කන්න දෙන්න සල්ලි නෑ
ගෙදර ඉන්න පොඩි එවුන්ට
මගේ පවුල බෙහෙත් නැතිව
මැරෙන්න පන අදිනවා
දෙන්න බැරිද සල්ලි ටිකක්
ඔයාගේ ඔය පින් කැටෙන්
මාසෙට පූජා කීයද
එකකට බැතිමතු කීයද
එකෙක් රුපියලක් දුන්නත්
එතනම එකතුව කීයද
පූජාවෙදි මැරුන අයගෙ
නම් කියලම කොච්චරක්ද
මැරුනත් බැන්ඳත් ඔයාට
සල්ලි තිතට දෙන්න එපැයි
ආධාරම කොච්චරක්ද
පොත් විකුනල කොච්චරක්ද
දෙවියන් මෙච්චර ගනන් ද
ඔයාගේ ඔය පල්ලිය ලඟ
පිටිපස්සෙන් පැල්පත් ඇති
එතන ඉන්න මගේ පවුල
මැරෙන්න පන අදිනවා
දෙන්න බැරිද සල්ලි ටිකක්
ඔයාගේ ඔය පින් කැටෙන්
මගේ මල්ලි ගෙයක් නැතුව
පාරෙ තමා නිදාගන්නේ
වැස්සොත් ඌ තෙමෙනව
පොලීසියෙන් ගැහුවොත් ඌ
වෙන තැනකට දුවනවා
දෙන්න බැරිද ඉන්න ඉඩක්
ඔයාගෙ ඔය පල්ලියේ
හැමපාරම මංගල්ලෙට
ඔයා ගන්න කඩ කුලියම
මදි නොවේද බේර ගන්න
කන්න නැතුව
බොන්න නැතුව
ගමේ මැරෙන පොඩි එවුන්ව
පල්ලි වත්තේ හැමතැනකම
බිල්ඩින් නං හැදෙනවා
හොට් බාතින් ඒසී හෙම
රූම් එකේ සෙට් වෙනවා
හොඳම කෑම හොඳම එවුන්
හැමවෙලේම ගෙනත් දෙනව
දෙන්න බැරිද සැපෙන් ටිකක්
දුප්පත් මගෙ පොඩි එවුන්ට
ඒ කාලෙත් ජේසු වගේ
වීරයන්ව මරුවෙ උඹල
ජේසුල නං ආයෙ ආවා
උන්වත් තොපි මරල දැම්ම
දැන් ජේසුව ප්‍රයිස් කරල
පල්ලියේම විකුණනවා
ජේසු කැඩුව කඩ ඔක්කොම
ජේසු නැසුව පන්ති බේද
උඹල ආයෙ ආයෙ හැදුව
සුරංගනා කථා කියල
අපිව මෝඩ හරක් කෙරුව
දෙන්න බැරිද හොයල අපිට
දෙවියන් ඔය පල්ලියෙන්
- අර්ජුමාන්
No comments:
Post a Comment
Note: only a member of this blog may post a comment.