හිතේ කිසිම අවංක කමක් නැති, දයාවක් කරුණාවක් සහකම්පනයක් ගෑවිලා නැති, අම්ම තාත්තව ආම්බාං කරගෙන ගෙවල් ඇතුලෙ මිලේච්චකං ප්රදර්ශනය කරන, මමත්වයෙන් ඊරිසියාවෙන් පිච්චි පිච්චි ඉන්න නමුත් සෙන්ට් පව්ඩර් ගාගෙන මේකප් නාවගෙන කොණ්ඩෙ වැක්ස් කරපු හතර වටේ ණය වෙච්ච සෝබන මාකටින් පප්පල ටිකක් සංගීත භාණ්ඩ වාදනය කරන්න දැනගෙන, සිංදු ලියන්න කියන්න පටන් අරන්, රඟපාන්න අරගෙන ආටිස්ලා වෙලා - මල වදේ.
මේ ආටිස්ලා කියාගන්න උන්ගේ ජීවිත වලට, ගෙවල් ඇතුලට පවුල් කුඨුම්භ අස්සට එබිකම් කරාම අපට පේනවා මේ ආටිස්ලා ආර්ට් කරන විදිය. ඒකට උන්ගෙ ගෙවල් පිටිපස්සට යන්න ඕනා. කක්කුසිය චෙක් කරන්න ඕනා. ඉතිහාසයත් පොඩ්ඩක් හොයල බලන්න ඕනා. විශේෂයෙන්ම මේ සංගීත භාණ්ඩ වලට කොට කොට, සල්ලිකාර කොම්පැණි ඉස්සරා සංගීතය ගණිකා සේවනයේ යොදවන අයියලාගේ... ඒ වගේම ෆේස්බුක් ඉන්ස්ටග්රම් එකේ මහා කාඩ්බෝඩ් චරිත හදාගෙන ඉන්න සංගීතය හරහා වෙළඳාම් කරන මියුසීශියන් කියාගත්ත එවුන්ගේ... ස්ත්‍රීීීීත්වය (feminism) පොඩ්ඩක් විමසලා බලන්න ඕනා.
ඒගොල්ලො බැලූ බැල්මට සුපිරි පිරිමි - යුද්ධ වලට යවන්න පුලුවන්, සමූල ඝාතන කරවා ගන්න පුලුවන්, බර උස්සන්න පුලුවන්, ගෑණු ආරක්ශා කරන සුපිරි පිරිමි. ඒ පිරිමි සංගීතය වයද්දී ඉස්සරාට ඇවිල්ලා අප්පුඩි ගහන, ඒවට නටන, රෝස මල් දෙන එවැනිම පිරිමින් විසින් සකසපු බඩු භාණ්ඩ මෙන් වෙළඳ වටිනාකමක් තියෙන ආගමිකව හීලෑ වුනු ගැහැණු වර්ගයකුත් අපට දැකගන්න පුලුවන්. ඉතිං මේ දෘඩ පිරිමි ටික සිංදු කියනවා, ඒගොල්ලො ආර්ට් කරනවා. ඇයි ඒ?
එවැනි ඊනීයා පිරිමින්ගේ අභ්‍යන්තරයේ තියෙන ලොකුම අර්බුදය තමුන්ගේ පුරුශ ස්වරූපය ආරක්ශා කරගැනීම පමණක් වෙලා තියෙනවා - තමුන් කිසිම ආකාරයකින් නපුංසකයෙක් නොව සුපිරි චණ්ඩි පිරිමියෙක් යැයි ලොවට පෙන්වීමට උත්සහා දැරීම පමණක් වෙලා තියෙනවා - තමුන්ගේ සැඟවිච්ච සමලිංගික ආසාවන් වහං කරගැනීම පමණක් වෙලා තියෙනවා. ඒ තරමට ඒ පිරිමිකම වැල්ලෙ හදපු මාලිගාවක් වගේ - වෙර දරලා අල්ලගන්න ඕනා නැත්තං ටක්ගාල දියාරු වෙලා යනවා. එච්චර පිරිමියෙක් වෙන්න ඕනනං මොන ලබ්බටද මේ ගෑණු වැඩ කරන්නෙ? සිංදු කියන්නෙ, සංගීතය කරන්නෙ, නටන්නෙ ගයන්නෙ?
මේ කිසිවක් අප දන්නා ඊනියා යටත් විජිතවාදී පිරිමි පාසල් වලින් සකසපු සුපිරි පිරිමි මොඩලයේ අඩංගු වෙන්නෙ නැති කාරණා නේ. ඕවා ගෑණු වැඩ, මෙන්න පිරිමි වැඩ, පිරිමියෙක් වුනාම... ගෑණියෙක් වුනාම... මේ වගේ දේවල් හද්ද පරණ යටත් විජිතවාදී හණමිටි පිරිමි-ගෑණු පාසල් වල ඇහෙන කොච්චර පසුගාමී වදන් ද. එහෙනං ඇයි මේ සුපිරි පිරිමින් යැයි ලොවට පෙන්වන උදවිය සංගීතයක් හෝ කලාවක් තමුන්ගෙ ජීවිත වලට පටල ගන්නෙ? එතන තියෙන ලිංගික අර්බුදයෙන්ම දැනට ජනප්‍රිය තලයේ පවතින හෝ පැවති සියලුම කලා නිර්මාණ යැයි කිවූ "ප්‍රොපගැන්ඩා" වල තියෙන දේශපාලනික ගැඹුර අපට කියවාගන්න පුලුවන්.
ස්ත්‍රියට පුලුවන් තරම් තඩිබාන, යටත් විජිතවාදී නීති රීති අරන් එන, නංගිට අම්මට අක්කට ඇඳුම් අඳින විදිය ගැන මහා දේශණ පවත්වන, නිවැරදි ආදරය මෙයයි - වැරදි ආදරය මෙයයි, සම්මතය මෙයයි - අසම්මතය මෙයයි කියන පොලිස් නිළධාරීන් අද වන විට තුවක්කුව කලිසම අස්සෙ ගහගෙන සංගීත භාණ්ඩ අතට අරගෙන තියෙනවා.
වික්ටෝරියානු සදාචාරය ඔලුව උඩ තියාගත්ත ඉහත කී විකෘති පුරුශ සංකීර්ණයක හිර වෙලා ඉන්න යල්පැන ගිය පිරිමි සෙට් එකක් අද වන විට ඇඩ්වටයිසින්, මාකටින්, මියුසික්, ආර්ට්, ෆිල්ම් ඇතුලු ගොඩාක් ක්ශ්රේත්රයන් අල්ලාගෙන උදුරාගෙන බලෙන් පාලනය කරමින් ඉන්නවා. ඒ ක්ෂෙත්‍ර අද වන විට කිසිම මානුශීය ගුණාංගයක් නැති, සංස්කෘතික හෝ අධ්‍යාත්මික කියවීමක් නැති, අනාගතවාදී නැති හුදෙක් අශ්ලීල විනෝදයක් සපයන මහා අජපල් ජාතිවාදී, කල්ලිවාදී, ග්‍රාමීය තුවාල විකුණන අන්ත හිඟන බාල මට්ටමකට ඇදවැටිලා තියෙනවා. එවැනි හිඟන වෙළඳපොලක කිසිම විශ්වීය හෝ ජාත්‍යන්තර ආමන්ත්‍රණයක් අපට පෙනෙන්නනට ඇහෙන්නට නැත. ඇත්තේ දන්න දන්න වුන්ගේ පිටවල් කසාගැනීමක් සහ පාලු ගෙවල් වල වලං බිඳීමක් පමණි. හැමදාම දකින නලු නිලියො දැකලා අප්පිරිය වෙලා. හැමදාම එහෙට මෙහෙට කඩේ යන ඩිරෙක්ටර් ලා එකම වට්ටෝරුවේ ෆිල්ම් හදනවා - එකම චරිත, එකම ප්‍රශ්ණ, එකම දෙබස් - අප්පිරියයි. ඒවා ඒ ඒ දායක සභා වල ඒ ඒ පංති වල උන් නරඹමින් හුරේ දමමින්, උන් උන් සම්මාන පාස් කරගනිමින් මොකද්දෝ මන්දා එකක් වහගන්න ලොකු උත්සහායක යෙදෙනවා පේනවා.
බාහු බලයෙන් තීරණ ගන්න, පොඩ්ඩ ඇත්නං කේන්ති යන, සරම උස්සගෙන අම්මට බනින, බඩු පොලේ ගහන මෙවැනි වහල් පිරිමින් සංගීතය යොදවා ගන්නේ ස්ත්‍රීත්වය නැතිනම් ස්ත්‍රීයව ආගමික නාස් ලණුවෙන් කරත්තයට හිර කරවීමට පමණි. ඒ කාරණාව හැරෙන්නට එවැනි පිරිමින්ට සංගීතයට පැටලෙන්නට කිසිම වෙන උවමනාවක් නැත. සරලව, යටත් විජිතවාදී ආගමික පූජකවරු දෙවියන්ගේ අල්තාරෙ ඉස්සරා ස්ත්රීයගේ ස්වභාවික කාමාශාව සහ ගැඹුරු ලිංගිකත්වය පාලනය කිරීමට සංගීතය යොදවාගත්තා සේම මේ විවිධාකාර කඳවුරු නියෝජනය කරන කලු පූජකවරු පිරිමි ශරීර ඇතුලට රිංගා ගනිමින් ස්ත්‍රීත්වය හෝ ස්ත්‍රීයව මෙල්ල කරමින් ඇත.
මේ ගඳ ගහන පිරිමින් සංගීතය හරහා තම සමලිංගික සංකීර්ණයන් වහං කර ගනිමින්, එම නිසාම අධික ලෙස ප්‍රචණ්ඩ වෙමින් මුලු මහත් සමාජයක් සීසිකඩ යවමින් විකෘති කරවමින් සමාජය අධ්‍යාත්මිකව කෙලෙසමින් විවිධාකාර පිළිකාවන් බෝ කරනු පෙනේ. සංගීතයේ ඇති දිව්‍යමය ස්වභාවය හඳුනාගැනීමට නොහැකි - සියල්ල භෞතිකව විග්‍රහ කරන්න උත්සහා කරන - සියල්ල විකුණුම් භාණ්ඩයක් කරන්න උත්සහා කරන සංගීතය අතට ගත්ත මේ යල්පැන ගිය කලු පූජකවරුන් අපි නොදැනුවත්ව කරමින් සිටිනුයේ පවතින ඊනියා ජනහිතවාදී, මානවවාදී, සමාජවාදි යැයි කිවූ රෑ දැනියෙල් දවල් මිගෙල් පාලකයාව පෝෂණය කිරීමක් පමණි.
රටක ඇසෙන ශබ්ද, සංගීත රටාවන් හරහා රටේ පාලන ව්‍යුහය දේශපාලනිකව කියවා ගන්නට අපට පුලුවනි. එසේනම් ඉහත විග්‍රහ වූ ඊනියා සංගීතකාරයෝ සෙට් එක මේ පවතින පාලන ව්‍යුහයට කත් අදින්නන් වී ඇත. පාලකයා ගෙන යන බොරුව මේ බොරු සංගීතකාරයො සහ බොරු කලාකාරයෝ විසින් බොරු සංඛ්‍යාත යොදා ගනිමින් සමාජ දේහය පුරා පතුරවමින් සිටිනු ඇත. ඔවුන් එකී වංචනික දේශපාලූවන් සමග හරි හරියට ඩීල් දමාගනිමින්, කැට ගසමින්, සූදු දමමින් තම බඩ පුරවාගැනීමේ ගේම් එකට ඇතුලු වී ඇත.
"මෙච්චර ආදරයක්
වේවැල අතේ තියං
කීකරු වෙන්න කියයි
ප්රශ්ණ අහන්නෙ නැතිව
ඒ කාලේ පෙම්වතුන්
අද වෙද්දි පොලීසියෙන්
ඔක්කොම ගජ මිතුරන්
මස් කෑල්ල වට කරපං
ඒ්ගොල්ලො දන්නවලු
අපි දන්නේ නෑලු
දන්සැල් බුද්ධිමතුන්
අපි අවජාතකයන්
පොත පත අතට අරන්
වෙඩි මුර පත්තු කරන්
උගත් මැරයො දැන් දැන්
අපේ පස්සෙන් පන්නං"
- අර්ජුමාන්
02.12.2025
No comments:
Post a Comment