Sunday, 19 May 2019

මනෝ Part I

 ෆ්‍රන්ට් ලිෆ්ට් එක

වබ්ලිව් ටීසී
ග්‍රවුන්ඩ් ෆ්ලෝ
නැග්ග ලිෆ්ට් එකට
කෙලින්ම හතරට
හතරෙන් ගොඩ වෙනව
නාකි අන්කල් කෙනෙක්
ෆයිල් ගොඩක් ගත්ත
තව ඩයල් එකක්
යන්තං හයෙන් බැස්ස
ලිෆ්ට් එකේ කණ්නාඩිය
කොණ්ඩෙ බැලුව
ශේප්
මහන්සි පාටයි
රැවුල
කපන්නත් තිබ්බ
කුරුලෑවක්
ශික්
චප්ප කරොත් රතු වෙයි
ඕන් නෑ
ටින්...
දහයෙන් නැවැතුන
දොර ඇරුන
පොඩි කෙල්ලෙක්
වයස දාහතරක්
පහලවක්
දාසයක් වෙන්නත් පුලුවන්
ලිෆ්ට් එකට ගොඩ වුනා
මම ලොකු සීන්
ලිෆ්ට් එකේ ඩෝ එක
මෙයා හෝල්ඩ් කරගෙන
ඈතින් අඩි සද්දයක්
එළියෙන්
අම්ම!
කෙල්ලගෙ
හතලියක් දෙකක්
පහක් වෙන්නත් බැරි නෑ
ඇන්ටි එක්ක
ලාවට හිනා වුනා
එයත් නෝමල්
ලිෆ්ට් එක යනව
එබුවෙ විසි නමය
මම යන්නෙ
තිහට
දෙන්න කතා බහක් නෑ
කෙල්ල ෆෝන් එකේ
ඇන්ටි එක එල්ලේ
බලාගෙන
මම එයා දිහා
බලාගෙන
මම බලන බව
එයත් බලාගෙන
කෙල්ලවත්
බලාගෙන
කෙල්ලත්
බලාගෙන
ඇග හරහ පොඩි
වල් කරන්ට් එකක්
වදින්න යද්දිම
හිමීට
ලිෆ්ට් එක යන ස්පීඩ් එක
අඩු වුනා
එක පාර මොකද්ද
හිර වුනා වගේ
ආයෙත් පල්ලෙහාට ආවා
දඩස් ගාලා
ආයේ හිර වුනා
කෙල්ල කෑ ගැහුව
ඊට කලින් මම කෑගැහුව
දැන් හිර වෙලා
විසිහතේ
හෙල්ලෙන් නෑ
අපි හෙල්ලෙන්ත් නෑ
කෙල්ල අම්ම ගාව
මේ... සෙකියුරිටි එලාම් එක බලන්නකො
ඇන්ටි මට
මම උඩ යට බිම
අර තියෙන්නෙ
එයාම හොයාගෙන
එබුව
මුකුත් සද්දයක් නෑ
ලිෆ්ට් එකේ ෆෝන් එක
වැඩ නෑ
මගෙ ෆෝන් එක
සිග්නල් නෑ
බැට්‍රිත් නෑ ඒ අස්සෙන්
ඔයාගෙ ෆෝන් එක ටිකක් දෙන්නකො
සිග්නල් නෑ නෙ
ආ
ආ මේකෙත් නෑ මල්ලි
මේක කඩන් වැටෙන එකක් නෑනෙ
ආ නෑ නෑ එහෙම වෙන් නෑ
මොකක් හරි අවුලක් යන්න ඇති
ඒගොල්ලො දැන් ඕපන් කරයි
බය වෙන්න එපා
මම කියෝනව
ඒව මේව
ලිෆ්ට් ගැන
ලිෆ්ට් වල වුන සිද්ධි
ලිෆ්ට් වල හිර වීම
පාර්ලිමේන්තුවෙ හිර වුන එක
නෝමල් වුනා
කෙල්ලට බය නැති වෙලා
කණ්නාඩිය
මම
කොණ්ඩෙ කැතයි
ලාවට හදාගත්ත
පොඩ්ඩක් ඇග පත
කොන්ද කෙලින් කරගෙන
ආයෙත් ලිෆ්ට් එකේ ෆෝන් එක
වැඩ නෑ
ඒ අස්සෙන් රස්නෙයි
ඔයා කොහෙද ගෙවල්
ජා ඇල
ඕගොල්ලො
අපි දෙහිවල
ඔය දෙන්න අම්මයි දුවයි.... ද.. නෙ
ඇයි ශුවර් නැද්ද
හිනාවක්
නෑ ඇත්තටම මං හිතුවෙ
අක්කයි නංගියි... වගේ මොකක් හරි කියලා
ආයෙත් හිනාවක්
තුන්දෙනාම
එක පාර
ඈතින් අහසින්
මොකද්දෝ වැටෙනව වගේ
සද්දයක්
ටික ටික වැඩි වෙනව
ලං වෙනව
බර දෙයක් වගේ
තුන් දෙනාම උඩ බැලුව
හුක්...
ලොකු යකඩ මොකක් හරි
බර දෙයක්
ලිෆ්ට් එක උඩට වැටුනා
උඩින්
ගැලවිලා
හුක්...
ඒත් එක්කම
පල්ලෙහාට
කඩාගෙන
ලිෆ්ට් එක යනව
ස්පීඩ් එක දරාගන්න බෑ
බුරිය ලගින් රිදෙන්න ගත්ත
තුන්දෙනාම කෑගහනව
කෙල්ල අම්මව බදාගෙන
මම මොකද්ද එකක් අල්ලං
පාත් වෙලා
බිම
උපරිමයෙන්
කෑ ගහනව
බය නැති වෙන් නෑ
වැඩි වෙනව
දඩස්
ආයෙ හිර වුනා
ලයිට් නැති වුනා
ලිෆ්ට් එක ලාවට
එහෙට මෙහෙට
පැද්දෙනව වගේ
කෙල්ල අඩනව
ඇන්ටි ලාවට අඩනව
මම
සයිලන්ට්!
කලුවරයි
ආයෙත් වැටෙන්න ඉඩ තියෙනව වගේ
ශුවර් නෑ
සීරියස් සීන් එකක්
වැඩේ ෆක් වෙල තියෙන්නෙ
ෆෝන් එකේ ටෝච් එක
බය වෙන්න එපා
දෙන්නම අඩනව
එන්න මගෙ ලගට
කෙල්ල මගෙ ලගට
ඇන්ටිත් මගෙ ලගට
තුන්දෙනාම බදාගෙන
ලිෆ්ට් එකේ හරි මැද
බැලන්ස් කරගෙන
කදුලු එනව
ඒත් අමතක වෙනව
දෙන්න ලං වෙනව
රස්නෙයි
සුවදයි
සිනිදුයි
බයයි
මරණය
අවසානය
වෙන්වීම
මොහොත
ආයෙ කදුලු එනව
ආයෙ අමතක වෙනව
තුන්දෙනාටම අමතක වෙනව
ඔක්කොම අමතක කරනව
මැරෙනවනෙ කොහොමත්
මැරුනත් නැතත් මොකද
කාටද අදාල
ජරාස්...
ලිෆ්ට් එක ඇද වුනා
තුන්දෙනාම එක පැත්තකට
සයිඩ් වෙලා
මම හිතනව
හිතනව
හිතනව
සයිලන්ට්!
ඇන්ටි මං දිහා බලාගෙන
කෙල්ලත් මං දිහා බලාගෙන
මට ඇඩෙනව
ඇන්ටි සනසවනව
කෙල්ලවත් සනසවනව
නලෝනව
ආදරෙ කරනව
ඔලුව අත ගානව
සැනසෙනව
සියල්ල අමතක වෙනව
කදුලු එනව
එක පාර
ආයෙත් උඩින් වැටෙන සද්දයක්
හරි මේ පාර එන්ඩ් එක තමා
තුන්දෙනාම තදින් බදාගෙන
සද්දෙ වැඩි වෙනව
ලං වෙනව
ලං වුනා...

ඇහැරුනා!

Wednesday, 31 January 2018

අපි පිරිමි මැරෙනකං.... ගැහැණියම හොයනවා

මා උඹේ බිරිඳගේ
පස්ස බලනා සඳ
උඹ හොරෙන් ඇවිලුනා
මතකයිද බං

හිත යටින් ඇස් කොනින්
උඹ මගේ බිරිඳගේ
පස්ස හා අඟපසඟ
බැලූ දා මං

ඇවිලෙම් ද
කියපන්කො
නිවෙන්න ද
කියහන්කො

ඈත ඒ ආකාසේ
තෙරක් නැති තරු වගේ
මහ මුහුදෙ හවසකට
ඉර ගිලෙනවා වගේ
වැස්ස දා හීතලට
නීට් ෂොට් එක වගේ
ගැහැණු රුව බං
ගැහැණු රුව බං

අපි පිරිමි මැරෙනකං
ගැහැණියම හොයනවා
ගෑණුකම හුරතලය
වේසකම දැඟලිල්ල
අම්මාගේ ආදරය
සැනසිල්ල නැළවිල්ල
එකවරම හොයනවා
හම්බෙලත් හොයනවා

පරම පිවිතුරු
පෙට්ටි නොකැඩුණු
ඇය එක්ක දිවි ගෙවන
වනචරයො අපි නේද?
හිතින් අපි
හිතින් මම
හිතින් උඹ
හිතින් ඇය
වනචාරී සත්තුන්ය
දියුණු වූ සත්තුන්ය

නිදහසේ ඉගිලෙන්න

කූඩුව කඩන්නම වෙනව බං!


- අර්ජුමාන්

Sunday, 18 June 2017

දෙමල පකා, බැහැපන් එළියට!

කොළඹින් එහා වත්තලෙන් පටන් ගන්න හලාවතෙන් ඉවර වෙන කතෝලික බෝඩර් එකේ ඉරිදට ඌරු මස් කෑල්ලක් හපල අරක්කු ෂොට් එකක් තාත්තා එක්කම වනාගෙන සීටීගේ නැත්තං ක්ලැරන්ස්ගේ බයිලා සිංදුවක් කියාගෙන හවසට පල්ලි ගිහිල්ල බොරුවට ස්වාමී කියන දේ අහන් ඉන්න ලංකාවේ බටහිරයන් හරියටම ලංකාවේ මේන්ස්ට්‍රීම් ප්‍රශ්ණ දන්නේ නැතැයි මට හිතෙන්නට ගත්තේ එදා සිද්ධ වුන කාලකන්නි සිද්ධියත් සමගමයි. ඒ බෝඩර් එකේ බහුතරය බීච් එකේ රා බීල, එතනම වලියකුත් දාගෙන, ඉර බහින්න කලින් වලියත් ඉවර කරගෙනම, එකට සිංදුත් කියාගෙන ගෙදර ඇවිල්ල හොදට නාලා පාන් කන ගමන් ටීවි එකෙන් එවකට උතුරේ වුන මහා දරුණු දෙමල සිංහල යුද්ධය නැරඹුවේ අමුතුම ත්‍රිල් එකකින් වෙන්න පුලුවන්. ඒ ත්‍රිල් එක, දුක හෝ ඕපදූපය ඇක්ෂන් මූවි එකක් ලයිව් බැලීමකට සමාන කරන්නත් බැරි කමක් නෑ. කොහොමහරි ලංකාවේ පැවතුන සහ පැවතුන ප්‍රශ්ණ වල පවතින ප්‍රථිපල ඒ බටහිර බෝඩර් එකට එච්චර ගැඹුරටම හිත් පතුලමට දැනුනේ නෑ කිව්වොත් හරි.
එදා මම සාමාන්‍ය පරිදි වැඩ ඉවර වෙලා මාතර නගරයේ මම නැවතී සිටින ගෙස්ට් හවුස් එකට ගියේ සැනසිල්ලේ තනියම කාමරේට වී ටිකක් විවේකීව සිටීමටයි. මද වේලාවකින් ගෙස්ට් හවුස් එක බලාගන්න මනුස්සයා මගේ කාඹරේ දොරට තට්ටු කර මාරම ඉල්ලීමක් කලේය. හැමදාම එන මහත්තයෙක් අද රෑ හදිසියේම එන වග දැනුම් දී ඇති අතර ඔහු මගෙන් ආයාචනය කරේ මගේ කාමරේ ඇති අනිත් බෙඩ් එක ඔහුට අද රෑට පමණක් ලබාදෙන ලෙසයි. ඒ වන විටත් ඔහු සමග ඉතා සුහද සම්බන්ධයක් හදාගෙන සිටි මට එක පාරම ඒ ඉල්ලීම අහක දැමීම අසීරු විය. අනික ඔහු මට මුලින්ම කාමරය ලබා දීමේදිම මෙහෙම අවස්ථා සිදුවිය හැකි බවක් පවසා තිබූ නිසා මම අසරණ විය. එන මහත්තයා ගොඩාක් දුර සිට පැමිණෙන බවත්, ඔහු දෙමල නිසා මාතර වෙනත් ගෙස්ට් හවුස් වලට යෑම අපහසු බවත් ඔහු පැවසූ සැනින්ම මගේ හිත නිකංම උණු විය.
රෑ 9.30ට පමණ පෙනුමෙන් කලු, ටයි එකක් ද දාගෙන හෙම්බත් වුන චරිතයක් කාමරයට ඇතුලු විය. ඉතාම සුහදව මම ඔහුව පිළිගත් අතර මම මගේ පාඩුවේ ලැප් එකත් දිගහැරගෙන මගේ වැඩක් කරගන්නට විය. ඔහුගේ නම විජේ වුන අතර ඔහු කතාවට සෙට් වෙන චරිතයකි. නමුත් ගොඩාක් කතා බහ කරගෙන එක පාරම මිනිස්සුත් එක්ක යාලු වීම මට අපහසු නිසා මම කතාවෙන් බැහැර වී කෙටි පිළිතුරු වලින් ෂේප් විය. ඔහු හොදින් නාගෙන කරගෙන ආහාරද ගෙන නිදා ගැනීමට සූදානම් වූයේ මගේ වැඩ නිම වූ පසු ලයිට් එකද ඕෆ් කරන මෙන් පැවසීමෙන්ය.
ඔය අතර ගෙස්ට් හවුස් එකේ තවත් එක පැත්තක කට්ටියක් හවස ඉදන්ම බොන්නට පටන් ගෙන තිබූ අතර රාත්‍රි 10 පසු වන විට කෑ කෝ ගහන සද්ද, තාලයක් නැති පරණ දුක්බර සිංදු වගේ නොයෙකුත් සද්ද වර්ග කාමරය ඇසෙමින් තිබුනි. එක පාරම මගේ කාමරයේ ජනේලේ ලගින් එකෙක් කෑ ගහන්න පටන් ගත්තේ මේ අලුතින් ආපු ආගන්තුක විජේටයි. ඔහුද නින්දෙන් ගැස්සී ඇහැරී නැගිට්ට අතර ජනේලයෙන් එහා පැත්තේ එකෙක් සරමත් ගැටගසමින්, එහෙට මෙහෙට වැනෙමින්, කුණු හරපෙන් විජේට බැන වදින්නට වූයේ විජේගේ කාර් එක ඔහුගේ කාර් එක ලග ගෑවෙන නොගෑවෙන ලෙස නැවැත්වීමයි. විජේද මමද අන්දුන් කුනුදුන් විය. ඒ චෝදනාව මෙලෝ අර්ථයක් නැති මහා අබූත චෝදනාවක් වූ අතර ගෙස්ට් හවුස් එකේ වත්ත හවස ඉදන්ම වාහන වලින් පැක් වී පැවතුනි.
කෑ ගැහීම උත්සන්න වූයේ මේ තේරුමක් නැති චෝදනාවට සහ බීපු එකාගේ අනුවණ හැසිරීමට විජේට ගිය උපහාසාත්මක හිනාවකින්ය. ඒ සමගම යක්සයෙක් වූ බීපු චරිතය දොර කඩාගෙන ඇතුල් වන්නට විය. නොසිතූ ලෙස කඩාපාත් වුන මේ කලබගෑනිය මගේ හදවත් වේගය ඒ වන විටද වැඩි කර අවසන්ය. විජේට පහර දීම එකම අභිලාෂය වුන ඔහු දිගට හරහට අත පය දික් කරගෙන විජේ වෙත කඩා පනින්නට විය. ගෙස්ට් හවුස් එකම මහා යුදමය තත්වයකට පෙරලුනේ සියලුම මිනිසුන් එලියට බැසීමෙනි. බීපු මනුස්සයාග‍ෙ මිතුරන්ද අවසිහියෙන් සිටි අතර ගෙස්ට් හවුස් එක බලා ගන්නා පුද්ගලයාද බීමත්ව සිටීම දැකීමෙන් මම දැඩි ලෙස කලකිරුණි.
පැයක් පමණ මෙම තත්වය පැවතුන අතර විජේ ඒ වන විටත් කාමරයෙන් එලියට පැන වත්තට වී සිටීම දැකීම මට මහ දුකක් විය. ඔහු සිටියේ දැඩි මහන්සියකින් බව හැමෝටම පැහැදිලි කාරණයක් විය. නමුත් ඔහු වෙනුවෙන් කතා කිරීමට සිටියේ ගෙස්ට් හවුස් එක බලාගන්නා වයසක චරිතයයි. ඔහුද බීමත් හෙයින් ඒ වන විටද ඔහු ගුටි කා අවසන්ය. ඇගින්ද කටින්ද දුර්වල මා හට එතනින් අයින්ට වී බලාගෙන සිටිනවා හැර කරන්නට කිසිවක් නොවීය. නැවතත් පැයකින් පසු හොරෙන්ම විජේ කාමරයට පැමිනුනු අතර කාමරයේ ලයිට් නිවා ඔහු භියෙන් සිටියේ වෙන කිසිම හේතුවක් නිසා නොව, ඔහු දෙමල නිසාවෙනි. හැඩි දැඩි සිරුරක් ද තිබූ ඔහු කෑගහන මනුස්සයා සමග වලියක් දා ගෙන ඔහුව බිම වැට්ටීම ඉතා ලෙසි බව ඕනැම කෙනෙකුට පැහැදිලි කාරණයක් විය. නමුත් මා ඔහුගෙන් දුටු ඒ හැගීම්, ඇත්තටම බීපු චරිතයට ඇති භිය නොව, එය සිංහලයන් ගොඩක් මැද ලංකාවේ දකුණේදි තනි වුන දෙමල මනුස්සයෙකු අත් විදින අසරණ බවයි.
එක පාර නැවතත් කඩාගෙන වැදුන සිංහලයා දොරට පයින් ගහගෙන කුණු හරප කියාගෙන මර ලතෝනි දෙන්නට වූයේ “දෙමල පකයා, ලොකු සීන් නොදා බැහැපන් එලියට” යනුවෙන් සදහන් කරමිනි. එතනින්ම ඔහුගේ කේන්තිය කුමක්දැයි, කේනිතියට ඇති හේතු, ඔහුගේ ජීවිතය, දෙමාපිය-සහෝදර-පෙම් සම්බන්ධතා යන සියල්ලම මට පැහැදිලි වන්නට විය. එසැනින්ම බෑග් එක ලෑස්ති කර ගත් විජේ ඉක්මනින්ම ඇදි වත පිටින්ම එලියට බැස යන්නට විය. බීපු චරිතයට සහ ඔහුගේ වටේ සිටි බොරුවට වලිය මැඩපැවැත්වූ යහලුවන්ටද ඒක මහා ජයග්‍රහණයක් විය. විජේ ගිය පසු සිංහල චරිතය මගේ කාමරය පැමිණ මට කිව්වේ මගේ නින්දට බාධා කරපු එකට සමාවෙන්න සහ දෙමල හුත්තලට ලොකු ලයින් දාන්න බැරි බවයි. ඔහුගේ අදහස වූයේ අහිංසක කාටවත් කරදරයක් නැති මාව දෙමලගෙන් බේර ගත් බවයි.
ඇත්තටම ඔහු විජේව බල්ලෙක් මෙන් පන්නා දැමීමෙන් ලැබූ ජයග්‍රහණය අපි රටක් විදියට සතුටු වෙන, කිරිබත් කන ජයග්‍රහණය වගේමයි. මට ඒක පැහැදිලි වූයේ ඔහු පැවසූ එක වාක්‍යකින්ය.
“අපි සිංහලේ හුත්තෝ”
මේ කුඩා සිද්ධිය යුද්දෙ ගැන මෙලෝ ප්‍රැක්ටිකල් අදහසක් නොතිබූ මට ගොඩාක් දේවල් පැහැදිලි කරන්නක් විය. ප්‍රභාරකරන්ගේ බිහි වීම, යුද්ධය ඇතිවීම, යුද්ධ කිරීම, දෙමල සිංහල මුස්ලිම් මැලේ සියල්ලගේම ඝාතන, යුද්ධය නිම කිරීම සහ අද සිංහලේ සහ බොදුබල සේනා ඇති වීම යන කාරණා සියල්ල ලින්ක් විය.
යුද්ධය කවදාවත් නොනවතිනු ඇත
අපේ හිත් හැදෙනතාක් කල්!

- අර්ජුමාන්

Wednesday, 14 June 2017

යුරේකා... හම්බුනා මාව

උන් කිව්ව මෙහෙම....

හිතට ගන්න එපා බං
උඹට පිස්සු
ඇයි ඔච්චර හිතන්නේ
අපි වගේ හිටපන්කෝ

අඩන්නේ ගෑණු බං
පිරිමි ඉන්නේ යක්කු වගේ... ගඳ​ට ගඳේ
ඉදල හිටල ගහපන් බඩුවක්... පෙරලගෙන
සෙට් කරන්න ද?

පුතා පල්ලි එන්න ආ... අනිවාර්යෙන් 
ඔරසං කට පාඩං නේ?
දෙවියන්ගේ නාමයෙන්
සීයට දහයක් දෙන්න ඕනා... හොඳේ?

උඹේ තැන තියන් හිටපන්
මිනිස්සුන්ට සැරට නැතුව බෑ
හිත උණු වීම කෙල වීමයි
ඔහොම නං බෑ ආ...

මේ ලෝකය නපුරුයි පුතා
ත්‍රී වීලර් කාරයෝ කියන්නේ
කුඩු කාරයෝ, ගංජා කාරයෝ
රෑට එලිය දරුණුයි
මිනි මරනව, බඩු ගහනව

ආදරය? අමු බොරුවක්
සල්ලි වලට දෙක තුනක් ම
රූම් එකේ, වැලන්ටයින්, කුඩයක් යට ගෝල් ෆේස්
හරිම රොමෑන්ටික්
ඒකි පට්ට වේසියෙක් නේ
දැන් නෙ මචං තේරෙන්නේ

පිස්සෙක් වෙන්න එපා බං
අපි වගේ හිටපන්කෝ

මම කිව්ව මෙහෙම....


හුකාගනින්!

ත්‍රිකෝණය

මට මතකත් නැති, ඈත අතීතෙක 
මාව තුරුල් කර ආදරයෙන්
නුඹ දැන් නොකියන
එළියට හංඟන
හුරතලයයි ඇයගෙන් හෙව්වේ

මම නැවතත් ඇයගෙන් නුඹවත්
මාගෙන් ඇය ඉදිරියෙ නුඹවත් 
ඇයත් නුඹත් නොවනා මාවත්
දුටුවේ ඇය ළඟ
අඬපු වෙලෙයි

කලුවරේම හිර කරගෙන හිටි ඒ
කඳුලු වලින් හිනැහුණු මගෙ ඇස්
ඇය සිපගත් විට 
මට දැනුණේ
නුඹ මා ළය මත 
අඬන හැටියි

මුල සිට කුණාටු පුරුදු නුඹේ හිත
ගැඹුරු පාලු මුහුදේ නවතා
හිමින් හිමින් ඒ කැඩුණු කෑලි ගෙන
අටෝපු අමුතුම රුවල මමයි
ඇය අහසින් ආ කිරිල්ලියයි

නුඹ ඇයවත් ඇය නුඹවත් 
නොව මම නුඹ දෙදෙනාමයි
මට නුඹවත් මට ඇයවත් 
ගිලිහෙන තැන මම නිම වෙයි

නුඹ පියයුරු මා මිනිසෙක්
කල මෙන්
ඇය පියයුරු මා දරුවෙකු 
කර ඇත

ඉතිං කුමට
තව විග්‍ර​හයක්!

- අර්ජුමාන්