මම පොඩි ළමයින්ට උගන්නනවා දැන් අවුරුදු 7කට එහා
අවුරුදු 4ක් එක දිගට මම ඉස්කෝලෙක ඉතා කිට්ටුවෙන් මේ යෞවන යෞවනියො එක්ක කල් ගෙව්වා
මට එහෙම කාලයක් ආයෙත් ඇවිල්ලා නෑ එන්නෙත් නෑ
ඒක හීනයක් වගේ කාලයක්
මොන සැප සම්පත් ලැබුනත් ලෝකෙ වටේ ගියත් ඒ ළමයි එක්ක හිටපු කාලය තරම් සුන්දර ලෝකයක් මට ආයෙමත් හම්බෙලා නෑ
මම ගුරුවරයෙක් වුනේ වැරදිලා - අහම්බෙන්
මට එහෙම ගුරුවරයෙක් වෙන්න සුදුසු අධ්‍යාපනයට සම්බන්ධ කිසිම උපාධියක් හෝ හැදැරීමක් නෑ
මට තියෙන්නෙ මගෙ රස්තියාදු ඉංජිනේරු උපාධිය විතරයි
මම ඉස්කෝලෙට ගියේ ගිටාර් උගන්නන්න
නතර වුනේ ගණන් සර් කෙනෙක් වෙලා
කවදාවත් මට ස්ටාෆ් රූම් එකේ කල් ගෙවන්න ලොකු උනන්දුවක් තිබිලා නෑ
ලොකු කමකට නෙමේ - පොඩි කමකට වෙන්න පුලුවන්
හිටියේ මම නිතරම ළමයි අස්සෙමයි නැත්තං පුස්තකාලෙ
ළමයින්ගෙ ලෝකෙ උන් එක්කම දැවටිලා ඉද්දී මට මොකද්දෝ වෙනසක් වුනා මං හිතන්නේ
එක්කො මට වෙනසක් වෙලා හින්දා මං උන් එක්කම හිටියා
ඉස්සර ඉස්කෝලෙ ගේට්ටුව ඇරියම මහ මුහුද ගලනවා වගේ හෝ හෝ හෝ ගාලා ළමයි එනවා ඉස්කෝලෙ ඇතුලට
ඇවිල්ලා ටැංකි වලට වතුර පිරෙනවා වගේ පංති වලට ගාල් වෙනවා
හෝ සද්දෙ නිමක් නෑ - කුරුල්ලෝ කෑගහනවා - කිචි බිචි සද්දෙ - රැල්ල ගහනවා
බෙල් එක ගැහුවම ඔන්න මහ මුහුද ලාවට නිසල වෙනවා
ආයෙ ඉස්කෝලෙ ඇරුනම මේ රැල්ල ඉස්කෝලෙන් ඉවත් වෙනවා
ඒ හෝ ගාන සද්දෙ නැති වුනාම මුලු ඉස්කෝලෙම පාලු සොහොනක් වෙලා යනවා
නිකං බිල්ඩින් ගොඩක් ඉතුරු වෙනවා
මට හැමදාම මුහුදට ගියාම ඉස්කෝලෙ තමා මතක් වෙන්නේ
"මම මේ මලුවට එනවා යනවා" වගේ මමත් ඉතිං ඉස්කෝලෙට යන්න එන්න හුරු වුනා
ඒත් අර සිප් කිරි පෙවූ මූසිලයන් ගැන හූල්ල හූල්ල මකුණු දැල් බැඳිච්ච ලොකු හාමිනේ ගැන ඩිප්‍රෙස් වුන සියල්ල අත ඇරපු ගුරුවරයා වගේ නං නෙමේ ඉතිං
ඉස්සර පොඩි කාලෙ ඉස්කෝලෙ ගියේ හිතට වැදුනු ක්‍රශ් එකක් නිසා නැත්තං ලස්සන ටීචර් කෙනෙක් නිසා වගේම දැනුත් පාන්දර නැගිටගෙන ඉස්කෝලේ ගියේ ඒ නිසාම තමා
එහෙම ගියාට මම ක්‍රශස් පස්සෙ දුව දුව සෙවල හල හල ඇඹලයෙක් වෙන්නෙ නැතිව ඉගෙන ගත්තා වගේම දැනුත් කරේ ඉගෙන ගන්න එක හෝ උගන්නන එක විතරයි (දෙකම එකයි නේ)
එහෙම යද්දි තමා "මේ ගැයෙන්නෙ රැයේ හැංගිලා, හිතේ වේදනාවෙන් හැඬූ කාරණා" කියලා ලියවුනේ
____________________________________________
වයස අවුරුදු 12, 13, 14 වගේ පාස් කරද්දි ඕනම ළමෙක්ගෙ වෙනස්කම් වෙන්න පටන් ගන්නවා
ඒගොල්ලො කණ්නාඩියෙන් නිතර බලනවා
ෆැශන් කරනවා
දෙබස් කියනවා
තනියෙන් කියෝනවා
සමහරු අලුත් නම් දාගන්නවා
"සර් අද ඉඳන් මම ටර්බො... පරණ නම එපා හරි"
ඔහොම අමුතු වෙනස්කම් වෙන්න පටන් ගන්නවා
ඒක හරියටම දළඹුවා සමනලයා වෙනවා වගේ වැඩක්
මේ වෙනස්කම් එක්කම ඒගොල්ලො ඉතා ස්වභාවික ඉහල සවිඥානයකට ළඟා වෙන්න පටන් ගන්නවා
හැමදේම ප්‍රශ්ණ කරන්න පටන් ගන්නවා
ආගම ප්‍රශ්ණ කරනවා
හරි වැරැද්ද ප්‍රශ්ණ කරනවා
විශය මූලික තත්වයන් ප්‍රශ්ණ කරනවා
පරම සත්‍යය කියන්නෙ මොකද්ද - ප්‍රශ්ණ කරනවා
ඇයි සර් මේවා ඉගෙනගන්නෙ - ප්‍රශ්ණ කරනවා
මහා පතරංග සමීකරණ දාලා පැය ගණන් අපි වැඩිහිටියො විසඳන ප්‍රශ්ණ
ආ මේක ද සර්... කියලා අයිස් ක්‍රීම් එකක් කකා... නිකං උත්තරේ කියලා දානවා
ඒක කොහොමද ආවෙ කියලා කියන්න උන්ට තේරෙන් නැති වුනත් - බැලින්නං උත්තරේ හරි
ඒක වෙනස්ම දැකීමක්
ඒක තේරුම් ගන්නත්, තේරුම් කරවන්නත් අමාරු දෙයක්
__________________________________________
වයස අවුරුදු 15, 16, 17 වෙද්දි මට හිතෙන්නේ
මේ ළමයි තවදුරටත් ළමයි නෙමේ
ඒ කියන්නේ ඔය කියන ඊනියා වැඩිහිටියොත් නෙමේ
ඒක අමුතු තත්වයක්
ඒගොල්ලො ලිංගිකත්වය ගැන උනන්දු වෙනවා
ආදරය ගැන හිතන්න ගන්නවා
ක්‍රියාශිලි වෙනවා
ළමයි මල් වගේ කිව්වට එහෙමත් නෑ
සමහරු යක්කු වගේ
ඒත් ඉතිං ඒ යක්ස පැටියත් දරුවෙක් නොවැ
හැමදේ ගැනම කුතුහලය
ඒක නිසාම ලෝක ප්‍රශ්ණ, දේශපාලනය, කලාව, ආගම, මිනිසා සහ මේ පැවැත්ම ගැන අලුත්ම කියවීමක් ඇති කරගන්න මේගොල්ලො පටන් ගන්නවා
එක එක ළමයා එක එක විදිය - අතේ ඇඟිලි පහ වගේ
කලින් තිබ්බෙ නැති වෙනස්ම මානසික අනන්‍යතාවයන් මේ කාලෙ ඇති වෙන්න පටන් ගන්නවා
භෞතිකව එලියෙන් බැලුවොත් - ඔව් ඔක්කොම එක වගේ තමා
එක්කො ගෑණු - පිරිමි කියලා කඩන්න පුලුවන්
ඒත් එකින් එක අරන් බැලුවොත් කොච්චර වෙනස් ද
____________________________________________
සමහරු ටිකක් කලබලයි - දාංඟලේ අඩු වෙලා නෑ ලොකු වුනා කියලා
ආන්න එතකොට ගුරුවරු කියනවා... ආ මේ ළමයට ADHD
සමහරු අකුරු ලියන්න හොරයි - ශබ්ද රූප තමා පුලුවන්
ආන්න එතකොට ගුරුවරු කියනවා... මේ ළමයට Dyslexia
සමහරු ඉන්නෙ ඒගොල්ලන්ගෙ එක එක හීන ලෝක වල... එහෙම ඇවිල්ලා ඒ ඒ දේවල් පංතියේ කතා කරන්න පටන් ගන්නවා...
එතකොට කියන්න ගන්නවා... මේ ළමයට Schizophrenia වගේ... අපි යවමු ඩොක්ටර් කෙනෙක් ගාවට
එක්කො මේ ළමයට යක්ස බලවේගයක් ඇතුල් වෙලා... කරමු අපි ශාන්ති කර්මයක්...
අපි මේ ළමයා වෙනුවෙන් ඔරසං කියමු... පව්නේ අනුකම්පා කරමු...
ඔහොම ඔහොම එක එක ආකාරයේ හඳුනාගැනීම් කරලා ආකෘති හදාගෙන ඒ අනුව වැඩ කටයුතු කරන්න පටන් ගන්නවා
පරිපාලනමය පහසුවට එහෙම කරත්... ටිකෙන් ටික ගුරුවරුන්ට අමතක වෙලා යනවා... ඕනෑම හඳුනාගැනීමකට (definitions) එහායින් තියෙන මහා සුවිසල් කලාපය සහ මේ හඳුනාගැනීම් වල තියෙන සීමාවන්
ඉතිං ළමයි ටික ටික ටික ටික එක එක ආකෘති ඇතුලට ගාල් වෙන්න පටන් ගන්නවා
මූ හාවා, මූ කොටියා, මූ නරියා... මූ සිංහයා
ආ අරූ එහෙමයි... මූ මෙහෙමයි...
අරූ අරකිත් එක්ක යාලුයි.. අරකි බඩුව... අරූ චණ්ඩියා... මූ ගේ... අරකි ලෙස්බියන්... අරූට Autistic… අර ඉන්නේ ඌ පොත් ගුල්ලා... මූට මොංගල්... මූ නං මීටරේ...
____________________________________________
මේ කාලෙ ළමයි අතර විවිධාකාර සම්බන්ධතා ඇති වෙන්න පටන් ගන්නවා
මම තරුණ ළමයින්ට උගන්නද්දී එහෙම ඕන තරං දැකලා තියෙනවා අමුතු අමුතු සම්බන්ධතා
ඒවා ආදර සම්බන්ධතාත් නෙමේ... ලිංගික සම්බන්ධතාත් නෙමේ... හොර ඩීලුත් නෙමේ... ඒ ඔක්කොම වැඩිහිටියන්ගේ අර්ථ දැක්වීම් නෙ...
ඒවා ඔක්කොම මිනිස් සම්බන්ධතා
කාන්දම් ආකර්ශනය වෙනවා වගේ
සමහර ආකර්ශන විකර්ශන කොහොමද වෙන්නෙ කියලා අපිට ඒක රේඛීයව තේරුම් ගන්න හරිම අමාරුයි
සමහර සම්බන්ධතා අති සංකීර්ණයි... ගුරුවරුන්ගෙ දෘශ්ඨි, ආකෘති, පරිපාලනමය ව්‍යුහ සුනුවිසුනු වෙලා යන තරමට සමහර සම්බන්ධතා හරිම ගුප්තයි
ශාරිරිකව ලං වුනත් නැතත් සමහර බැඳීම් හරිම සුවිශේෂීයි
ඉවක් තියෙන ඕනෑම ගුරුවරයෙක්ට ඒක ටික ටික තේරෙන්න පටන් ගන්නවා
ගුරුවරු තමුන්වම කණ්නාඩියෙන් දකිනවා වගේ... මේවාට ප්‍රතිචාර දක්වන්න පටන් ගන්නවා...
මේවා දිහා... ඒක ආදරයක්ද, ලිංගික ඇසුරක්ද නැත්තං මහා විනාසකාරි දෙයක්ද යන්න ඍජු විග්‍රහ වලට ක්ශණිකව එන්නෙ නැතිව විවෘත ඇසකින් ටිකක් බැලුවොත් (beyond definitions)...
පේනවා... ඒවා විශේෂ ශක්ති ක්ෂේත්‍රයන් කියලා
එවැනි සම්බන්ධතා වල තියෙනවා අති විශේෂ වූ පරිකල්පන හැකියාවන්, අලුත්ම දෘශ්ඨි කෝණයන් හෝ ඒගොල්ලන්ගෙම විශ්වයන්
හැබැයි ඒක හරිම බිඳෙන සුලු දෙයක් (fragile)
තන අග තියෙන සියුම් වතුර බිංදුවක් වගේ, මලක රේණු වගේ... නැත්තං මිනිසාගෙ ඇස හෝ හර්ද වස්තුව වගේ හරිම ස්වභාවික සියුමැලි නිතර වෙනස් වෙන දෙයක්
එවැනි අති සුවිශේෂී බැඳීම් කළමනාකරණය කරගන්න ගුරුවරයාට දැනීමක් හෝ සහජ ඉවක් අවශ්‍ය වෙනවා
ඒක කොහෙන්වත් උපාධි ගහලා ඉගෙන ගන්න බෑ කියලා මට හිතෙන්නේ
උපාධි වලින් ඉගෙන ගන්න පුලුවන් දේවල් තියෙනවා බැරි දේවලුත් තියෙනවා
සමහර නෛසර්ගික දේවල් කොච්චර බලෙන් ඉගැන්නුවත් පිහිටන්නෙම නෑ
සහජයෙන් එන දේවල් තියෙනවා - ආයාසයෙන් ඉගෙන ගන්න පුලුවන් දේවල් තියෙනවා
ඉතිං මෙහෙම සම්බන්ධතා ගුරුවරු දැක්ක ගමන් බහුතරයක් දෙනා සර්පයාට භය වෙලා වගේ මේ බැඳීම් මරලා දාන්න මාන බලනවා
එහෙම සම්බන්ධතා මරලා දාන්න ගුරුවරු අති දක්ශ වෙලා තියෙනවා - මිලිටරි සහ ආගමික පුහුණුවන් ලබලා තියෙනවා
ආගම, ජාතිය, ශිශ්ඨාචාරය හෝ මිනිස් වර්ගයාගෙ සුභසිද්ධිය උදෙසා කියලා තුවක්කු අමෝරලා මෙවැනි ක්ෂේත්‍රයන් කෙලෙසලා දාන්න ගුරුවරු වහා පියවර ගන්නවා
සමරිසි හෝ ද්විරිසි හෝ සංක්‍රාන්ති හෝ එක එක නම් කියන්න පුලුවන්... ඒත්
මිනිස් වර්ගයා කියන්නෙ මහා සංකීර්ණ ස්වභාවික දේහයක්
එහෙම විවිධාකාර නම් ගම් දාලා හිර කරලා මිනිසාව විග්‍රහ කරගන්න එච්චර ලේසි නෑ - එහෙම ලේසි නං අවුරුදු සියදහස් ගාණක් මිනිස් වර්ගයා මෙහෙම පවතින්නෙත් නෑ
එවැනි තමාට තේරුම් ගන්න අමාරු දේවල් විනාස කරලා දාන්න අපේ රටේ ලෝකෙ වැඩිහිටියෝ බහුතරයක් ඉන්නෙ මාන බලාගෙන
එහෙම දෙයක් ඇති වුන වහාම ගුරුවරු හෝ වැඩිහිටියො හෝ පරිපාලකයා කිපෙන්න පටන් ගන්නවා
නිකං හරියටම සර්පයෙක්ව දැක්කා වගේ
ඒක සර්පයාගෙ අවුලක්ද... වැඩිහිටියගෙ අවුලක්ද... කාටද පිස්සු? පිස්සටද? ඩොක්ටර්ද?
____________________________________________
සාමාන්‍යයෙන් වැඩිහිටියො කියන මේ ඊනියා ගුරුවරු කරන්නේ තමුන්ට තියෙන සියලුම බලතල පාවිච්චි කරලා
මේ "දරුවන්ගේ" මෙවැනි ආදර සම්බන්ධතා වලට පහර ගහලා ගහලා... අපහස කරලා... නින්දා කරලා... උන්ට දිවිනසා ගන්න තැනට පත් කරන එක නෙමේද...
ඒවගේ දෙයක්... මහා පොළොව නුහුලන අපරාධයක් නෙමේද...
මොකද... එහෙම මැරුවට පස්සෙ... ආයෙත් ඒ මල පිපෙන්නේ නෑ... ආයෙත් ඒ සුවඳ විහිදෙන්නෙ නෑ... ආයෙත් ඒ ශක්තිය ඇති වෙන්නෙ නෑ... ඒ ශක්තිය මහා ඛේදවාචකයක් බවට පෙරලෙනවා මිසක්...
ආයෙත් ඒ... බුද්ධිමය අවකාශය නිර්මාණය වෙන්නෙ නැති වෙයි... වුනත් මහා ඩැමේජ් වෙච්ච විකෘතියක් ඇති වෙන්න පුලුවන්...
අපි දන්නවා දැන් AI වලින් හදන ගෑණූ රූප පිරිමි රූප මාර පරිපූර්ණයි (perfect)
ඒත් ඇත්ත මිනිස්සු එහෙම නෑ නේ
ඇත්ත මූණක් ටිකක් ඇදයි නේ
ලස්සනම කෙනා වුනත් ලං වුනාම ටිකක් කැතයි නේ
____________________________________________
100% හෝ 0% නැති සැබෑ ලෝකෙ අපි හදන්න යනවා මහා පරිපූර්ණ තත්වයන් (ideals)
එහෙම තත්වයක් පවතින්නෙ නැති බව අපි දන්නවා... කිසිම ආකාරයකින් අපි අතර ස්ථීර පරිපූර්ණත්වයක් පවතින්නෙ නෑ... නමුත් අපි එවැන්නක් උපකල්පනය කරලා එතනට ළඟා වෙන්න උත්සහා කරනවා
ශුන්‍යයක් පවතින්නෙ නැති වුනත් අපි ශුන්‍යයට සීමා වෙනවා (ආසන්න වෙනවා)
මේ ව්‍යායාමයේදී අපි රැකගන්න ඕනෙ නැද්ද... මිනිස් සුවඳ... මිනිස්කම... අපරිපූර්ණත්වය සහ එහි ඇති අපරිමේය ස්වභාවය....
කිසිදා පවතින්නේ නැති මහා පරිපූර්ණ උපකල්පනයකට ළඟා වෙන්න ගිහිල්ලා හත්පොලේ ගාගෙන ලේ වගුරපු රටක් ලෝකයක් නෙමේද මේ...
____________________________________________
විශේෂයෙන්ම ලිංගිකත්වය ගැන වැඩිහිටියට ඇති විචිකිච්චාව මේ වගේ සම්බන්ධතා හරහා හෙළිදරව් වෙන්න පටන් ගන්නවා
ලිංගිකත්වය කියන්නේ බුද්ධියෙන් පරිභාහිර වූ හුදු භෞතික කාරණාවක් පමණද?
එහෙම මල් තලපු, අර අහිංසක හිත් මරපු, විස පොවපු ගුරුවරු ඉහලින් ඉහලට යනවා
අලුත් අලුත් තනතුරු හම්බෙනවා
තුවක්කු යුධ හමුදා බලය ඒගොල්ලන්ට හම්බෙනවා
එහෙම සම්බන්ධතා මරන්න මරන්න ඒගොල්ලන්ට මහා හයියක් ඇති වෙනවා
නරුම වෙනවා... තව තව යුදකාමි වෙනවා... හැමදේම දේශපාලනික කරගන්නවා... ඒගොල්ලන්ට අහිමි වුනු අතීතය ඒගොල්ලො විසින්ම විනාස කරගන්නවා...
මේ ඊනියා වැඩිහිටි ගුරුවරු කරමින් සිටින්නේ... සිය දිවිනසා ගැනීමක් නොවේද...
එවැනි ශෘංගාරාත්ම අඩවියකට පය තියන්න බැරි දුර්වලතාවය මේ ගුරුවරු අවියක් විදියට භාවිතා කරලා...
මේ ළපටි මල් කැකුලු මහා රත් වෙච්ච යකඩ අඬු වලින් අල්ලලා අඹරලා දාන්න පටන් ගන්නවා...
එහෙම කරලා... ඒ මල් කැකුලු... තමුන්ට ඕන විදියට හදලා... අඹලා... තමුන්ගෙ ඊනියා වැඩිහිටි ලෝකෙට කැඳවාගන්න උත්සහා කරනවා...
එහෙම වැඩිහිටියො වෙච්ච වුන්... ආයෙත් උන් ලොකු වෙලා... එමම කරනවා...
මේක ඉවරයක් වෙන්නෙ නැති මුග්ධකමක චක්‍රයක් නොවේද?
____________________________________________
අතීතයේ වයස අවුරුදු 13දි විවාහ පවා සිද්ධ වෙලා තියෙනවාලු නේ
අපෙ අම්මගෙ ආච්චි විවාහ වෙලා තියෙන්නෙත් ඒ වගේ පොඩි කාලෙ කියනවා
එයා අනූ ගානක් ජීවත් වුනා - පරපුරක්ම බිහි කරා - දන්න තරමින් අවුලක් නං නෑ
අපි ඊනියා බටහිරවාදී / ක්‍රිස්තියානිවාදි ජීව විද්‍යාත්මක සහ මනෝ විද්‍යාත්මක කාරණා අනුව අද හිර වෙලා හිටියත්
මිනිස් වර්ගයා ඊට වඩා සංකීර්ණ සහ දියුණු ස්වභාවික සත්වයෙක් නොවෙයිද?
බටහිරෙන් අශිශ්ඨයි කිව්වෙ බැලින්නං මහා දියුණු තත්වයකට වෙන්න බැරිද?
බටහිරෙන් ආපු යටත්විජිත වාදි ආකල්ප හිස මුදුනේ තියාගෙන හැමදේම ස්ථීර පදනම් විදියට කූඩු කරන්න, ආකෘති කරන්න සහ හිර කරලා බෙදලා පාලනය කරන්න හුරු වුනු අපි
අද වෙද්දි... මට හිතෙන්නේ... ලොකු මානව වටිනාකම් ගොඩක් අහිමි කරගෙන තියෙනවා කියලා...
ඉහත කිව්ව කුඩා අහිංසක දරුවො ඒ ලෙවල් ඉවර වෙද්දි නිශ්ශබ්ද වෙලා ගල් වෙලා යක්කු වගේ නරුම වෙන හැටි මම දැකලා තියෙනවා
ඒක මහා ඛේදවාචකයක් නෙමේද?
ඒක දැකලා මට තවදුරටත් ඒ මල් වට්ටියට අත තියන්න බැරි හින්දයි මම ඉස්කෝලෙන් අයින් වුනේ
ආයෙ ආයෙ මම ගියත්... යන්න හැදුවත්... ඒක හරි ගියේම නෑ...
මට දැනෙන්නෙම ඉස්කෝලයක් කියන්නේ දැන්... මනස ප්‍රෝග්‍රෑම් කරන මැශිමක්... ඒක ෆැක්ට්‍රියක් වෙලා... මට දුකයි ඒ ගැන... වෙලාවකට මර කේන්තියි...
ගොඩාක් ළමයි බිල්ඩින් වලින් පනිනවා, බෙහෙත් පෙති බොනවා මැරෙන්න, බ්ලේඩ් තල වලින් කපාගන්නවා
ඇයි ඒ?
මහා ධාවනකාරී රොකට් එකක් බර කරත්තයක හිර කරාම මොකෝ වෙන්නේ?
අපි නවීන මිනිස්සු ඉන්න දියුණු අනාගතයක් කියලා දකින්න ඕනා මහා ලෞකීක දේවල් පමණද
අපි භෞතිකව මහා දියුණුවකට ළඟා වෙලා තිබුනත් මානසිකව කොච්චර නොදියුණුද
සුනාමි එන්න කලින් සත්තු ඔක්කොම ආරක්ශා වෙද්දි... උන් දුවද්දි... අපි ගියා පස්සට ගිය මුහුදේ ඉඩං බෙදා ගන්න
ඈත අතීතයේ ඉඳන් සත්තු විදියට අපට තිබ්බ "ඉව" අද වෙද්දි මස්ත බාල්දු වෙලා මොට වෙලා අපි මෝඩයෝ වෙලා තියෙනවා
මේ සරල ස්වභාවික කාරණාව තේරුම් ගන්න නොහැකි ඊනියා පාලකයන් / දෙමව්පියන් / ගුරුවරුන් මහා දියුණු යැයි කිවූ තාක්ෂණයන් පරිභෝජනය කරමින් හිටියත්
විවිධාකාර වූ මොල සෝදන බයිබල් පාඨ කට පාඩං කරමින් හිටියත්
තව තව ආරක්ශාවට සෙබලුන් යොදවමින් තුවක්කු අමෝරා ගත්තත්
ඔවුන් නොදැනීම මානසික වහලුන් බවට පත් වනවා නොවේද (indoctrination)
____________________________________________
මා ඉහත කිවූ යථාර්ථය දකින ගුරුවරු හෝ වැඩිහිටියො නැතුවා නෙමේ
ඒගොල්ලන්ගෙ දළ කපලා, කට වහලා... ඇඟ බැඳලා... දුකයි!
මහා මජර වෙළඳපොළක් හරහා... ආසාව කියන නාස් ළණුව දාලා ඕනෑම විශිෂ්ඨයෙක්ව හිර කරන්න පුලුවන්... බර කරත්ත අද්දවන්න පුලුවන්... ඕනෑම දාර්ශනිකයෙක්ව කඩේ යවන්න පුලුවන්...
ආශාව එච්චර තියුණුයි
ආශාව මර්ධනය කරලා වගේ ඉන්න පැවිද්දන් අද මහා දවල් කරන දේවල් අපට පේනවා...
මහා කෘතිම විනයකින් තමුන්ට වද දෙන උදවිය පිපිරලා යන්නේ මහා විකෘති විදියට කියලා අපි දන්නවා
ටිකක් බුරුල් වෙමු... ලිහිල් වෙමු... කියලා මම රටේ ලෝකෙ පාසල් වල නිවස් වල පල්ලි පන්සල් වල ඉන්න ගුරුවරුන්ගෙන් වැඩිහිටියන්ගෙන් ආයාචනා කරනවා
ඒ මං වෙනුවෙන් නෙමේ... මගේ මල තලලා ඉවරයි... වීදුරු මන්දිර කුඩු කරලා ඉවරයි... දැන් ආයේ ආපස්සට යන්න බෑනෙ...
අඩුම ගානෙ අද ඉපදෙන උන් වෙනුවෙන්වත් අපි පොඩි හරි පියවරක් ගන්න ඕනෙ නැද්ද?
අර්ජුමාන්
07.09.2026
No comments:
Post a Comment
Note: only a member of this blog may post a comment.