්, දිස් ටයිම්, ඕකෙ"
"ආ.. හා"
කැරි පණ්ඩිතය, සපත්තු ලෙවකනව අරාබිකාරයන්ගෙ, ඌ හිතන් ඉන්නෙ මං කිසි දෙයක් දන් නෑ කියල, වීසා කෙල වුනත් මුන්ගෙ වැඩ මාට්ටු වෙලා කෙල වෙනවනං, සතුටක් මට ඒක, කාලකන්නි, අහිංසක දුප්පත් මිනිස්සුන්ගෙ සල්ලි වලින් ගේම් ගහන හැතිකරේ, හිතන්නෙ අනිත් උන් බබ්බු කියල.
"මිස්ට ජෝජ්, මේ අයි"
"කම් කම්, ක්ලෝස් ද ඩෝ මචං"
"අම්මට මොකද දැන්, ටී කොෆි?"
"ශීස් රිකවරින් එනිවේ, තෑන්ක්ස්, කොෆි"
"යෙමෙන් බෝඩර් එකෙ ප්‍රශ්න එක්ක අපේ සිමෙන්ට් ට්‍රක් එකක් බ්ලොක් කරල කියල ඔයා දන්නව ඇතිනෙ"
"ඔව්.. ඒ ප්‍රශ්නෙන් මගෙ සයිට් දෙකක් දැනටම ඩිලේ වෙලා තියෙන්නෙ, සිමෙන්‍ට් ශෝට් එකක් තියෙනව කොහොමත්, අයි ටෝක්ඩ් ද මැටර් විත් මිස්ටර් කාසිම්"
“දෝ බ්ලැක් කොෆි"
"සී.. දැට්ස් වයි අයි කොල්ඩ් යූ, මචං, ඩෝන්ට් මේකිට්ට බිග් ඉශූ, අන්ටිල් දීස් තින්ග්ස් ගෙට් ක්ලියර්"
"වෙල්, ඉටීස්ස බිග් ඉශූ, මිස්ටර් ජෝජ්, සයිට් දෙකේම හෙට වෙද්දි වැඩ නවතිනව, එක්කො අපි ඩුබායි වලින් ටෙම්පරි ලොට් එකක් ගන්න ඕන, ඉෆ් නොට්, වී හැව් ටු ශට් ඩවුන් ඕල් ද සයිට්ස්, දැට්ස් ඉට්"
"හ්ම්.. හ්ම්.."
"අනික ලේසියෙන් සයිට් වහන්න බෑ මට, මිනිස්සු අයිඩ්ල් වෙනව නිකං, සහ මිනිස්ට්‍රි එකෙන් කොහොමත් සකිවුලේශන් එවල තියෙන්නෙ, ශට් ඩවුන් කරනවනං, වී මස්ට් ක්ලැරිෆයි ද රියල් ෆැක්ට්ස්, අයි හෑව් ටු ෆේස් දැට්, මිස්ට ජෝජ්"
"සර් කොෆි"
සැර වැඩි වුනාද කියලත් හිතුන එළියට ආවම, ඒත් කමක් නෑ, දැන් මට මේ ඔක්කොම එපා වෙල තියෙන්නෙ, ඕන හුත්තක්, බොරු වෙස් මූණූ, බොරු හිනා, බොරු බියර්, කුණු සල්ලි, ආණ්ඩුවක් කියන්නෙ මොකද්ද, බිස්නස් කියන්නෙ මොකද්ද, ඇයි ඒ දෙන්න මෙච්චර රණ්ඩු කරගන්නෙ, හරියට කපල් එකක් වගේ නෙ, බොරුවට මරාගන්නව, දෙන්නට දෙන්න නැතුවම බෑ, ඒත් කව්ද මුන්, ඇයි මුන් මේ බලේට පොරකන්නෙ, හැම ක්ලීන් බිස්නස් එකක් පිටිපස්සෙම ඩර්ටි බිස්නස් රන් වෙන එක නෝමල් දෙයක්ද.
“හෙලෝ"
"කම් ඩවුන්, ගෙටින් දලෙක්සස්, ෆ්‍රන්ට් ඔෆ් ෆ්ලැට් නයින්, බැක් රෝඩ්"
"හෙලෝ, හූස් දිස්, හෙලෝ"
රෑ එකොලහමාරයි, වින්ට එක පටන් අරන්, එළියෙ පට්ට සීතයි, වහින්න යන්නෙ, මං තනියම, එහා පැත්තෙ රංග අයියත් ලංකාවට ගිහින්, ෆෝන් එකයි පර්ස් එකයි අරං බැස්ස එළියට, පපුව ගැහෙනව, ඔව් ඕන හුත්තක්, දැන් නැති වෙන්න දෙයක් නෑ මට, යෙමෙන් බෝඩ එකෙ ප්‍රොජෙක්ට් එකට මාව පැටලිල ඉවරයි, ලංකාවට යන්නත් බෑ, එයාපෝට් එකෙන් අල්ලගන්නව, ඩුබායි පැන්නත් බෝඩ එකෙන් අහුවෙනව, පිටිපස්සෙ පාරෙ ෆැල්ට් නයින්, පල්ලියෙ කොවාය එකේ ඇන්ජලීන් ඉන්නෙ ඒ ෆ්ලැට් එකේ, ඇන්ජලීන්ගෙ බ්ලවුස් එකෙ උඩ බට්න් එක ගැලවිල තිබ්බ පෙරේද මාස් එකේ, මං බලං ඉන්නව එයා දැක්ක, ඇන්ජලීන් සුදුයි, ඒත් පස්ස හැඩ නෑ, ලෙක්සස් එකක්, ගිනි කලු සෙඩාන් එකක්, දිලිසෙනව, ටයරුත් දිලිසෙනව, වීදුරු කණ්නාඩි වගෙ, දිගටම වාහන සෙට් එකක් නවත්තල, ලෙක්සස් එකේ විතරක් එන්ජිම ඔන්, පපුව ගැහෙන එක වැඩි වුනා, හිමීට ලං වුනා, ඇවිදින වේගෙ අඩු කලා, වීදුරුව පාතට, ඇෆ්‍රිකන් පොරක් ඩ්‍රයිවින් සීට් එකේ.
"ගෙටින්"
පිටිපස්සෙ කලු ශර්ට් එකකට ඩෙනිම් එකක් ගහපු ඇමෙරිකන් ලුක් එකක් තියෙන සුද්දෙක්, ඉස්සරා ෆුල් කිට මරපු වෙල් ඩීසන්ට් ලෝගුවක් දාගත්ත ඔමානිකාරයෙක්, ඩ්‍රයිව කල්ලෙක්. ඇතුලෙ සිගරට් එක්ක පර්ෆියුම් මික්ස් වෙච්ච සුවදක්. උන් මං නැග්ග කියල ලොකුවට ගනන් ගත්තෙත් නෑ, උන් තුන්දෙනා රශියන් පැත්තට බර අහල නැති භාශාවකින් හිනා වෙවී ලොකු කතාවක්.
"මිස්ටර් ඉන්ජිනියර්, යූ ස්පීක් පර්ශියන්?"
"පර්ශියන්, නො නො, සොරි, ඉන්ග්ලිශ්?"
"අයි හේට් ඉන්ග්ලිශ් පීප්ල්, යූ බ්‍රවුන් පීප්ල් ස්පීක් ඉන්ග්ලිශ්, හ, කචඩ ඉන්ඩියන්ස්, යුඕල්"
උන් හිනා වෙනව, ශීශා එකක් තියන් ඉන්න ඕමානිකාරය ඒක උරනව, දිවයට මොනාද තියාගෙන සුද්දත්, මට කේන්තියි, භයයි, හිනාව එක පාර නැවැත්තුව, ක්ශණයකින් සුද්ද යටින් ඇදල ගත්ත හෙන පත ගන් එකක්, ඒක සෙමි ඔටෝමැටික් මැශින් ගන් එකක් වගේ, එහෙම එකක් මං දැකල නෑ ඇත්‍තට, ගන් එක මගෙ නල්ලෙ, මම දොරට හෙත්තු වුනා, අත් ඉස්සුනා, ඇග සහමුලින්ම වෙනස් වුනා, මම භය වුනාම වමනෙට එන්න වගේ එනව, උගුර පෑදුව, ඇෆ්‍රිකන් කාරය මං දිහාම බලාගෙන, ඔමානිකාරය තාම ශිශා එක උරනව, මං සයිලන්ට්, ඔක්කොම සයිලන්ට්, එළියෙ වැස්ස පටන් අරන්, ඔමානියා තාම උරනව, ඌ හිමීට දුම් ටික උඩට අරන් එහෙම්මම මං දිහා බැලුව, ශුවර් එකට ඌ ටුබැකො නෙමෙ ගහන්නෙ, වෙනමම දෙයක්, ඇස් ගිනි රතුයි, ලාවට හිනා වෙලා දුම මගෙ පැත්තට අයින් කරා, ඉට පස්සෙ ඌ හිනා වෙන්න ගත්ත, හයියෙන් හිනා වෙනව, අනිත් දෙන්න මං දිහා බලාගෙන, උන්ට කිසීම හිනාවක් නෑ, ඔමානිකාරයා හිනා වෙනව අප්පුඩු ගගහ, එක පාරට නැවැත්තුව, මං දිහා බලාගෙන, ඇස් එහෙ මෙහෙ නොකර, සාක්කුවෙන් මොනාද ගත්ත, ෆොටෝ වගයක්, මට පෙන්නුව, අම්මයි අක්කයි ඉන්න ෆොටො එකක්, ෆේස්බුක් එකට දාපු පරණ එකක් ඒක, මායි පවුලෙ හැමෝම එකට ඉන්න ෆොටෝස් කීපයක්, ඔක්කොම එෆ්බී එකෙන් ගත්ත ඒව, මගෙ ඇස් වලට කදුලු එන්න ගත්ත, හිත හයිය කරගත්ත, උගුර පාදල, කැස්ස, ඕමානිකරය ලයිටර් එකක් ගත්ත අතට.
"ලිස්න් ටු මී, කෙයාෆුලි, නෝ මෝ ආගිවුමන්ට්ස්, ඕකෙ, යූ බී රෙඩි, ඇන්ඩ් යු ෆොගෙත් එව්‍රිතින්ග්, තුමාරෝ, යූ ගෝ යෙමෙන් බෝදර්, යානි, ෆෝ වන් වීක්, යූ වර්ක් අල් හෆ්නා ප්‍රොජෙක්ට්, සිමෙන්ට් ත්‍රක්, ඉටීස් දෙයාර්, විතින් වන් වීක්, රෙඩ් කලර් ජීප් විල් මීත් යූ, වන් පන්ජාබී විල් ගිව් යූ අබොක්ස්, සී දකෝඩ්, ඒඑල් ෆිෆ්ටි වන්, යූ ගෙට් දැට්, ඇන්ඩ් කම් බැක් මස්කත්, ඉන්ශල්ල, යූ ඩූ යුවර් ඕඩස්, එව්‍රිතින්ග් විල් බී ඕකෙ, නතින්ග් ටු වොරි, නව් ඇක්ට් නෝමල්, ගෙට්ඩවුන්, ගෝ ටු යුවර් රූම්, ස්ලීප්, ඇන්ඩ් රිමෙම්බර්, වීඕල් නෙවට් මෙට්, යූ නෙවර් නෝ අස්, ඕකෙ"
පුච්චපු ෆොටොස් වල අලුයි මමයි ෆ්ලැට් නයින් එක ඉස්සරා, වහින්න පටන් ගත්ත, පට්ට සීතලයි, ඇස් වලින් කදුලු වැටෙනව, ඇග වෙව්ලනව, අලු ටික දිය වෙලා ගියා වැහි වතුරට, කාලයක් තිස්සෙ බලං හිටපු වැස්ස, කාන්තාරෙ තෙමෙන්න ගත්ත, රස්නෙ වැඩි කමට පොලොවෙන් දුමක් යනව, උඩ බැලුව, අහස ගොඩාක් ලොකු වෙලා, ඇන්ජලීන්ගෙ රූම් එකෙ ලයිට් දාල දැක්ක, පස්ස හැඩ නොවුනත්, එයා හරිම ආදරණීයයි!
නිමි.
'වන්වේ ටු යෙමෙන්'
~ අර්ජුමාන්

කොරෝනා ඩයරියෙන් පිටුවක් - මාර්තු 27, 2020

ස්වයං නිරෝධායන ඩයරියෙන් පිටුවක්:

නැගිටින්නෙ එකට, ඒකත් පට්ට අමාරුයි, තව නිදාගත්තොත්, එක්කො චූ බරට බොක්ක පිපිරෙනව, නැත්තං බඩගින්න වැඩි වෙලා ගැස්ට්‍රයිටිස් එනව, අම්ම නින්ද සම්බන්ධෙන් බනිනව, තාත්ත කෑම සම්බන්ධෙන් බයිනව, රොටි, කොළ කැද, කිරිබත්, පිට්ටු සියල්ල, මං නැගිටිද්දි එක්ස්පයර් වෙලා, අම්ම නැවතත් බයිනව, තේක නිවිල, නිවිල ඇල් වෙලා, ඇල් වතුරටත් වඩා නිවිල, දැන් දවල්‍ට කන වෙලාව, ඔහොම නිදාගත්තොත් මේ ළමයට වෙනම අමාරුවක් හැදෙනව, උදේ නැගිටල වත්තෙ වැඩක් කරොත් මොකද වෙන්නෙ, මේ ගෙදර වැඩ හෝ ගාලා, අවුරුදු විසිඅටක බැනුං ඇසීමෙ මනා පළපුරුද්දෙන් මා ඉගෙන ගත් කරුණ නම්, නිශ්ශබ්දව සිටීමයි, ගොඩක් ඉමෝශනල් වීම උම්ම එකකින් හෝ හුරතල් වීමෙන් පාලනය කරගත හැක, ගේම ඉල්ලීම මරාගෙන මැරෙන බෝම්බයකට වඩා දරුණුය!

සෑම දිනයක්ම අලුත් ආරම්භයකි කියල, නානව පැය ගාණක්, කිසීම හදිස්සියක් නෑ, නාන ගමන් බාත්රූම් එකත් සුද්ද කරනව, රැවුල් කපනව, ෂැම්පො ගානව, ඒක හෝදනව, කන්ඩිශන එකක් තිබ්බොත් ඒකත් ගානව, ආයෙ නානව, නාල නාල එළියට එද්දි ආයෙ ෆුල්ම ෆ්‍රෙශ්, අලුත් කලිසමක් ඇදල, කාමරෙ අතු ගාල, ඇද අස් කරල, මේසෙ අස් කරල, කොරෝන අප්ඩේට්ස් ටිකක් ටීවි එකෙ බලල, දවල්ටත් කාල, ඇදට ඇවිල්ල, ෆෑන් එකත් දාල, ඔන්න දවස පටන් ගන්න යන්නෙ..
පටන් ගන්න කියන්නෙ, එහෙම පටන් ගැනීමක් නෑ ඉතිං, කරන්න දේකුත් නෑනෙ, ෆෑන් එකෙ සනීපෙට ගොඩාක් දේවල් හිතෙන්න ගන්නව, ජනේලෙන් එහා පැත්තෙ ගහට කුරුල්ලො එනව, එක එක ජාතියෙ උන් එනව, මේ ටිකෙ අලු පාට ඩයල් එකක් එනව, පරයියෙක් වගේ, බෙල්ලෙ දම් පාට පටියක් වගේ තියෙනව, මං හිතන්නෙ ඌ පිටරටක එකෙක්, ඌ මං දිහා බලං ඉන්නව, මං ඌ දිහා බලං ඉන්නව, ඌ ආයෙ පල්ලෙහ බලනව, පල්ලෙහ එහා ගෙදර ගැමුණු අයියගෙ කැත කලු පූස, මේ ටිකෙ අපේ පූසිට ලයින් දානව, අපේ එක්කෙනාට හීට් එක ඇවිල්ලලු, එයත් දැන් ඕන එකෙක් කමක් නෑ කියන තැනට පත්වෙලා, එළියෙ කලු පූසා ඇතුලුව පූසො දහදෙනෙක් මෙයාව ටාගට් කරන් ඉන්නෙ, ඔක්කොම මැරයො, චන්ඩි, කුඩු කාරයො, කුළියට ළමා අපචාර කරන උන්, ඒක නිසා මෙයාව කොහෙත්ම එළියට යවන් නෑ, එයාගෙ මානුශීය අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් වෙන්නත් පුලුවන්, ඒත් ඇස් පනාපිට ලිංගික අපයෝජනයකට ලක් වෙන්න දෙන්න බෑ, ඩොක්ටර්ව හම්බෙන්නත් බෑ, ඇදිරි නීතිය කවද ඉවර වෙයිද දන්නෙත් නෑ, කෝකටත් මිතුරි එකක් දෙනව ඩේලි, ප්‍රෙග්නන්ට් වෙලා ආවොත් අම්ම මට හදාගන්න කියනව පැටවුන්ව, මමනෙ ගෙනාවෙ, ඒක වෙන්න දෙන්නත් බෑ, කලු පූසෙක් කෑ ගහන එක මූසලයි ලු, බ්ලැක් කැට් සමහර සංස්කෘති වල බ්ලෙසින් එකක් කියනව, ඒත් ලංකාවෙ ඒක මූසලයි ලු, පෙරේද ඌ කෑ ගැහුව හෙන හයියෙන්, අපේ පූසිත් ගේ අස්සෙ ඉදන් අඩනව, මම උන් දෙන්න මැද ඉදන් ස්වයං නිරෝධායනයට ලක් වෙනව, ටික ටික කෑ ගැහිල්ල නැති වෙල ගියා, ඈතින් අකුණු ගහන සද්දයක් ආව, ස්වභවදහම කැලඹුනාවත්ද, වැස්සා කියන්නකො ලස්සනට, හීනියට පටන් අරන් වැස්සා පිලිවෙලකටම, පූසන්ගෙ ඇඩිල්ලත් ඉවරයි, මමත් බබා වගේ නිදාගත්ත.

සියල්ල සම්බන්ධයිද, නැත්තං සියල්ල ඉබේ වෙනවද, මම ඒව සම්බන්ධ කරගන්න උත්සහ කරනවද, පූස කෑ ගැහුව නිසාද වැස්සෙ, වහින නිසාද පූස කෑ ගැහුවෙ, උන්ට අපිට වඩා සංඛ්‍යාත පරාසයක් අහු වෙනවනෙ, ඉතිං උන්ට දැනෙනව වෙන්නත් පුලුවන් වහින්න යන්නෙ කියල, නැත්තං පූසගෙ හීට් එක වැඩි වෙලා ඌට ලව් එකක් ඕන වෙල කෑගහුව වෙන්නත් පුලුවන්, ඒත් වෙනදට වඩා හයියෙක් කෑගැහුවෙ ඇයි, වහින්න යන හින්ද ඌ ගොඩක් රොමෑන්ටික් වෙලා කෙල්ලෙක් නැති දුකට ඇඩුව වෙන්නත් පුලුවන්, මේ අවකාශය ඇතුලෙ වෙන පොඩි සිද්ධියක් මුලු අවකාශයටම බලපෑම් එල්ල කරනවද, හරියට පෙත්තටම වතුර පුරෝපු බේසමකට ඇගිල්ලක් දැම්මම බේසම පුරා යන තරංග වගේ, ඔව් වෙන්න පුලුවන්, චීනෙ හරි කොහෙ හරි එක මිනිහෙක්ට කෝවිඩ්-දහනමය හැදීම එක සිද්ධියක්නං, අද මම මේ වෙලාවෙ මෙහෙම රිලැක්ස් එකෙ ගෙදර ඉදගෙන මේ වගෙ බහුබූත ලිවීම කියන්නෙ තව සිද්ධියක්නං, අනිවාර්යයෙන් ඒ සිද්ධි දෙක සම්බන්ධයිනෙ, කොරෝන කේස් එක ස්ප්‍රෙඩ් උන්නැත්තං මට නිවාඩු හම්බෙන්නෙත් නෑ, එහෙනං මම මේ වෙලාවෙ ඉස්කෝලෙ, අන්තිම පීරියඩ් එකේ උගන්නනව, ඒක වෙනමම සිද්ධියක්, මේක නිකං ඇල්ගොරිදම් එකක් වගේද, පිලිවෙලකට වෙන සිද්ධි දාමයක්ද, අපේ අතේ කිසීම කොන්ට්‍රෝල් එකක් නැද්ද, අපි ගන්න තීරණයකින් සියල්ල වෙනස් වෙන්නෙ නැද්ද, ඒත් ඒ ගත්ත කියන තීරණයත් ඒ මොහොතෙ තිබ්බ සියලුම තත්වයන් වල සම්ප්‍රයුක්ත අවුට්පුට් එකක් වෙන්න බැරිද, එහෙනං ආයෙත් මේ සිද්ධි සියල්ල ෆිල්ම් රීල් එකක් වගේද, එහෙනං අනාගතය කියන සිද්ධියත් මේ වෙලාවෙ පවතිනවද, අනාගතය වෙනස් කරන්න බැරිද, එහෙනං අතීතයත් තාම පවතිනවද?

මගෙ වටේ තියෙන සියල්ල පොඩි පොඩි කෑලි වලට බෙදන් ගියොත්, බෙදල බෙදල ආයෙත් බෙදුවොත්, ඒ කියන්නෙ අනිත් පැත්තෙන්, අපි මේ දකින රියැලිටි එක සූම් ඉන් කරන් ගියොත්, අපි යනව ඇටොමික් ලෙවල් එකකට, ඒ කියන්නෙ පරමාණු කියන ස්ටේජ් එකට, අපිට හම්බෙනව පරම-අණුව, ඒකත් ආයෙ සූම් ඉන් කරොත්, අපිට තේරෙන්න ගන්නව, මේ පරමාණුව කියන්නෙ එක තැනක එකම විදියකට තියෙන ගල් කැටයක් වගේ අයිටම් එකක් නෙමේ, ශක්තියේ එක ස්වරූපයක් කියල, පොඩි ඉලෙක්ට්‍රිකල් සර්කිට් එකක් කියල හිතුවට අවුලක් නෑ, ඒ කිව්වෙ, මේකෙ තියෙනව ආරෝපණ, එකකට එකක් ප්‍රතිවිරුද්ධ ආරෝපණ දෙකක්, ධන, රින, මේ දෙන්න හරියටම එක හා සමාන, එකම වගේ, ඒත් ප්‍රතිවිරුද්ධ ආරෝපණ ඇති දෙන්නෙක්, මේ දෙන්න එකිනෙකාට ගොඩක් ආකර්ශනය වෙන දෙන්නෙක්, ඒත් පරමාණුවෙ තියෙන ව්‍යුහය අනුව මේ දෙන්නට ලං වෙන්න බෑ, මේ ඈත් වීම ඇතුලෙ ගැබ් වෙනව ලොකු ශක්තියක්, ආරෝපණ අතර ඇති වෙනව ලොකු විභවයක්, පරමාණුව කියන්නෙ තාමත් හරියටම ඉරි දෙක ගහපු නැති සබ්ජෙක්ට් එකක් වෙලා, අතීතයෙ ඉදන්ම ඒකෙ ව්‍යුහය එක එක උන් එක එක විදියට පැහැදිලි කරා, කොහොමහරි, මේ යුනිවර්ස් එකේ අපි ස්කේල් එක වෙනස් කරොත්, ඒ කියන්නෙ ඇටොමික් ස්කේල් එකකට වෙනස් කරොත්, අපිට තේරෙන්න ගන්නව, මම, කොරොනා හැදුන පලවෙනි එකා, කලු පූස, මේ ඇද, ෆෑන් එක මේ ඔක්කෝගෙම බේස් එක මේ පරමාණුව නැත්තං ආරෝපණ අතර විභවය කියල. එහෙම බැලුවම මුලු යුනිවර්ස් එකම ලොකූ ඉලෙක්ට්‍රිකල් සිස්ටම් එකක්, සර්කිට් එකක්, ඒකෙ පොඩි පොඩි එලෙමන්ට්ස් වල ක්‍රියාකාරීත්වයන්, ටෙක්නිකලි, මුලු සිස්ටම් එකටම බලපාන්න පුලුවන්.
ධන රින, ගෑනු පිරිමි, කලු සුදු, හොද නරක, ස්වර්ගය අපාය, වම දකුණ, ධනවාදය කොමියුනිස්ට්වාදය, ප්‍රජාතන්ත්‍රවාදය ඒකධිපතිවාදය, මේ සියල්ල, මේ මුලු පද්ධතියෙම පැවැත්ම, ද්වීත්වයක් අතර ඇති විභවයක්ද, විභවයක් කියන්නෙ ශක්තියක්, පද්ධතියක් පැවැතීමට ශක්තියක් අවශ්‍යය, එහෙනං ඒකද ශක්තිය, ශක්තියේ විනාස වීමක් හෝ ආරම්භයක් නැත, ස්වරූපය මාරු වීමක් පමණක් සිදු වේ, එහෙනං මැටිරීයල් එකක, නැත්තං හෞතික ද්‍රව්‍යක ගැබ් වෙන ශක්තියේ ස්වරූපය මොක්දද, ඒක මාරු වෙන්නෙ මොන ශක්ති ස්වරූපයටද, අපි මැරුනම ඇගේ සියලුම සෛල පොලොවට මාරු වෙනවද, පිච්චුවම මොකද වෙන්නෙ, ඒ ශක්ති-ස්වරූප මාරු වීම මොකද්ද, සෛලයක තියෙන ඩීඑන්ඒ එක අපේ ප්‍රොග්‍රෑම් කෝඩ් එක වගේ නං, මැරිල පොලොවට දිරද්දි, ඒ කෝඩ් එකට අනුව සෛල වල තියෙන ශක්තිය වෙන ස්වරූපයකට මාරු වෙනවද, පිච්චුවම ඒක ලොකු තාප ශක්තියක් විදියට හැරෙනවද, අලු කියන්නෙ මොනාද, හින්දු ආගමෙ අලු ගංගාවක පාකරල යවන එකේ විද්‍යාත්මක පසුභිමක් තියෙනවද, මුලු හින්දු ආගමම විද්‍යාත්මකයිද, ආගම් විද්‍යාත්මකව අපිට පැහැදිලි කරල දෙන්න බැරි ඇයි, පුලුවන්ද, ඒත් ඇයි ආගම් නායකයො ඒව නොකර සල්ලි හොයන්නෙ, ගේම් ගහන්නෙ, පොලිටික්ස් කරන්නෙ.
නිදාගන්න ඕන නිසා පාන්දර නිදාගන්නව මිසක්, ලොකු උවමනාවක් නැති වෙලා, නිදාගන්නවට වඩා මේ බහුබූත කල්පන කිරීමෙන් මම ලෙඩෙක් වෙයිද, ඉමියුනිටි කෙල වෙලා කොරොන හැදෙයිද, කොරෝන කියන්නෙ කන්ස්පයරසි එකක්ද, ලෝක යුද්ධයක් යනවද ශේප් එකේ, ගේමක්ද මේ, ඒත් මේ මොකද්ද, වෛරස් එකක ඇත්තම මූල ආරම්භය මොකද්ද... ද ද ද ද ද ද ද?

හරි දැන් ඇති, දවස පුරාම ඕක තමා වෙන්නෙ, හිතල හිතල හිතල හිතල මහ පාන්දර, මල පෙරේතයෙක් වගේ නිදාගන්නව හැරෙන්න මාත් කියල මොනා කරන්නද, ඒකත් ලොකු ප්‍රශ්නයක්, ඒකත් හිතන්න වෙනව වෙනම, දැන් අමාරුයි, ඔලුවත් රිදෙනව කල්පන කරල, හිතුව ඇති ඕයි දැන් නිදාගනින්, හරි ඔන්න නිදා ගත්ත, හරි, හ්ම්ම්, ශූබට් ගෙ සෙරනේඩ් අහනවද, මොකද කියන්නෙ, නෑ හුත් නිදාගනින් දැන්, පාන්දර එලාම් එකත් වැදුන, ශික් කොච්චර පජාතයෙක්ද තමුසෙ, වෙනදට මේ වෙලාට ඇහැරෙනව, දැන් තමුසෙ පිස්සෙක් වෙයි, නිදාගනින්, හා.
ඊළග පිටුවට..

- අර්ජුමාන්