අපේ ඉපදීම අහම්බයක්, මරණයත් ඒ වගේම අහම්බයක්. ඒ අතර හුස්ම වැටෙන මේ මුලු ජීවිත කතාවම අහම්බයන් ගොඩක එකතුවක්.
අපි ඉපදෙන්නෙ බැදීමක ප්‍රතිඵලයක් විදියට. කොටින්ම මේ ජීවිතය ගලාගෙන යන්නෙම එක එක බැදීම් සමූහයක් නිසා.
ඒත් ඇත්තටම මේ බැදීම් නිකං අපි පොඩි කාලෙ මුහුදු වෙරළේ හදපු වැලි මාලිගා වගේ. කොච්චර ලස්සනට හැඩ වැඩ දාල මෝස්තර දාල මාලිගා හැදුවත් රැල්ලක් ආපු ගමන් ඒ ඔක්කොම සුනු විසුනු වෙලා යනව. ඒත් අපි රැල්ල එනව කියල දැන දැනත් මාලිග නොහදා හිටියද?
ඒ කාලෙ අපිට මාලිගා හදන එකත් සතුටක්, ඒව කැඩිල යන එකත් සතුටක්, මොකද අපි දැනං හිටිය කොයි වෙලේක හරි ලොකු රැල්ලක් ඇවිල්ල මේ ඔක්කොම චප්ප චෝරු වෙනව කියල. මාලිගා කැඩෙනව, ඒ කැඩුන මඩ වලින්ම අපි ආයෙ මාලිගා හදාගන්නව.
මේ මුකුත් නොහදා, හැදුවත් කොහොමත් කැඩෙනවනෙ කියල රැල්ල එනකං තනියෙම මග බලාගෙන ඉන්නත් පුලුවන්, එතකොට අපි "දුකෙන්" ඉන්නව.
කැඩෙන බව දැන දැනත් වැලි මාලිගා හද හද සෙල්ලං කරොත් අපි "සතුටින්" ඉන්නව.
~ අර්ජුමාන්