ඩේලි ප්රැක්ටිස් එකක් විදියට පොඩි වෙලාවකට හරි අපිට පුලුවන් නං මරණය එක්ස්පීරියන්ස් කරන්න, ඒක ජීවිතය දිහා කණ්නාඩියකින් බලනව වගේ අත්දැකීමක් වෙන්න පුලුවන්. එතනදී අපිට ජීවිතේ ගැන පැහැදිලි ප්රතිරූපයක් ඇති කරගන්න පුලුවන් වෙනව. සැබෑ රූපෙට ප්රතිවිරුද්ධ වුනත් කණ්නාඩියක් ඉස්සරහදී අපිට අපේ පෙනුම ගැන හැදිල තියෙන නොයෙකුත් මනස්ගාත නැති කරගෙන නිශ්චිතවම අපේ පෙනුම මෙහෙමයි කියල තේරුං ගන්න පුලුවන් වෙනව. ආගම් පිලිවෙත්, දේව මෙහෙයවල්, පූජා, බලි තොවිල්, නැත්තං ඩ්රග්ස්, මියුසික්, ෆිල්ම් හෝ සෙක්ස් වගේ දේවල් හරහා අපිට පුලුවන් වෙනව මරණය කණ්නාඩියක් හරහා එක්ස්පීරියන්ස් කරන්න, නැත්තං සිමියුලේට් කරන්න, ඒ කියන්නෙ එතනදී අපි දකින දේවල්, තේරුං ගන්න දේවල් සැබෑ තත්වයට හරියටම සමාන නමුත් ප්රතිවිරුද්ධ දේවල් (හෝ වෙනස් දේවල්) වෙනව. මනුස්සයෙක් ඩ්රග් වෙලා ඉද්දී, නැත්තං පල්ලියෙදි, නැත්තං හීනයක් ඇතුලෙ මරණය ගැන පුලුල් අත්දැකීමක් ලබා ගත්තත් ඇත්තම මරණය ඒ අත්දැකීමට සමාන නමුත් සහමුලින්ම ප්රතිවිරුද්ධ දෙයක් වෙන්න පුලුවන් දෙයක්. නමුත් ඒ ඒ අවස්ථා වලදී මරණය ගැන අපිට දැනෙන්නෙ හරිම ස්වර්ගීක සහ ආධ්යාත්මික විදියට. ඒක සැනසිල්ලක් වෙනව මැරෙන්න හිත හදාගන්න. එතනදි අපිට ආර්ට් එක හම්බෙනව.
Saturday, 13 February 2021
කලාව කැඩපතකි
එතකොට ඉස්පිරිතාලෙක වැඩ කරද්දි, මෝචරි වල, මල් ශාලා වල, නැත්තං වදකාගාර වල, හිරගෙවල් අස්සෙත් අපි මරණය අත්විඳිනව. ඒ වගේ තැන් වල ඉද්දි අපිට මරණය ගැන එන්නෙ හරිම වේදනාකාරී, භියෙන් තැති ගත්ත, කටුක දුක්මුසු හැගීම්. ඒක හරියට කිසිම කණ්නාඩියක් නැතුව අමු අමුවෙම අපි අපිවම දැක ගන්න මොහොතක් වගේ. ඒක කැතයි, අමාරුයි, අප්රසන්නයි, ඒක හරිම අපායික අත්දැකීමක් වෙන්නත් පුලුවන්. සියල්ල නිශ්ඵලයි, සියල්ල අනිත්යයි කියන එතනදි අපිට ආර්ට් එක මිස් වෙන්න ගන්නව.
අපි ජීවත් වෙලා ඉන්න මේ කෙටි කාලෙදි හිනා වෙලා මරණය අත්දකින්න පුලුවන් සීමිත ක්රම තමා ආගම, සංගීතය, කලාව සහ ආදරය වගේ ආධ්යාත්මික පසුබිමක පවතින දේවල්. ජීවිතෙන් පස්සෙ නැත්තං මරණය කියන තත්වය කොහොමද යන්න තේරුං ගැනීම මිනිස් වර්ගයාගෙම මූලික අවශ්යතාවයක් වන අතර එය ඉතාමත් පෞද්ගලික සහ ප්රජා මූලික හැදැරීමක් වෙනව.
අපි හැමෝම පවුලක් විදියට නැත්තං ප්රජාවක් විදියට මරණයට විවෘත වෙන්න ඕන, මරණය ගැන තේරුම් ගන්න ඕන, ඒ ගැන කතා කරන්න ඕන, ඒත් අනිවාර්යයෙන්ම කණ්නාඩියක් ඉස්සරා වාඩිවෙලා.
මං හිතනව කණ්නාඩියෙන් බලල සතුටින් හිනා වෙලා භාර ගන්න පුලුවන් ලස්සන සංසිද්ධියක් කියල මරණය
අපේ කලාව මරණයේ කැඩපතක් කරගමු
~ අර්ජුමාන්
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment