මට මතකත්
නැති, ඈත අතීතෙක
මාව
තුරුල් කර ආදරයෙන්
නුඹ දැන්
නොකියන
එළියට
හංඟන
හුරතලයයි
ඇයගෙන් හෙව්වේ
මම
නැවතත් ඇයගෙන් නුඹවත්
මාගෙන්
ඇය ඉදිරියෙ නුඹවත්
ඇයත්
නුඹත් නොවනා මාවත්
දුටුවේ
ඇය ළඟ
අඬපු
වෙලෙයි
කලුවරේම
හිර කරගෙන හිටි ඒ
කඳුලු
වලින් හිනැහුණු මගෙ ඇස්
ඇය
සිපගත් විට
මට
දැනුණේ
නුඹ
මා ළය මත
අඬන
හැටියි
මුල
සිට කුණාටු පුරුදු නුඹේ හිත
ගැඹුරු
පාලු මුහුදේ නවතා
හිමින්
හිමින් ඒ කැඩුණු කෑලි ගෙන
අටෝපු
අමුතුම රුවල මමයි
ඇය
අහසින් ආ කිරිල්ලියයි
නුඹ
ඇයවත් ඇය නුඹවත්
නොව
මම නුඹ දෙදෙනාමයි
මට
නුඹවත් මට ඇයවත්
ගිලිහෙන
තැන මම නිම වෙයි
නුඹ
පියයුරු මා මිනිසෙක්
කල
මෙන්
ඇය
පියයුරු මා දරුවෙකු
කර
ඇත
ඉතිං
කුමට
තව
විග්රහයක්!
- අර්ජුමාන්
No comments:
Post a Comment