Wednesday, 31 January 2018

අපි පිරිමි මැරෙනකං.... ගැහැණියම හොයනවා

මා උඹේ බිරිඳගේ
පස්ස බලනා සඳ
උඹ හොරෙන් ඇවිලුනා
මතකයිද බං

හිත යටින් ඇස් කොනින්
උඹ මගේ බිරිඳගේ
පස්ස හා අඟපසඟ
බැලූ දා මං

ඇවිලෙම් ද
කියපන්කො
නිවෙන්න ද
කියහන්කො

ඈත ඒ ආකාසේ
තෙරක් නැති තරු වගේ
මහ මුහුදෙ හවසකට
ඉර ගිලෙනවා වගේ
වැස්ස දා හීතලට
නීට් ෂොට් එක වගේ
ගැහැණු රුව බං
ගැහැණු රුව බං

අපි පිරිමි මැරෙනකං
ගැහැණියම හොයනවා
ගෑණුකම හුරතලය
වේසකම දැඟලිල්ල
අම්මාගේ ආදරය
සැනසිල්ල නැළවිල්ල
එකවරම හොයනවා
හම්බෙලත් හොයනවා

පරම පිවිතුරු
පෙට්ටි නොකැඩුණු
ඇය එක්ක දිවි ගෙවන
වනචරයො අපි නේද?
හිතින් අපි
හිතින් මම
හිතින් උඹ
හිතින් ඇය
වනචාරී සත්තුන්ය
දියුණු වූ සත්තුන්ය

නිදහසේ ඉගිලෙන්න

කූඩුව කඩන්නම වෙනව බං!


- අර්ජුමාන්

No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.