ජයග්‍රාහිකයන්ගේ සහ පරාජිතයන්ගේ අවධානය පිණිස.
විවිධාකාර ක්‍රේශ්ත්‍රයන්හී විශ්ව විද්‍යාල මට්ටමෙන් අධ්‍යාපනයක් ලබා එම ක්‍රේශ්ත්‍රයන්හී දිගු කාලීනව සේවය කොට ඒ ඒ විශයෙහි පරිචයකට ළඟා වූ බොහෝ වෘත්තිකයන් - ඉංජිනේරුවන්, වෛද්‍යවරුන්, රංගන ශිල්පීන්, බැංකුකරුවන්, නීතිඥයින් සහ ආචාර්ය මහාචාර්යවරුන් අපට මෙවර පාර්ලිමේන්තුවේදී දැක ගන්නට පුලුවන් වී ඇත.
ඒ සියලුම දෙනා 'අරගලය' කාල පරිච්ඡේදය හරහා සිදු වූ රටේ එතෙක් පැවති දේශපාලනික පස ඉවත් කිරීමේ ව්‍යාපෘතියටද සක්‍රීයව හෝ වක්‍රාකාරයෙන් සහභාගී වී ඇති බවද පෙනේ. එම කාල පරිච්ඡේදය තුල පාස්කු ප්‍රහාරය, කෝවිඩ් වසංගතය වැනි සමාජ දේහය කම්පනයකට ලක් කෙරුනු සිදුවීම් වල ප්‍රතිඵලයක් විදියට රට තුල මානසික සමාජීය දේශපාලනික විපර්යාසයන් ඇති වන්නට විය.
එම විපර්යාස වල දිගුවක් විදියට ඉහත කී යම් යම් විශය ධාරාවන් වල නියැලී සිටි වෘත්තිකයන් සංවිධානගත වී රාජ්‍ය දේශපාලනයට ද අවතීර්ණ විය. අද වන විට විවිධාකාර සමාජ ක්‍රියාකාරිකයින්, එකී වෘත්තිකයන්, ලාභය අරමුණු කරගත් හෝ නොකරගත් ව්‍යවසායකයින් ඇතුලු එකී මෙකී විවිධාකාර විශය ධාරාවන් වල, විවිධාකාර ක්‍රේශ්ත්‍රයන් වල නිරතව සිටි පුරවැසියන් පාර්ලිමේන්තු බලය අතට ගෙන ඇත.
ඊට සමගාමීව එතෙක් පැවති රාජ්‍ය කේන්ද්‍රීය මාධ්‍ය ව්‍යුහය යම්කිසි පසුබෑමකට ලක් වී ලොව පුරා අන්තර්ජාලය තුල ක්‍රියාකාරිව පවතින සමාජ-මාධ්‍ය ව්‍යුහය ඉදිරියට පැමිණ ඇත. විවිධාකාර තොරතුරු සමූහයක් ඉතා අධික වේගයකින් සහ යම්විටෙක ව්‍යාකූල ආකාරයකින් විමධ්‍යගතව සැරිසරන මේ සමාජ-මාධ්‍ය රාමුව හරහා ලොව පුරා සිටින මිනිසුන්ව ජාති ජම්ම කුල භේද ආගම් වැනි සීමා මායිම් පරයා සම්බන්ධ කරමින් තොරතුරු හුවමාරු කරමින් විවිධාකාර මානසික යථාර්ථයන් නිර්මාණය කරමින් ඇති බවක් අපට පෙනේ.
අද වන විට දේශපාලන විද්‍යාව, ජනමාධ්‍යකරණය, දර්ශනවාදය, සාමාජ විද්‍යාව, රාජ්‍ය පරිපාලනය, මාධ්‍ය වැනි විශයන්හී කිසිදා නිරත නොවුනු සහ එම විශයන් ගැන කිසිම ආකාරයක විධිමත් හැදැරීමක් නොමැති නමුත් වෙනයම් කුමන හෝ විශයක නිරත වූ අධ්‍යයන පරිචයක් ලැබූ ඉහත සඳහන් 'වෘත්තිකයන්'ට රාජ්‍ය දේශපාලනය, රාජ්‍ය මාධ්‍ය සහ රාජ්‍ය හමුදාව ඇතුලත් රාජ්‍ය තන්ත්‍රය හැසිරවීමට අවකාශයක් නිර්මාණය වී ඇත.
ඕනෑම විශයකට අනුබද්ධ වූ එක්තරා විනය රාමුවක් පවතින අතර ඒ ඒ විශයෙහි ඕනෑම කෙනෙකු දිගු කාලීනව නිරත වීමේදී ඊට අනන්‍ය වූ විනය පද්ධතියක් විසින්ම එම නිරතවන්නාව යම්කිසි ශික්ශණයක් මත පිහිටුවනු ලබයි. එකී ශික්ශණය හරහා මනුස්සයෙකු තම සත්ව ස්වභාවයෙන් නික්මව ශිශ්ඨ සම්පන්න ශික්ශාවතකට අවතීර්ණ වනු ඇත. රාජ්‍ය පිහිටුවා ගැනීමේ ක්‍රියාවලියේ මූලික අඩිතාලමක් වන පුරවැසියෙකුගේ ස්වයං සහ සභා මූලික ශික්ශණය මෙලෙස විශයක් මත පදනම්ව ගොඩනගාගත හැක.
උදාහරණයක් විදියට ඉහල මට්ටමේ විශ්ව විද්‍යාල වල අපට මුණ ගැසෙන දිගු කාලීනව එහි අධ්‍යයන සේවයෙහි සහ පර්යේෂණ ක්‍රියාවලීන් වල නිරත වන යම් යම් විශයන් තුල කිමිදී සිටින මහාචාර්යවරුන් ආචාර්යවරුන් ගුරුවරුන් සහ ගැඹුරු භාවනාන්හී නිරත වෙමින් සිටින බෞද්ධ භික්ශූන්, සිද්ධස්ථාන වල වැඩ සිටින පාදිලිවරුන්, මාශල් ආර්ට් සටන්කරුවන් වැනි කුමන හෝ ශික්ශාවතක පිහිටුවාගත් මිනිසුන් අතර යම්කිසි පොදු ලක්ශණ කීපයක් අපට දැකගත හැක. දැඩි ඉවසීම, ගැඹුරු ඇහුම්කන් දීම, අවධානය, කරුණාව, ආදරය වැනි උතුම් මිනිස් ගුණාංග මෙවැනි මිනිසුන් ප්‍රගුණ කරමින් සිටියි. ඒ සියල්ලෝ තම විශය තුල එක්තරා පේවීමකින් ශිශ්ඨ සම්පන්න දියුණු මිනිසුන් බවට පත් වීමේ මානසික ක්‍රියාවලියක නිරත වෙමින් සිටිනු ඇත.
ගිහි ලෞකික ලෝකය තුල නොහොත් ආසාව සමග නිතර දෙවේලේ ගනුදෙනු කරමින් සිටින සාංඝික නොවන සාමාන්‍ය සමාජයක ජීවත් වන අයෙකුට මෙවැනි ශික්ශණයක් ළඟා කරගත හැක්කේ යම්කිසි විශයක අවංකව පිහිටුවාලීමෙන් බව මාගෙ අදහසයි. එම විශයට ඇති ඇල්ම සහ ස්වභාවිකවම පවතින චරිතාංග සහ ගුණාංග නිසාවෙන්ම ඒ ඒ විශයෙහි නිරත වන්නාට නිරායාසයෙන්ම ආධ්‍යාත්මිකව දියුණු වූ ශිශ්ඨ සම්පන්න මනුස්සයෙක් බවට පත් වීමට ඉඩ ප්‍රස්ථාවක් නිර්මාණය වනු ඇත. යමෙකු විශයෙන් පීලී පැනීමේදී විනය පද්ධතීන් සහ විශ්වාස පද්ධතීන් අතර අර්බුදයක් නිර්මාණය විය හැකි අතර එහිදී ඉහත කී සමාජ සංයමය, ඓයින්ද්‍රීය ශික්ශණය, ආධ්‍යාත්මික ශිශ්ඨත්වය නොහොත් පුරවැසියෙකුගේ හෝ රටක සංවර්ධනය ස්වභාවික ආකාරයකින් පවත්වාගෙන යෑමට අපොහොසත් විය හැක.
මෙවැනි දෘශ්ඨියකින් නව පාර්ලිමේන්තුව දෙස බලමු. ජනතා විමුක්ති පෙරමුණේ දිගු කාලීනව ක්‍රියාකාරී දේශපාලනයේ නිරතවූවන් මදකට පසෙකින් තබා ඉහත කී ආකාරයෙන් මෑතකදී නිර්මාණය වූ නව සමාජ දේශපාලනයට අවතීර්ණ වූ උගත් වෘත්තිකයන් ගැන විශේෂ අවධානයක් යොමු කරමු. එම වෘත්තිකයන් සහ නිළධාරීන් රට ආර්ථිකව බංකොලොත් වන්නට පෙර සිටියේ කොහෙද?
ඔවුන් සිටියේ ඒ ඒ ක්‍රේශ්ත්‍රයන්හී ඒ ඒ රාජ්‍ය හෝ රාජ්‍ය නොවන ආයතන වල විශය සහ විශයට පරිභාහිර දේශපාලනික සංදර්භයක අඩු වැඩි වශයෙන් නියැලී තම සේවය ඉටු කරමින් ය. ඔවුන්ගේ චර්‍යාවන්, මමත්වය මූලික කරගත් පවුල් වාදී වීම්, අහංකාර උද්ධච්චකම්, හිතුවක්කාර තීන්දු තීරණ ගැනීම් වැනි මතුපිට කාරණා වලට ඔබ්බෙන් ඔවුන්ට හද පතුලෙන්ම රටට සේවය කිරීමට උවමනාවක් තිබුනද, ඔවුන් අවුරුදු ගාණක වෙහෙසකින් ලබාගත් අධ්‍යාපනය, දැනුම, පළපුරුද්ද මත පදනම්ව හරි හැටි සේවයක් රටට ලබාදෙන්නට නොහැකි වූ ලෙඩ වූ දේශපාලනික තත්වයක් රට තුළ නිර්මාණය වෙමින් පැවතිනි. ඒ මජර දේශපාලනය, චණ්ඩි දේශපාලනය සහ හොර මගඩි ගැන ආයෙ අයෙත් අප තුවාල පාරගන්නට අවශ්‍ය නැත. ඒ සියල්ල ඉදිරියේදී සැකසෙන නීතී රාමුවට භාරකල යුතුව ඇත. මෙවැනි ගරාවැටිච්ච දේශපාලනික ව්‍යුහයක තම විශයෙහි නිරත වෙමින් රටට සේවය කිරීමට අපහසු වූ හෘදසාක්ශියට එකඟව වංකව ඉදිරියට යා නොහැකි වූ විවිධාකාර වෘත්තිකයන්ට දේශපාලනික තලයට පැමිණෙන්නට සිදු විය. අද ඔවුන් කෙසේ හෝ රටේ බලය හැසිරවීමට උර දී ඇත. නැවේ කපිතාන් ඇතුලු නැව ඊළඟ වරායට රැගෙන යන නැව් පදවන්නන්ගේ කණ්ඩායම කුලල් කා ගනිද්දී බැරිම තැන බලා සිටීමට අපහසුම තැන ඉංජිනේරුවන් සහ තාක්ශණික නිළධාරීන් ඔවුන්ගේ වැඩ නවත්වා නැව නිවැරදි දිශාවට යොමු කිරීමේ අභිලාශයෙන් කපිතාන්ගේ කාමරයට පැමිණ ඇත.
මෙතනින් එහාට මෙවැනි භාහිර වෘත්තිකයන් දිගු කාලීනවම රාජ්‍ය දේශපාලනයේ නිරත වෙයිද? ඔවුන් දුටු පද්ධති වෙනසක් සකසා එයට උර දී පසු කාලීනව සියලුම ඔටුනු බිම තබා නැවත ඉහත කී විශය අනුබද්ධ ශික්ශාවතට පැමිණෙයිද? නැතහොත් මෙතෙක් කල් රහසින් හෝ ඔවුන් යෙදෙමින් සිටියේ මෙවැනි බලකාමී ප්‍රයත්නයකද? ඔවුන්ට ඔවුන්ගේ විශය පිළිබඳ ඇති කැක්කුමේ තරම කොපමණද?
ඊයේ අප දුටු පාර්ලිමේන්තු මැතිවරණ ප්‍රතිඵලය බ්‍රිතාන්‍යන්ගෙන් නිදහස ලබාගෙන ස්වෛරී රටක් බවට පත් වූවා වාගේම ඓතිහාසික සංසිද්ධියකි. අප සියල්ලෝ රටක් දේහයක් විදියට අලුත් සවිඥානික තලයකට ළඟා වී ඇති බව පෙනේ. අතීතයේ සිටම සාක්ශරතාවයෙන් ඉහළ මට්ටමක සිටි අප අන්තර්ජාලය හරහා විවිධාකාර තාක්ශණික භාණ්ඩ සහ සේවා (ස්මාට් ෆෝන්, පරිඝණක, සමාජ මාධ්‍ය, කෘතිම බුද්ධිය උපයෝගී කරගත් සේවා) පරිභෝජනය කරමින් මෙතෙක් පැවති සාම්ප්‍රදායික අධ්‍යාපනික තලයෙන් (ආධ්‍යාත්මික තලයෙන්) ඔබ්බට සවිඥානය ගමන් කර ඇත. අනෙක් අතින් බැලූ විට එලෙස උග්‍ර තාක්ශණික පරිභෝජනවාදයකට ගොදුරු වී ඇති අපට අපේම යැයි කිව හැකි නව දැනුම, ෆේස්බුක් යූටියුබ් වැනි නව සමාජ මාධ්‍ය වෙබ්අඩවි නිර්මාණය කරගැනීමට අවශ්‍යය නව න්‍යායන්, ලංකාවට ආවේනික වූ ලංකා භූමියෙන්ම නිර්මාණය වූ නව තාක්ශණික විධි ක්‍රම ඇතුලත් නිර්මාණශීලී බුද්ධිමය ප්‍රාග්ධනය ගොඩනගාගැනීමට තවමත් අප අපොහොසත්වද ඇත.
මෙවැනි සංදර්භයක අප මේ යමින් සිටින්නේ පසුගාමී අවස්ථාවකටද ප්‍රගතශීලී අවස්ථාවකටද යන්න උභතෝකෝටිකයකි. ලොව පුරා පවතින මධ්‍යගත රාජ්‍ය ව්‍යුහය ටිකෙන් ටික අන්තර්ජාලය ඔස්සේ විමධ්‍යගත ක්‍රමයකට පරිවර්තනය වෙමින් පවතින බවත් මීට සමගාමීව අපට පෙනේ. ඇමෙරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති පුටුවට පැමිණීම, එලෝන් මස්ක් වැනි නව තාක්ශණික-වැඩවසම් ලෝකයේ අධිපතිවරුන් දේශපාලනයට අවතීර්ණ වීම වැනි කාරණා හරහා අපට පෙනී යන්නේ පෘථිවියේ ආර්ථික-බල ව්‍යුහය එක්තරා සංක්‍රාන්ති අවස්ථාවක පවතින බවයි. ඩිජිටල් මුදල් / ක්‍රිප්ටො මුදල් ඉතා වේගයෙන් ලොව පුරා පැතිරෙමින් ඇති මෙවැනි අවධියක ලංකාව අවතීර්ණ වන්නේ කුමන ආර්ථික ප්‍රවාහයකයටද යන්න තවම හරියටම පැහැදිලි නැත. ඉදිරියේදී ආසියානු කලාපය මූණ දීමට ඇති වෙනස්කම් ගැනද අප උනන්දු විය යුතුව ඇත. දැනට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා අප පිලිපදිමින් සිටින්නාවූ බටහිර ධනේශ්වර ප්‍රතිපත්තීන් තාවකාලි ප්‍රයෝගයක් ලෙස සැළකුවත් මෙතනින් එහාට අප ගමන් කරමින් සිටිනුයේ කුමන ආර්ථික-දාර්ශනික දිශානතියකටද යන්න සරලමිතික කාරණාවක් නොවනු ඇත. මාක්ස්වාදී-ලෙනින්වාදී දේශපාලනික හුරුවක් ඇති ජනතා විමුක්ති පෙරමුණ ජාතික ජනබලවේගය වැනි ඉහත කී දේශපාලනිකව ළදරු ගෝලීය නවතාවයක් සමග දාර්ශනික තලයේ සහ දේශපාලනික න්‍යායික තලයේ අතිනත ගන්නේ කෙසේද යන්න ජනප්‍රියවාදයෙන් එහා න්‍යායාත්මක තලයේ උනන්දුවකින් සිටින රට වැසියාගේ කුතුහලය වී ඇත.
ඉහත කී නිරීක්ෂණයන් තනි තනි ලෝක මවාගෙන විපරිත වී ඇති අප අන්තර්ජාලයේ ග්‍රහනයෙන් මිදී සැබෑ ලෝකයෙ හමු වී සාකච්ඡාවට බඳුන් කල යුතුව ඇත. ෆෝන් ලැප්ටොප් මොහොතකට පසෙකින් තබා මිනිස් ශරීර ස්පර්ශ කරගනිමින් සතුන් සුරතල් කරමින් සෙල්ලම් කරමින් මහ පොළොවේ පස් කමින් එකිනෙකා ලෙව කමින් කුඩා ළමුන් සේ මෝඩයන් සේ ජීවත් වීම අප ප්‍රතික්ෂේප කලහොත් අප සහ පෘථිවිය ගමන් කරන අනාගතය බොඳ වූ ලෝකයක් වනු නොඅනුමානය.
- අර්ජුමාන්
16.11.2024
No comments:
Post a Comment