Thursday, 11 December 2025

“ආදරේ ආදරේ... අද අදිනවා ආදරේ”

 මුදලාලි... ලයිටරේ පොඩ්ඩක්...

බල්ලො මරලා හරි සල්ලි හොයන්න වෙනවා බං මේකත් එක්ක හැප්පෙන්නනං.

ඉතිං උඹට තිබ්බනේ ඒ ලෙවල් ඉවර වුන ගමන් බිස්නස් එකක් පටන් ගන්න. එහෙම පොඩියට පටන් ගත්තනං අද වෙද්දි උඹ සුපිරි තැනක නෙ. එක්කො තිබ්බෙ සුපිරි රටකට පැනගන්න. බලපං රට ඉන්න උන් හම්බ කරන හම්බ කිරිල්ල. උන් අද ඔය ආණ්ඩුත් මට්ටු කරන්නෙ. කොහෙද ඉතිං උඹට කැම්පස් යන්න ඕන වුනානෙ - ලබ්බෙ විද්‍යාවක් ඉගෙන ගන්න.

සිරාවට දැන් හිතෙනවා බං අපරාදේ අවුරුදු ගාණක් නාස්ති කරගත්තෙ කියලා. කැම්පස් ගිය දවසෙ ඉඳන් ඉගෙනගන්නවට වඩා වුනේ කඩේ යන්න වුන එකනෙ. මට කඩේ යන්න තේරෙන් නෑ බං. ෆස්ට් ක්ලාස් ගත්තත් අද ජොබ් එකක් නැතුව මං ගෙදර. අපෙ අයියා බලපං. ඌ පොතක් අතින් ඇල්ලුවෙ නෑ. විභාග ඔක්කොම ෆේල්. ඉගෙන ගන්න උගේ කිසිම උනන්දුවක් නෑ. ඉස්කෝලෙ ඉවර වුන ගමන් අපේ තාත්තාගේ කන්ටෑක් එකකින් පොරට සෙට් වුනා බැංකුවෙ රස්සාව. අපේ මහ ගෙදරත් ඌටනෙ. ඔක්කොම ඌට. ඌට හම්බුන් නැතත් ඌ උදුරුලා ගන්න එකානෙ. ඔය ඉන්නෙ සැපට. දන්න ගණිතයක් විද්‍යාවක් නෑ - ඕනෙත් නෑ අදාලත් නෑ. පල්ලියේ ෆාදර්ගෙ අහවල් එක හෝද හෝද ඉන්නවා. ඒත් බලපං අද වෙද්දි.... අම්මා තාත්තා ඉඳන් උගේ සල්ලි බලේටයි වාහනේටයි සරෙන්ඩර් නෙ.

වැඳපන් සල්ලි දෙයියන්ට. උඹ වඳින දෙයියන්ට ට්‍රැක්. ලෝකෙට ආදරය කරුණාව සහෝදරත්වය බෙදන්න යනවානෙ උඹ පල්ලි ගිහිල්ලා. පිස්සු නේ. ඒවා පල්ලියෙ නෑ බං. ඒවා නැති වෙලා ගොඩක් කල්. මැස්සා වහන්නෙ කුණු ගොඩට. බෝම්බ උස්සගෙන අල්තාරෙ ඉස්සරාට එනකං නල්ල මලේ භක්තිකයන්ටයි අල්තාරේ උඩ ඉන්න ලෝගුකාරයන්ටයි මෙලෝ ඉවක් නෑ - හැඟීමක් දැනීමක් නෑ. කොටින්ම ගහලා යනකං දන්නෑ. කුහකකං, ඊරිසියාව පුරෝගෙන පල්ලිය ඇතුලෙ සෙප්පඩ විජ්ජා දාන උන්ට මොන ඉවද බං. ඔය මල දානේ නවත්තපං. සල්ලි හම්බෙන ආගමකට පලයං. උඹ ගොඩ.

පුච්චනවා මේ උපාධි. අපරාදේ මේ රිසර්ච් එක පට්ට සීරියස් ගත්තනෙ බං මං. පුදුම කාලයක් නාස්ති කරගත්තෙ තීසීස් එකට. ෆස්ට් ක්ලාස් ගත්තා - ඔව්. ඒත් එක කොම්පැණියක් නෑ කියහං ඉගෙන ගත්ත දේට ගැලපෙන ජොබ් එකක් කරන්න. එක එක කුණු පෙරේතයන්ට පක්කිලි වැඩ කරන්නද බං මෙච්චර මහන්සි වුනේ. සල්ලි හම්බෙනවා කියලා කාර් දෙනවා කියලා යට ඇඳුම් හෝදන්න බෑනෙ බං. මේ ළඟදි සෙට් වුනා ජර්මන් ප්‍රොෆෙසර් කෙනෙක් - ඌ කියන්නෙ එහෙ ඇවිල්ලා ඌත් එක්ක සෙට් වෙලා උන්ගෙ රටට ගැලපෙන විදියට ආයේ කරන්නලු රිසර්ච් එක. තේරුමක් නෑනෙ බං. උන් බලන්නෙ අපිව සූරලා උන්ගෙ රටට වැඩක් කරගන්න. අපේ රටේ කුහක හැත්ත අනුන්ගේ හාල් කිර කිර ඉන්නවා මිසක් මෙහෙ උගත් කියපු උන් කවද්ද බං අලුත් දෙයක් කරේ. හැදුවත් හදන්නේ දර වලින් දුවන ලොරි නෙ. මාර නව නිර්මාණ. දර ෆුල් ලෝඩ් එකක් ගහන්න ඕනා ලොරිය දුවන්න - හදපු එකාට වැඩකුත් නෑ - රටට ලෝකෙට වැඩකුත් නෑ.

අලුතින් හිතන්න පුලුවන්ද බං මෙහෙ උගත්තුන්ට. කරත්ත දක්ක දක්ක ඉන්නවා මිසක්. බලපං අපේ ඉස්කෝලෙ. කීයෙන් කීයද කැම්පස් ගියේ කියහං. කීයෙන් කීයද කියපං ෆාදර්ලා හෝස්ටල් එකේ කරන දේවල් දැක දැක කටක් ඇරියෙ. එකෙක් නෑ. ගුටි කකා උන්ටම වඳින වහල්ලු තමා බහුතරය. එතනින් නිදහස් වෙලා අහසට ඉගිල්ලෙන්න එකෙක්ට හයියක් තිබ්බද කියපං. අදටත් මුන් - වයසට ගිහිල්ලත් - සුපිරියි කියන රටවල් වල පදිංචි වෙලත් - තාම ඉස්කෝලෙ කරේ තියං ඉන්න තරමට කොච්චර වහල් ද බලපං - කොච්චර වහල්ද. ජාතිවාදි හැතිකරේ හැදෙන් නෑ මකලවත් හදන්න බෑ - ඒ තරමට මේක අරටුවෙ ඉඳන් යටත් විජිතයක්.

“ආදරේ ආදරේ... අද අදිනවා ආදරේ..... මහත්තයා ගන්නවද... අද ආදරේ කෝටි පහයි. බඩු ශුවර්. ගන්න මහත්තයා - වරම ඔබ අතේ. ගත්තෙ නැත්තං වෙන කෙනෙක් ගනියි... උදේ නැගිටිද්දි රෑ නිදාගද්දි ළඟ තියාගන්න පුලුවන්... පාර්ටි එකකට මල ගේකට කැත නැතිව අරන් යන්න පුලුවන්... ආදරේ අද අදිනවා.... ෆාදර්ලා හාමුදුරුවො පොලීසිය හමුදාව ඕන එකෙක් පදිරි... ගන්න මහත්තයා කෝටි පහයි... අද අදිනවා”

උඹ තියරි කියෝ කියෝ හිටපං. අද බලපං පාර්ලිමේන්තුව. උන් තියරි කියෝ කියෝ හිටියනං අදටත් භීෂණේ. ඔය ඉන්නෙ සැපට. තියරි වලලලා දාලා හොයපං සැප. අයියා වගේ වෙයං. ප්‍රැක්ටිකල් වෙයං. තියරි වැඩක් නෑ. ගහපං ගේමක් ආයේ ලොවෙත් නැති වෙලා යන්න. ඉතුරු ටික භාර දීපං සර්ව බලධාරී දෙයියන්ට එච්චරයි. පුච්චලා දාපාං ඔය පොත් මල දාන ඔක්කොම ටික. රිසර්ච් අරවා මේවා මොනාටද බං. අනේ මන්දා මටනං තේරෙන්නෑ. ෆේස්බුක් තියෙනවා යූටියුබ් තියෙනවා චැට්ජීපීටි තියෙනවා - ඇති නෙ. ෆෝන් එක තියෙනවා - ඩයලොග් මොබිටෙල් ස්ටාර්ලින්ක් තියෙනවා - ඇති නෙ. හොදටම ඇති. ගහපං ගේමක්. මැච් එකක් ගහලා දිනපං එච්චරයි. උඹ පරද්දපං අයියව. ගනින් සුපිරි අපාර්ට්මන්ට් එකයි කැබ් එකයි. බලපංකො නැට්ට වනන වැනිල්ල ඕකුන්.

ඇත්ත. ජාතික ගීය ලියපු එකත් දිවි නසාගත්ත රටේ මොන රිසර්ච් ද බං. උඹ එක්ක කියෙව්වට මං මේවා එච්චර කියවන්න යන්නෑ. මේ ළඟදි අපිත් එක්ක කැම්පස් එකෙ හිටපු එකෙක් පාර්ලිමේන්තු ගියා නේ - මූ කියනවා මට අසනීපයක්ලු. ඉතිං කියවන්න යන් නෑ බං - ගොනා සහ තණකොළ සේ ඉන්නවා මිසක්. මේ එකට ඉන්න උන් ශුවර් නෑ - විවේචනයක් ගෙනාපු ගමන් පිස්සු කියලා අල්ලලා බෙහෙත් දෙන්න යනවා. තව ඇත්ත කථා කරොත් අල්ලලා හිර කරනවා ඉස්පිරිතාලේ. බෝතල් පත්තරකාරයෙක්ට වික්කත් තීසිස් එකයි ලියපු නෝට්ස් ටිකයි මහ ගාණක් හම්බෙන් නෑ. ඒක නිසා මං හිතුවා බාර් එක ළඟ කඩලකාරයට දීලා දාන්න. මොකෙක් හරි කියවයි නේ.

දීපං. කඩලකාරයා කඩල ඔත ඔත බාර් එකේ උන්ට බෙද බෙද දෙයි උඹේ සොයාගැනීම් ටික. ඔතන්ට එන කපටි වෙළෙන්දෙක් කවදාහරි උඹේ තීසිස් එකේ කෑලි බෑලි කියෝනවා. කියෝලා ඒකෙන් ඌට ගන්න ඕන දේ ඌ අරගෙන ඌ හදනවා තව ෆේස්බුක් එකක් චැට්ජීපිටි එකක්. එදාට උඹේ අයියා වගේ අසික්කිතයෙක් ඒ වගේ නරියෙක්ට කඹුරන්න පටන් ගන්නවා. රාජකාරිය දේවකාරිය කරගෙන ඒ වගේ උද්දච්ඡ අයියෙක් උඹ වගේ කරබාගෙන ඉන්න මල්ලි කෙනෙක්ව තලන්න පටන් ගන්නවා. මේක ඉවර වෙන්නෑ පුතා. ඒක හින්දා එච්චර පැටලෙන්න එපා. භයානකයි. හිටපං මෝඩයා වගේ. මේ ඉන්නෙ මං. ගොනා වගේ හිටපං. විශේෂයෙන්ම ඔය උගත් කියා ගන්න උන්ගෙන් පරිස්සං වෙලා හිටපං. දිගටම ලියපං. එක එක විදියට ලියපං. ලියපං ලියපං මරනකං ලියපං. ලියනවා හැරෙන්න උඹට වෙන විකල්පයක් නෑ. ලියලා කියපං මේක නිකං කථාවක් නෙ - මේක නිකං සිංදුවක්නෙ කියලා - මේක නිකං පොතක් නෙ - කියලා. උඹට හුස්ම වැටෙනකං පිස්සෙක් නොවී ජීවත් වෙන්න පුලුවන් - ලියපං.

අදට ඇති.

යමං!

අර්ජුමාන්
11.12.2025






Tuesday, 2 December 2025

"උගත් මැරයො දැන් දැන්...... අපේ පස්සෙන් පන්නං"

හිතේ කිසිම අවංක කමක් නැති, දයාවක් කරුණාවක් සහකම්පනයක් ගෑවිලා නැති, අම්ම තාත්තව ආම්බාං කරගෙන ගෙවල් ඇතුලෙ මිලේච්චකං ප්රදර්ශනය කරන, මමත්වයෙන් ඊරිසියාවෙන් පිච්චි පිච්චි ඉන්න නමුත් සෙන්ට් පව්ඩර් ගාගෙන මේකප් නාවගෙන කොණ්ඩෙ වැක්ස් කරපු හතර වටේ ණය වෙච්ච සෝබන මාකටින් පප්පල ටිකක් සංගීත භාණ්ඩ වාදනය කරන්න දැනගෙන, සිංදු ලියන්න කියන්න පටන් අරන්, රඟපාන්න අරගෙන ආටිස්ලා වෙලා - මල වදේ.
මේ ආටිස්ලා කියාගන්න උන්ගේ ජීවිත වලට, ගෙවල් ඇතුලට පවුල් කුඨුම්භ අස්සට එබිකම් කරාම අපට පේනවා මේ ආටිස්ලා ආර්ට් කරන විදිය. ඒකට උන්ගෙ ගෙවල් පිටිපස්සට යන්න ඕනා. කක්කුසිය චෙක් කරන්න ඕනා. ඉතිහාසයත් පොඩ්ඩක් හොයල බලන්න ඕනා. විශේෂයෙන්ම මේ සංගීත භාණ්ඩ වලට කොට කොට, සල්ලිකාර කොම්පැණි ඉස්සරා සංගීතය ගණිකා සේවනයේ යොදවන අයියලාගේ... ඒ වගේම ෆේස්බුක් ඉන්ස්ටග්රම් එකේ මහා කාඩ්බෝඩ් චරිත හදාගෙන ඉන්න සංගීතය හරහා වෙළඳාම් කරන මියුසීශියන් කියාගත්ත එවුන්ගේ... ස්ත්‍රීීීීත්වය (feminism) පොඩ්ඩක් විමසලා බලන්න ඕනා.
ඒගොල්ලො බැලූ බැල්මට සුපිරි පිරිමි - යුද්ධ වලට යවන්න පුලුවන්, සමූල ඝාතන කරවා ගන්න පුලුවන්, බර උස්සන්න පුලුවන්, ගෑණු ආරක්ශා කරන සුපිරි පිරිමි. ඒ පිරිමි සංගීතය වයද්දී ඉස්සරාට ඇවිල්ලා අප්පුඩි ගහන, ඒවට නටන, රෝස මල් දෙන එවැනිම පිරිමින් විසින් සකසපු බඩු භාණ්ඩ මෙන් වෙළඳ වටිනාකමක් තියෙන ආගමිකව හීලෑ වුනු ගැහැණු වර්ගයකුත් අපට දැකගන්න පුලුවන්. ඉතිං මේ දෘඩ පිරිමි ටික සිංදු කියනවා, ඒගොල්ලො ආර්ට් කරනවා. ඇයි ඒ?
එවැනි ඊනීයා පිරිමින්ගේ අභ්‍යන්තරයේ තියෙන ලොකුම අර්බුදය තමුන්ගේ පුරුශ ස්වරූපය ආරක්ශා කරගැනීම පමණක් වෙලා තියෙනවා - තමුන් කිසිම ආකාරයකින් නපුංසකයෙක් නොව සුපිරි චණ්ඩි පිරිමියෙක් යැයි ලොවට පෙන්වීමට උත්සහා දැරීම පමණක් වෙලා තියෙනවා - තමුන්ගේ සැඟවිච්ච සමලිංගික ආසාවන් වහං කරගැනීම පමණක් වෙලා තියෙනවා. ඒ තරමට ඒ පිරිමිකම වැල්ලෙ හදපු මාලිගාවක් වගේ - වෙර දරලා අල්ලගන්න ඕනා නැත්තං ටක්ගාල දියාරු වෙලා යනවා. එච්චර පිරිමියෙක් වෙන්න ඕනනං මොන ලබ්බටද මේ ගෑණු වැඩ කරන්නෙ? සිංදු කියන්නෙ, සංගීතය කරන්නෙ, නටන්නෙ ගයන්නෙ?
මේ කිසිවක් අප දන්නා ඊනියා යටත් විජිතවාදී පිරිමි පාසල් වලින් සකසපු සුපිරි පිරිමි මොඩලයේ අඩංගු වෙන්නෙ නැති කාරණා නේ. ඕවා ගෑණු වැඩ, මෙන්න පිරිමි වැඩ, පිරිමියෙක් වුනාම... ගෑණියෙක් වුනාම... මේ වගේ දේවල් හද්ද පරණ යටත් විජිතවාදී හණමිටි පිරිමි-ගෑණු පාසල් වල ඇහෙන කොච්චර පසුගාමී වදන් ද. එහෙනං ඇයි මේ සුපිරි පිරිමින් යැයි ලොවට පෙන්වන උදවිය සංගීතයක් හෝ කලාවක් තමුන්ගෙ ජීවිත වලට පටල ගන්නෙ? එතන තියෙන ලිංගික අර්බුදයෙන්ම දැනට ජනප්‍රිය තලයේ පවතින හෝ පැවති සියලුම කලා නිර්මාණ යැයි කිවූ "ප්‍රොපගැන්ඩා" වල තියෙන දේශපාලනික ගැඹුර අපට කියවාගන්න පුලුවන්.
ස්ත්‍රියට පුලුවන් තරම් තඩිබාන, යටත් විජිතවාදී නීති රීති අරන් එන, නංගිට අම්මට අක්කට ඇඳුම් අඳින විදිය ගැන මහා දේශණ පවත්වන, නිවැරදි ආදරය මෙයයි - වැරදි ආදරය මෙයයි, සම්මතය මෙයයි - අසම්මතය මෙයයි කියන පොලිස් නිළධාරීන් අද වන විට තුවක්කුව කලිසම අස්සෙ ගහගෙන සංගීත භාණ්ඩ අතට අරගෙන තියෙනවා.
වික්ටෝරියානු සදාචාරය ඔලුව උඩ තියාගත්ත ඉහත කී විකෘති පුරුශ සංකීර්ණයක හිර වෙලා ඉන්න යල්පැන ගිය පිරිමි සෙට් එකක් අද වන විට ඇඩ්වටයිසින්, මාකටින්, මියුසික්, ආර්ට්, ෆිල්ම් ඇතුලු ගොඩාක් ක්ශ්රේත්රයන් අල්ලාගෙන උදුරාගෙන බලෙන් පාලනය කරමින් ඉන්නවා. ඒ ක්ෂෙත්‍ර අද වන විට කිසිම මානුශීය ගුණාංගයක් නැති, සංස්කෘතික හෝ අධ්‍යාත්මික කියවීමක් නැති, අනාගතවාදී නැති හුදෙක් අශ්ලීල විනෝදයක් සපයන මහා අජපල් ජාතිවාදී, කල්ලිවාදී, ග්‍රාමීය තුවාල විකුණන අන්ත හිඟන බාල මට්ටමකට ඇදවැටිලා තියෙනවා. එවැනි හිඟන වෙළඳපොලක කිසිම විශ්වීය හෝ ජාත්‍යන්තර ආමන්ත්‍රණයක් අපට පෙනෙන්නනට ඇහෙන්නට නැත. ඇත්තේ දන්න දන්න වුන්ගේ පිටවල් කසාගැනීමක් සහ පාලු ගෙවල් වල වලං බිඳීමක් පමණි. හැමදාම දකින නලු නිලියො දැකලා අප්පිරිය වෙලා. හැමදාම එහෙට මෙහෙට කඩේ යන ඩිරෙක්ටර් ලා එකම වට්ටෝරුවේ ෆිල්ම් හදනවා - එකම චරිත, එකම ප්‍රශ්ණ, එකම දෙබස් - අප්පිරියයි. ඒවා ඒ ඒ දායක සභා වල ඒ ඒ පංති වල උන් නරඹමින් හුරේ දමමින්, උන් උන් සම්මාන පාස් කරගනිමින් මොකද්දෝ මන්දා එකක් වහගන්න ලොකු උත්සහායක යෙදෙනවා පේනවා.
බාහු බලයෙන් තීරණ ගන්න, පොඩ්ඩ ඇත්නං කේන්ති යන, සරම උස්සගෙන අම්මට බනින, බඩු පොලේ ගහන මෙවැනි වහල් පිරිමින් සංගීතය යොදවා ගන්නේ ස්ත්‍රීත්වය නැතිනම් ස්ත්‍රීයව ආගමික නාස් ලණුවෙන් කරත්තයට හිර කරවීමට පමණි. ඒ කාරණාව හැරෙන්නට එවැනි පිරිමින්ට සංගීතයට පැටලෙන්නට කිසිම වෙන උවමනාවක් නැත. සරලව, යටත් විජිතවාදී ආගමික පූජකවරු දෙවියන්ගේ අල්තාරෙ ඉස්සරා ස්ත්රීයගේ ස්වභාවික කාමාශාව සහ ගැඹුරු ලිංගිකත්වය පාලනය කිරීමට සංගීතය යොදවාගත්තා සේම මේ විවිධාකාර කඳවුරු නියෝජනය කරන කලු පූජකවරු පිරිමි ශරීර ඇතුලට රිංගා ගනිමින් ස්ත්‍රීත්වය හෝ ස්ත්‍රීයව මෙල්ල කරමින් ඇත.
මේ ගඳ ගහන පිරිමින් සංගීතය හරහා තම සමලිංගික සංකීර්ණයන් වහං කර ගනිමින්, එම නිසාම අධික ලෙස ප්‍රචණ්ඩ වෙමින් මුලු මහත් සමාජයක් සීසිකඩ යවමින් විකෘති කරවමින් සමාජය අධ්‍යාත්මිකව කෙලෙසමින් විවිධාකාර පිළිකාවන් බෝ කරනු පෙනේ. සංගීතයේ ඇති දිව්‍යමය ස්වභාවය හඳුනාගැනීමට නොහැකි - සියල්ල භෞතිකව විග්‍රහ කරන්න උත්සහා කරන - සියල්ල විකුණුම් භාණ්ඩයක් කරන්න උත්සහා කරන සංගීතය අතට ගත්ත මේ යල්පැන ගිය කලු පූජකවරුන් අපි නොදැනුවත්ව කරමින් සිටිනුයේ පවතින ඊනියා ජනහිතවාදී, මානවවාදී, සමාජවාදි යැයි කිවූ රෑ දැනියෙල් දවල් මිගෙල් පාලකයාව පෝෂණය කිරීමක් පමණි.
රටක ඇසෙන ශබ්ද, සංගීත රටාවන් හරහා රටේ පාලන ව්‍යුහය දේශපාලනිකව කියවා ගන්නට අපට පුලුවනි. එසේනම් ඉහත විග්‍රහ වූ ඊනියා සංගීතකාරයෝ සෙට් එක මේ පවතින පාලන ව්‍යුහයට කත් අදින්නන් වී ඇත. පාලකයා ගෙන යන බොරුව මේ බොරු සංගීතකාරයො සහ බොරු කලාකාරයෝ විසින් බොරු සංඛ්‍යාත යොදා ගනිමින් සමාජ දේහය පුරා පතුරවමින් සිටිනු ඇත. ඔවුන් එකී වංචනික දේශපාලූවන් සමග හරි හරියට ඩීල් දමාගනිමින්, කැට ගසමින්, සූදු දමමින් තම බඩ පුරවාගැනීමේ ගේම් එකට ඇතුලු වී ඇත.
"මෙච්චර ආදරයක්
වේවැල අතේ තියං
කීකරු වෙන්න කියයි
ප්රශ්ණ අහන්නෙ නැතිව
ඒ කාලේ පෙම්වතුන්
අද වෙද්දි පොලීසියෙන්
ඔක්කොම ගජ මිතුරන්
මස් කෑල්ල වට කරපං
ඒ්ගොල්ලො දන්නවලු
අපි දන්නේ නෑලු
දන්සැල් බුද්ධිමතුන්
අපි අවජාතකයන්
පොත පත අතට අරන්
වෙඩි මුර පත්තු කරන්
උගත් මැරයො දැන් දැන්
අපේ පස්සෙන් පන්නං"
- අර්ජුමාන්
02.12.2025

Monday, 8 September 2025

"ඇයි මේ යුද්ධ කරන්නෙ… සාමය වෙනුවෙන් යුද්ධ කරන්නෙ"

මේ ලව් කරන වයසක්ද? වයසෙ හැටියටද වැඩ? මුලින්ම ඉගෙනගෙන ඉන්න. දැන් ඕවා අමතක කරල විභාගෙට පාඩං කරන්න. විභාගෙ ෆේල් වුනොත් ඔය කවුරුත් නෑ. 

විභාගෙ පාස් වුනොත් ඔය ඕන කෙනෙක් ලං වෙනවා. මේ කාලෙ ආදරය කරන්න තියාගන්න එපා. උඹ තාම පොඩි එකා. පොඩි එකා පොඩි එකා විදියට ඉන්න. 

ඔය වයසට මෝඩකමට ඕවා කරාට පස්සෙ තේරෙයි මොන තරං මෝඩකමක් ද කර ගත්තෙ කියලා. ඔය සම්බන්ධෙ සහමුලින් නවත්තලා දාන්න ඕනා. හිතෙන් අයින් කරලා දාන්න. ඔයාව දැලේ දාගෙන ඉන්නෙ. ඔයා රැවටිලා. 

ඔහොම ලස්සනට අඳින්න එපා. කැත වෙන්න. විනීතව අඳින්න. ගොඩක් හිනාවෙන්නත් එපා. සීරියස් ඉන්න. උගත් පාටට අඳින්න. ඔයා බුද්ධිමත් ළමෙක්. ඇයි ඔහොම මෝඩයෙක් වගේ ඉන්නෙ. 

ඔය බහුභූත ලියන එක නවත්තන්න. මොනාද මේ සිංදු ලියාගෙන චිත්‍ර පාට කරගෙන නිසදැස් මේසේ පුරා. ඕවා කරල කාටද බං හරි ගියේ. දැන් ඉන්ටවිව් එකකට ගිහින් කියන්න මම ආදරයෙන් මුසපත් වෙලා සිංදු ලිව්වා කියලා. හම්බෙයි ජොබ්. 

ජීවිතෙ ජයගන්න පුලුවන් කැප කිරීමෙන් විතරයි. ඔහොම බොළඳ වෙලා විනාසයකට යන්න එපා. බලන්න ජේසු අපේ පව් වෙනුවෙන් කුරුසෙ කර තියං ගියේ. ඒ වගේ ඔයත් ඔය ඔක්කොම අයින් කරලා අද ඉඳන් අධිශ්ඨාන කරගන්න විභාගෙ පාස් වෙලා කැම්පස් ගිහිල්ලා උපාධියක් අරගෙන හොද ජොබ් එකක් කරනවා කියලා. 

මුහුදෙ ඉන්නෙ එක මාලුවද. ඔයා කැම්පස් ගියාම බලන්නකො මාලුවො හම්බෙයි ඕන තරං. හොඳ පඩියක් හම්බෙද්දි මාලුවො දුසිං ගනන් එන්නෙ. අනික ඔයා එක්ක බැලුවම එයා කවුද. හැටි බලන්නකො. ඔයාගෙ ලඟින්වත් තියන්න පුලුවන්ද. හොද කාර් එකක් ගන්න පුලුවන් සමාජයේ පිළිගන්න ජොබ් එකක් හම්බුන ගමන් ඔයාට නිදහසේ ආදරය කරන්න පුලුවන්. 

මම හිතාගත්තා හරි මම විභාගෙ කරලා උපාධිය අරගෙන හොඳ සුපිරි ජොබ් එකක් කරලා ඊට පස්සෙ ඔය ඔක්කොටම පේන්න ආදරය කරලා පෙන්නනවා කියලා. මම සීරියස් වුනා. 

ඔව් ඇත්ත නේන්නං. ආදරය කියන්නේ මේ මොලේ රසායනික තත්වයක් නෙ. මේ කියලා තියෙන්නෙ පොතේ. ආ ඒකයි මට එහෙම ආදරණීය හැඟීම් ඇවිල්ලා තියෙන්නේ. කවුද දන්නෙ. ඒ කාලෙ මේවා දැනන් හිටියා ඈ. 

ජීව විද්‍යාවට අනුව රසායනික විද්‍යාවට අනුව සහ ගණිතය භෞතික විද්‍යාව ව්‍යාපාර කළමනාකරණය මේ හැමදෙයින්ම කියන්නේ මගෙ භෞතික තත්වයක් නිසා ආදරය වගේ හැඟීමක් පහල වුනා කියලා. ඒක නිකං මායාවක් විතරනෙ. ඒවාට රැවටෙන්නෙ නැතිව භෞතික ලෝකයත් එක්ක හැප්පෙන්නයි ඕනා. 

ඉතිං මම හොඳට ඉගෙන ගත්තා. හැම විශයෙම විභාගෙට එන කරුණු හොඳින් කට පාඩං කරගත්තා. ඇස් වහගෙන උත්තර ලියන්න පුලුවන් විදියට පොත් බලලා බලලා විභාගෙට ලෑස්ති වුනා. දැන් මම ගොඩක් කාර්යබහුලයි. 

ආදරය තියා විභාගෙට එන දේ හැර වෙන මුකුත්ම හිතන්න මට වෙලාවක් නෑ. මම වගේම විභාගෙට ඉගෙන ගන්න තව අය හම්බුනා. ඒගොල්ලො එක්ක කරට කර සටන් වැදුනා. ඒ ඔක්කොම පරද්දලා මම විභාගෙ උඩින්ම පාස් වුනා. 

දැන් හැමෝම කැමතියි. හැමෝම ආදරෙයි. තෑගි බෝග ගෙදර පිරිලා. මල්මාල දාන්න පෝලිමට ඇවිල්ලා. ගෙදර හැමවෙලේම සෙනග. මම තමා හැමෝගෙම මාතෘකාව. 

ඒ කවුරුත් විභාග පාස් වෙලා තිබ්බෙ නෑ. ඒ හැමෝම ඉගෙන ගන්න කාලෙ ලව් කරලා. ඒගොල්ලන්ට බැරි වුන දේ මම කරාට ඒගොල්ලො හරි සතුටුයි. 

එදා රෑ හැමෝම මට සුභ පතලා ඒ ඒ ආදරය කරපු අය එක්ක ඒගොල්ලො ගෙවල් වලට ගියා. මම පොත් මේසේ ආයෙ තනි වුනා. තාම ඉවර නෑ. දැන් උපාධියට ලෑස්ති වෙන්න ඕනා. උපාධිය ගත්තෙ නැත්තං මේ ආපු අමාරු ගමනෙන් වැඩක් නෑ. ඒක නිසා මහා පාලුවක් දැනුනත් ආයෙත් පාඩං කරන්න ගත්තා.

ඒ වෙද්දිත් මම ඉස්සර ලියපු නිසදැස් පුච්චලා. මගෙ ඩයරියේ එයාව කවදාහරි හම්බුනොත් කියලා පරිස්සමෙන් තියාගත්ත මලක් තිබ්බා. ඒක බලලා මටම මං ගැන ලැජ්ජාවක් ආවා. ඇත්තටම මොන බොළඳ වැඩද මේවා. දැන් තමා මට තේරෙන්නෙ. මම ඒ මල චප්ප කරලා කුණු ගොඩට විසි කරා. ඩයරියේ ඒ කාලෙ ලියපු දේවලුත් ඉරල පුච්චලා දැම්මා. ආදරය කරපු මෝඩ නූගත් ගොඩයෙක් වෙන්න ඕනෙද මම. එහෙම හිතලා මම උපාධියට පාඩං කරන්න ගත්තා. 

එහෙම පාඩං කරලා විභාග ගොඩ යද්දි ගොඩක් අය මට ලං වුනා. ඒ හැමෝගෙන්ම මට ඕන වුනේ ඊළග පඩියට පැනගන්න. මොකද ඔය එකෙක්වත් දන්නෑ මගේ පරමාර්ථ. ආදරෙයි කිව්වම ගොඩක් දේවල් කරගන්න ලේසියි. ඉතිං මම කීප දෙනෙක්ට ආදරෙයි කිව්වා. 

ඒත් ඒ එකෙක්වත් මගෙ මට්ටමට නෑ. මොකද මම යන්නේ ඉහලම තැනට. ඉහලම තැනට ගිහින් මට ඕනා නිදහසේ ආදරය කරන්න කියල උන් දන්නෙ නෑ. ඒ කාටවත් එතනට යන්න ඕන කමක් තිබ්බෙ නෑ. මට ඇති වුනාම ඒ හැමෝවම මම හලලා දැම්මා. 

මම යන්නෙ මගෙ ගමන. මේ ගමන නවත්තන්න සක්කරයටවත් බෑ. විභාගෙ හදපු එකාටත් වඩා හොදට මම විභාගෙ අධ්‍යනය කරන්න ගත්තා. එහෙම ගිහින් උපාධිය ඉහලින්ම පාස් වුනා. දැන් මට ගමෙන් විතරක් නෙමේ නගරෙනුත් පිළිගැනීම. 

කලින් වගේම අර පොඩි කාලෙම ආදරය කරලා විභාග ඇනගත්ත මෝඩ නූගතුන් ආවා මට සුභ පතන්න. ඒගොල්ලො මාව වීරයෙක් වගේ උඩ දැම්මා. මම ඒගොල්ලන්ගෙ නායකයලු. මම ඒගොල්ලන්ට උපදෙස් දුන්නා. ජීවිතෙ ජයගන්න විදිය ගැන කියල දුන්නා. උන්ට දැන් ළමයි හම්බෙලා. උපදෙස් දෙද්දි අහන් ඉන්නවත් බෑ ළමයි දඟලනවා. මට නං ළමෙක් හදනවා තියා හිතන්නවත් බෑ. මොන තරං පව් වැඩක්ද මේ ළමයි හදනවා කියන්නෙ.

කොටින්ම ඕවා ඉතිං විභාග ෆේල් වුන ආදරයට මෝඩකමට ලොල් වුන ගොඩේ බයියන්ගේ වැඩනෙ. උන් ඉතිං මම කිව්ව සංකීර්ණ දේවල් අහන් ඉඳලා ඒ ඒ ආදරය කරපු අය එක්ක ළමයි එක්ක ඒ ඒ අයගෙ ගෙවල් වලට ගිහින් තුරුල් වෙලා නිදා ගනිද්දි මම ආයෙත් පොත් මේසේ තනි වුනා. ඒ වෙද්දි මම ලියපු ඔක්කොම කවි පුච්චලා ඉවරයි. ඉස්සර මම මෝඩයා කාලෙ කරපු ගොන්කං මතක් වෙන්න තියං හිටපු ෆොටෝ අරවා මේවා ඔක්කොම පුච්චලා දැම්මා. දැන් මම උගතෙක් කියල දැනෙන්න ගත්තා. 

මට හම්බුනා සුපිරි ජොබ් එකක්. ගමේ උන් පදිරි. දැන් පේනවා ඇති මුන්ට. මුන්ගෙ ඇස් වලට කටු අනිනවා වගේ මම කාර් එකෙන් ටයි දාලා වැඩට යද්දි. මම පේන්නම වගේ ගමේ අර මෝඩයො ඉස්සරා ඉංග්‍රීසියෙන් කතා කරන්න පටන් ගත්තා. ඉංග්‍රීසි කතා කරද්දි උන් කොර. උන් කතා කරන ඉංග්‍රීසි ඇහෙද්දි මට අප්පිරියයි. උන් දන්නෙ ඇත්තටම මෝඩ හරක් වගේ ආදරය කර කර ඉන්න. අතේ සතේ නෑ. අතේ සල්ලි නැතුව මොන ආදරද. මුලින්ම සල්ලි හොයන්න ඕනා. සුපිරි ගෙයක් ඕනා. කාර් එකක් ඕනා. ඊට පස්සෙ බැරියැ ආදරය කරන්න ඕන තරං. 

දැන් මට ඒ කිව්ව ඔක්කොම තියෙනවා. උපාධිය, පිළිගැනීම, හොඳ පඩිය, ඉංග්‍රීසි, සුපිරි සැලුන් වලින් හදාගත්ත ඇස් කඩාගෙන යන ලස්සන, ජිම් ගිහින් හැදුන සුද්දෙක් වගේ ශරීරය… දැන් පුලුවන් මට ආදරය කරන්න. 

ඉස්සර ගමේ රස්තියාදු ගහද්දි හම්බුන ඒ ආදරය මට මතක් වුනා. ඒත් මට දැන් එතනට යන්න තියා ඒ දිහා බලන්නත් ලැජ්ජයි. මම කොහෙද ඉන්නෙ. එයා කොහෙද ඉන්නෙ. ඒත් මම මේ ගමන ආවේ එයා වෙනුවෙන්. අපේ ආදරය වෙනුවෙන්. අද මේ ඔටුන්න දාගෙන ඇයි මේ පාලු මන්දිරයක තනි වෙලා. 

ඔව් මගෙ මෙන්ටර් කිව්වා හරි. මගෙ ඩොක්ටර් කිව්වා හරි. ඕවා හිතන්න නෙමේ ඕනා. මම මං ගැන හිතන්නයි ඕනා. මම යනවා තව ඉහලට. එතකොට මට හම්බෙයි මම හොයන සැබෑම නිදහස. 

මම යනවා ලෝකෙ තියෙන සුපිරිම රටට. ගිහින් එහෙ පුරවැසියෙක් වෙනවා. මේ ගොඩේ මඩ පොකුණ මට හරි යන්නෑ. මට දැන් ආපසු හැරෙන්න බෑ. මේ ඇඟේ එල්ලලා තියෙන දැනුම කිව්ව තුවක්කු බෝම්බ අරගෙන මම යුද්ධෙට යන්නයි ඕනා. මම කවදාහරි යුද්ධ කරලා, නගර විනාස කරලා, ලේ වගුරලා හරි හදනවා ආදරයේ ලෝකයක්. නිදහසේ ආදරය කරන්න පුලුවන් මගෙම ලෝකයක් හදනවා. 

ජයගන්න නං දුවන්න ඕනා. මේක තරඟයක්. උත්සහා කරොත් දිනන්න පුලුවන්. දිනන්න දිනන්න මට හම්බෙනවා අලුත් අලුත් රසිකයෝ. දිනුම් කණුවෙන් දිනුම් කණුව අර ගමේ හිටපු මගේ මෝඩ බොළඳ ආදරයෙන් ඈත් වුනත් මට තව තව ඔටුනු හම්බෙනවා. 

දිනුම් කණුව ළඟට එන්න අර පොඩි කාලෙම ලව් කරපු බයියන්ට එන්න බැරි වුනත් මට හම්බෙනවා මම වගේම ගමෙන් නගරයට ආපු තරඟකාරයෝ. ඒගොල්ලො එක්ක ඉද්දි මට මං ගැන ආඩම්බරයක් එනවා. ඒකෙන් මම තව අහංකාර වෙනවා. අහංකාර වුනාම ලස්සන වෙනවා. තව තව මට ආකර්ශනය හිමි වෙනවා. මට තව මදි. ආදරය හම්බෙනකං මම මේ රේස් එකේ දුවනවා. 

දැනුම් සම්භාරයක් මැද පාලු මන්දිරයක තනි වුන මම පරණ සේප්පුවෙ තිබිල හම්බවුන අවසාන පෙම් හසුනත් පුච්චලා දැම්මා. දැන් මම කෙලින්ම දෙවියන්ට අහියෝග කරන්න ලෑස්තියි. ස්වභාවික ලෝකය කෙලෙසන්න ලෑස්තියි. 

පොඩි කාලෙ ඇති වුන වල් ආදරය සත්ව ආදරය ස්වභාවික දෙයක් නං ඒක කෙලෙසලා පාලනය කරලා මට ඕන විදියට හදාගන්න මම දැන් පුහුණු වෙලා ඉවරයි. බොරු හිතක් පපුවක් මම දැන් ගාණකට ගන් නෑ. මට පුලුවන් දැන් අවශ්‍ය නං රටවල් පිටින් අමු අමුවේ සුන්නද්දූලි කරලා දාන්න තාක්ෂණයක් හදන්න. ඒ මැශින් හදන්න මම පුහුණු වෙලා. 

මම දැන් ගොඩක් බුද්ධිමත්. ඉස්කෝල දහම් පාසල් වලට ගිහින් මම දැන් ළමයින්ට කියලා දෙනවා ශිෂ්ඨසම්පන්න වෙන හැටි. හික්මීම ගැන මහා දේශණ තියලා පොත් පත් සම්මාන ගොඩාක් පිරුණු මගේ පාලු මන්දිරයට ඇවිල්ලා ඉස්සර මගේ වල් ආදරය ගැන මතක් කරලා රහසින් ස්වයං වින්දනයේ යෙදෙනවා. ආයෙත් දවල්ට එහෙම වල් කෙල්ලන්ව කොල්ලන්ව විනයානුකූල කරන්න කටයුතු කරනවා.  

ලෝකෙ පුරා තියෙන අධිකව ලාභය උපයන කොම්පැනි වලට රටවල් වලට සංවිධාන වලට අවංකව වැඩ කරන්න මම ලෑස්තියි. මගෙ මුලු ආත්මයම එහෙම සංවිධාන වලට දෙන්න මට පුලුවන් වෙලා. මං වගේම පොඩි කාලෙ ආදරය කරන වල් සත්තුන්ව මරලා පුච්චලා දාන්න මට පුලුවන්. මාව මරාගත්ත එකේ මට වෙන උන්ව මරන මහා දෙයක්ද. මොකද මම දැන් උගත් නිසා. 

"ඇයි මේ යුද්ධ කරන්නෙ… සාමය වෙනුවෙන් යුද්ධ කරන්නෙ"

- අර්ජුමාන්

07.09.2025

Wednesday, 21 May 2025

Puruki - Arjumann

Puruki is a requiem for a love that dared to exist before the world was ready to understand it.

 This is a story of two children who discovered love in its rawest, most sacred form before language could limit it, before culture could censor it, before morality could twist it. A brother and a sister, growing up side by side, wrapped in the innocent wonder of each other’s presence, in a bond that had no names, no conditions, and no maps to follow. It was just felt. And in that feeling, there was truth. But the world does not like truth unless it fits its mold. 

And when that love began to bloom beyond childhood—when their hearts began to ask questions that had no sanctioned answers—the so-called adults arrived. With rules. With shame. With walls. They pulled them apart. Called it forbidden. Grounded it. Pathologized it. They couldn’t see the divine nature of a love born in innocence. They only saw the threat it posed to a predefined, rigid framework—of bloodlines, of gender roles, of marriage, of power. 

This isn’t just their story. 

This is the universal story of how the world fails to honour the sanctity of childhood love. 

Across cultures, religions, and communities, there exists a brutal pattern: we teach children to love purely, then punish them for doing so. We demand honesty, then humiliate it. We let them form bonds free of judgment, only to sever those bonds the moment they challenge adult constructs. The transition from childhood to adulthood becomes a trauma, not a growth—because it is laced with forced forgetting, with unlearning what was once natural.

The love between these two children was never meant to be sexualized, moralized, or politicized. It simply was. But as they grew older, they were forced into battles they never chose: identity crises, internalized guilt, sexual vulnerability, the burden of proving that their love was not perverse but pure. They spent years wearing masks—performing normality—while bleeding inside. Society failed to see their silent war. 

And it still does. 

This song is a cry against that failure. 

It is a rebellion against the sanitized, heteronormative, family-centered mythology of love. 

It is a prayer for every soul who’s ever had to grieve a love that had no language. 

It is for the invisible children inside grown bodies, who still remember what love really felt like before it became a product, a possession, a prison.

#arjumann