ඇහැරුන...
කලුවරයි
පට්ට සීතයි
මයිල් කෙලින් වෙලා වගේ
හාට් එක මාර වේගෙන්
ඈතින් අමුතු මැශින් එකක් වගේ
එක දිගට
සද්දයක්
අත හොල්ලන්නත් බැලුව
බෑ
හෙල්ලෙන් නෑ
මම හොල්ලනව
ඒත් හෙල්ලෙන් නෑ
කකුලුත් එහෙමයි
කෑ ගැහුව උපරිම
සද්දෙ නෑ
හාට් එක තව වේගෙන්
මයිල් තව කෙලින්
ඇස් ඇරීමයි
ඇස් වැහීමයි අතර
ලොකු වෙනසක් නෑ
ඒ තරං කලුවරයි
වෙව්ලන්න ගත්ත
එක පාර එළියක්
ඈතින් ටික ටික
ලං වුනා
ටික ටික
කලුවර නැති වෙන්න ගත්ත
සුදූ එලියක් වගේ
දීප්තිමත්
මුලු ඇස් පුරාම පිරුනා
සීතත් නැති වෙන්න ගත්ත
මේ
මේ එක්ස්කියුස් මී
හලෝ?
ඇහැරුන
ඔෆිස් එක!
ඔරලෝසුවෙ කට්ටෙ සද්දෙ
හුලගෙ සද්දෙ
ෆෑන් එක
ආ
ඔව්..
මෙ...
හෝ.....
සොරි
පොඩි නින්දක් ගියා
ලන්ච් ටයිම් නෙ
කොහෙටද ටිකට්?
ස්ලේව් අයිලන්ඩ් දෙකක් දෙන්න
දෙකයි දහය නේද ට්රේන් එක?
ආහ ඔව්?
කවුලුවෙන් එලියට
එබුනා
අහ්හ...
ඔයා?
ලිෆ්ට් එකේ
පොඩි කෙල්ල
ඒ ඇදුමමයි
ඒ විදියමයි
එහෙම්මමයි
ආහ්?
ඒ?
කොහොමද?
ඒක හීනයක් නෙ?
ඒත්?
හාට් එක ආයෙ වැඩි වුනා
බයක් ආවා වගේ
ඔයා තනියෙන් ද?
එක්ස්කියුස් මී!
නො.. අයෑම් සොරි
ආ.. ඔයාට... මාව අදුන් ගන්න බැරිද?
කවුලුව අස්සට කෙල්ල එබුන
සොරි නෑ?
ලිෆ්ට් එකේ?
වබ්ලිව් ටීසි?
අහ්හ.. සොරි මිස්ටර්
මං හිතන්නෙ
මිස්අන්ඩස්ටෑන්ඩ් වෙලා
නෑ නෑ
ඔයාගෙ අම්ම කෝ?
අහ්හ... ? එයා
ඒටිම් එකට ගියා?
හ්ම්ම්..
උගුර පාදා
මෙතනට කියද?
හතලියයි
ඔයා කවදහරි ඩබ්ලිව් ටීසී ගිහින් තියෙනවද?
ආ...?
මේ අහන්න....
මං හිතන්නෙ ඔයාට
ලොකු වැරදීමක් වෙලා
අපි ඉන්නෙ බර්ලින්
ඊයෙ රෑ ලංකාවට ආවෙ අපේ ආච්චිඅම්ම අසනීප වෙලා
ඔයා කොහෙත්ම
මාව ඩබ්ලිව්ටීසී එකේ දකින්න විදියක් නෑ
මම මේ දෙවැනි පාර මෙහෙ ආවෙ
ෆස්ට් ටයිම් ආවෙ
මම ග්රේඩ් ටූ වල වගේ
ඕ!
සීරියස්ලි?
සොරි... සොරි!
මට හිතා ගන්න බෑ
අයෑම් සොරි
නෝ ඉට්ස් ඕල් රයිට්
දැන් ට්රේන් එක එයි
සොරි ඕකෙ?
නෑ නෑ එක අමතක කරන්න
බයි ද වේ
අයෑම් මරීනා
අතට අත
කම්මුලට කම්මුල
සුවද
ලිෆ්ට් එකේ පර්ෆියුම් එක
මයිල් කෙලින්
සිනිදු කම්මුල්
රස්නෙයි
කරන්ට් එකක්
මිලි තප්පරයයි
දෙකයි
ඩොට්
ඒ කොහොමද?
එහෙම වෙන්නෙ?
මේ මොනාද වෙන්නෙ?
මරීනා මගෙ ඇස් දිහා
එක පාර
ඇලුන වගේ
කාන්දමකට
එක එල්ලේ බලාගෙන
කට ලාවට ඇරිල
තොල් පෙති වේලිල
උගුර පාදන සද්දයක්
හෙලෝව්....
මරීනා?
පියවි ලෝකෙට
ඇන්ටි?
මයි ගෝඩ්
එයාමයි!
මොකක් හරි ප්රශ්නයක්ද?
ආ නෑ... සොරි!
මම මේ...
ට්රේන් එකේ සද්දෙ
ඈතින් එනව
ඒ කියන්නෙ
යන්න යන්නෙ
ඇන්ටිත්
මෙයත්
ලස්සනයි
මරීන
මේ කව්ද?
මෙහෙම වෙන්නෙ කොහොමද?
ට්රේන් එක ලං වුනා
අද නිදහස් දවස හින්දද මන්ද
කවුරුත් නෑ ස්ටේශන් එකේ
මේ දෙන්න විතරමයි
ට්රේන් එක නැවැත්තුව
මරීන මං දිහා බලල
අත වනල
ඇතුලට
පස්වෙනි පෙට්ටිය
ඇන්ටි දෙවෙනියට
මං දිහා
ලාවට
බලල
පොඩි හිනාවක්
දාගෙන
ඇතුලට
හාට් එක
දඩ බඩ දඩ බඩ
ඇග වෙව්ලනව
කකුල් ගැහෙනව
ඔෆිස් එක
ජොබ් එක
ඩියුටි
හවස මීටින් එකක්
කෝච්චිය
හූ සද්දය
ස්ටාට් කරා
හිමීට
ඉස්සරාට
ඔෆිස් එක!
ෆෝන් එක!
පර්ස් එක!
ශූස් ගලවන් හිටියෙ
මේස් පිටින්
ගෙදර?
දිලිනි?
කෝච්චිය
වේගෙ වැඩි කරා
පස්වෙනි පෙට්ටිය
මගෙ ඉස්සරාට
ඇන්ටියි
මරීනායි
ජනේලේ ලග
මං දිහා බලාගෙන
එක එල්ලේ
මම
හිටගෙන
හෙන ගහල වගේ
මේසුත් නෑ
මුකුත්ම නෑ
මරීන
ඇන්ටි
හිනාවක් නෑ
බලාගෙන
ඇස් දිහාම
කෝච්චිය
වේගෙ වැඩි වුනා
අන්තිම පෙට්ටිය
පාස් වුනා
ගියා
එල්ලුනා...