නිරුවත් වන සතෙක් වූ ස්වභාවික අශ්ලීල පුරුශයා රූපයෙන් නාමයෙන් කාමයෙන් බලසම්පන්න බලකාමී ස්ත්රීය හමුවේ හීලෑ බලු කුක්කෙක් මෙන් නැට්ට වනමින් පසු කාලීනව එම ස්ත්රීයගෙම දඩ බල්ලෙක් බවට පත්වීම ඉතා පුදුමාකාරයි. ගැහැණු රූපය, ගැහැණු ස්පර්ශය, ගැහැණියගේ රසය, ගැහැණු ශබ්දය සහ ගැහැණියගේ සුවඳ ඇතුලත් මේ පංච ස්ත්රී වශීබන්දනයට මෙතරම් දෙයක් කල හැකිද?
ඔව්. ලොව පුරා අධි තාක්ශණික ක්රමෝපායන් යොදාගනිමින් පුරුශයන් අතර පවත්නා බිහිසුනු යුධ ගැටුම් සළකා බලන්න. කාර්යාලයක මේසයක් මත සිදු වන සුහද සාකාච්ඡා, පබ් එකක බාර් එකක අරක්කු බොමින් සංගීතයට නැළවෙමින් සිදු වූ සුහද වාද විවාද පසුකාලීනව මහා ප්රාග්ධනයක් සහ ශ්රමයක් යොදවමින් ක්රියාත්මක වන කුඩා අත දරුවන් අමු අමුවේ පුලුස්සා දමන මිලේච්ච අපායන් බවට පත්වන්නේ මිනිසාගේ මනසේ පවතින කුමන අඳුරු සංකීර්ණතාවයකින්ද?
ඉහත කී බලකාමී පෙරේත ස්ත්රීය විසින් මෙහෙයවෙන වහල් පුරුශයා සෑමවිටම උත්සහා දරන්නෙ තමන්ගේ ස්වභාවික නපුංසකත්වය අභියෝගයට ලක් කරගැනීම නොවේද. පිරිමින් ඔවුනොවුන්ගේ පිරිමිකම පෙන්වීමට, ඔප්පු කිරීමට සහ සනාථ කරගැනීමට මොනතරම් වෙහෙසක් දරන්නේද. පිරිමියාගෙ මනසද ගැහැණියගෙ මනසද අයත් වන ස්වභාවික ලෝකයේ පවතින සංකීර්ණ හැසිරීම් රටා වලට අභියෝග කරගනිමින් එදා මෙදා තුර මිනිසා උත්සහා දරා ඇත්තේ මිනිසාගෙ දෘශ්ඨිය පෘථිවිය මත පිහිටුවාගැනීමයි.
එම ක්රියාවලියේදී මිනිසාගෙ වැඩි අවධානයක් යොමු වූයේ පිරිමි සහ ගැහැණු යන කාණ්ඩ දෙක වෙන් කරගැනීමේ සරල රේඛාව ඇඳ ගැනීමට නොවේද. කිසිඳු නපුංසක ලක්ශණයක් නොමැති පරිපූර්ණ පිරිමියාව නිර්වචනය කරන ස්ත්රී මානසික සංකීර්ණය නිරීක්ෂණය කර බලන්න.
එහි පවතින බිහිසුණු ප්රචණ්ඩත්වය අප යුධ බිමේ දුටුවේ නැද්ද?
යෞවන සහෝදර ප්රේමයන් අමු අමුවේ පුලුස්සමින් නිර්මාණය කරගත් මහා ගිනි ජාලා තුල එකී රෝගකාරී ස්ත්රී ලිංගික-මානසික අර්බුදය ඔබ දුටුවේ නැද්ද?
- අර්ජුමාන්
24.02.2024
No comments:
Post a Comment